Friday 28 June 2013

දික්කසාදය 

      මං කසාද බැන්දේ පෙරුම් පුරලා , මගේ විවාහය කල් ගියා , ඒ ඇයිද කියන්න මං දන්නේ නැ . අම්මල මට මනමාලයෝ හෙව්වා , කේන්දර බැලුව . එක එක්. කෙනා ගෙන්නුවත් එක්ක මාව බලන්න , එත් ඒවා හරිගියේ නැ . මගේ කරුමේ හින්දද දන්නෙත් නැ. මට රස්සාවක් තිබුන රජයේ එකක් මං ඉස්පිරිතාලේ වැඩකලේ . ඉතින් කවුද මට අකමැති වෙන්නේ , මං හිතුවේ එහෙම , කසාද බැන්දේ නැ කිව්වම , ඒක නිකන් මට අඩුවක් වගේ , මාත් ආසයි මුද්දක් දාන්න .

        ඔහොම ඉන්න කොට අම්මල මට තව යෝජනාවක් ගෙනාව , එයාට රස්සාවක් නම් නැ , ඒත් වතු තියනවා කිව්වා . අදායම් තියන නිසා , මාත් ඒකට කැමති උනා . අපේ කේන්දරත් ගැලපුනා බොහොම හොදට . මිනිහත් හොදයි , ටිකක් අහිංසක පාටයි . ඉතින් අපේ කසාදෙ මාසයක් ඇතුලත රෙජිස්ටර් කරා . මගේ හිතට ලොකු සතුටක් දැනුන . දැන් ඉතින් මංගල්ලෙට ලේස්ති වෙන්නත් ඕනනේ , මන් මගේ , මගුල් ඇදුම හදා ගත්ත . තව තව බඩුත් ගත්තා .හෙට අනිද්දා එයත් එක්ක යන නිසා , හීන ගොඩක් දැක්කා .

        ඔය අතරේ , අපේ අම්මට ආරංචි වෙලා , මගේ මිනිහට වයස වැඩියි කියල , කවුදෝ කියලා , අම්ම යුද්දේ පටන් ගත්ත , හොයල බැලුව , ඒක ඇත්තක්ද කියල , කතාව නම් ඇත්ත , මේ මිනිහ අඩු වයසක් දාල කේන්දරේ හදල , මට වඩා අවුරුදු නවයකට වැඩිමල්ලු . දැන් මට හතලිස් දෙකයි  , ඉතින් අම්ම කියනවා හොර කේන්දර හදල බැන්ද හින්ද කේන්දර ගැලපෙන්නේ නැතිලු , ඕක , අතහැරලා දාපන් පුතේ කියල අම්ම මට කියනවා  . මගේ මංගල සිහිනය දෙපාමුල කඩන් වැටුන . ඔලුව ගිනි අරන් මන් කල්පනා කරා , මොකද කරන්නේ කියල . මගේ හිතට අවේ දික්කසාද වෙයන් කියන උත්තරය , 

            මන් දික්කසාද නඩුව දැම්ම , මුලාකරලා කසාද බැන්ද කියල , අනේ , ඒ මිනිහ අහිංසකව බලන් හිටිය , මං දික්කසාදය ඉල්ලුව , වන්දි ඕන නැ . දවසින් දවස නඩුව කතාකරා , තීන්දුව දෙන්න අන්තිම දවසත් ආවා . අනේ , අර මනුස්සයාගේ ඇස් දෙකේ කදුළු පිරිලා . මට දික්කසාදය ලැබුන . මගේ හිත කිරි ගැහිලා ගියා . මාව ගැස්සිලා ගියා . මගේ කසාදෙ කොලේකට සිමා වෙලා උසාවියෙන්ම අවසන් වෙලා ගියා . මං කල්පනා කරා මට මොකද උනේ කියල , කේන්දර ගැලපෙන්නේ නැ කිව්වම , මට ඒ මිනිහව එපා උනා , ගෙදර කට්ටිය මට එක එක දේවල් කිව්වා . එත් මේ මිනිහගේ කිසිම වැරද්දක් මන් දැක්කේ නැ , මාව රැවට්ටුව තමයි , බොරු වයසක් දාල , ඒත් ඒක කරලා තියෙන්නෙත් මාව ඕන හින්දලු . මන් දැන් මොකද කරන්නේ , දැන් අපි දික්කසාද වෙලා . 

      සමහර විට මං ආයේ කසාද බදින එකක් නැතිවෙයි . දැන් මගේ වයසත් පහුවේගෙන එනවා . බැන්දත් අර වගේ මනුස්සයෙක් නම් මට ආයේ හමුවෙන එකක් නැ . කසාදයේ සතුටට  වඩා , මට දික්කසාදය දැඩි වේදනාවක් උනා . ඒත් අපි එක දවසක්වත් ලංවෙලා , ඉදල නැ , මට දැන්නම් , ඒ මනුස්සයා ගැන මොකද්දෝ ආදරයක් දැනෙන්න පටන් ගන්නවා .

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.