මෙම චීන බබා ගැන වාර්තා වෙන්නේ චීනයේ , ෆුජියාන් පළාතේ , ජින්හුවා නගරයේ මහල් නිවාසයක , වැසිකිලි නලයක් තුල සිරව සිට නැවත ජීවිතය ලැබූ වාසනාවන්ත දරුවෙක් ලෙසය , සිද්ධිය සෝචනීය වුවද ජීවත්වීමේ අයිතිය සොබාදහමට උදුරාගත නොහැකි විය .

බිලිදා සමග නලය රෝහල වෙත ගෙන ගොස් නලය කපා , බිලිදා එලියට ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට හැකිවිය . බිලිදා සිරවී සිටියේ අගල් 4ක් පළල පි වී සි නලයකය . දින දෙකක් වයසැති , රාත්තල් 5ක් බර ඇති බිලිදා ජින්හුවා මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබයි . බිලිදා නම්කර ඇත්තේ බේබි 59 ලෙසය .
බිලිදාගේ හිස්කබලට තුවාල සිදුවී ඇති අතර ඇග පුරාම සිරීම් තුවාල ඇත . මේ වන විට දරුවාගේ සවුක්ය තත්වය යහපත්ය . බිලිදාගේ මව ,22 හැවිරිදි අවිවාහක තරුණියක් බවත් , හදා ගැනීමට නොහැකි නිසා වැසිකිලි වලට දැමු බවත් පොලිස් පර ප්‍රශ්න කිරීම් වලදී හෙළිවිය . මේ වන විට ඇය රෝහල් කාමරයේ බිලිදා ලග සිටින බව වාර්තා වේ .
No comments:
Post a Comment
Please write your comment .
Note: only a member of this blog may post a comment.