Tuesday 11 June 2013

මනෝමය ප්‍රේමය 






      ආදරය අපට මානසික අවශ්‍යතාවයකි . එහෙත් , ඒ මුලික අවශ්‍යතාවය ඉටු කරගන්න ගොස් ජිවිතයෙන් වන්දි ගෙවූ සහ ජිවිතයම විදවන්නන් අද සමාජයේ බහුලව දකින්නට හැකිවී ඇත . හේතුව කුමක්ද යන්න තවම හරිහැටි සොයා ගෙනද නැත . සිතෙහි ඇතිවන බලවත් තෘෂ්ණාව , අයිතිකර ගැනීමට ඇතිවන අධික ආශාව මෙම සිද්ධිය සදහා හුදෙක්ම බලපා ඇතැයි සිතිය හැක . සැකය හා අවිශ්වාශය නිසා සියදිවි හානිකර ගැනීමද , අනෙක් තැනැත්තාගේ ජීවිතය විනාශ කිරීමද මේ සංසිද්ධිය හරහා සිදුව ඇත . 

       අප සිතන්නේ මේ තත්වය ලාංකීය සමාජයට පමණක් උරුමව ඇත කියායි , ඒත් එය එසේ නොව , ලෝකයටම පොදු ධර්මතාවක් වී සාමාන්‍යකරණය වී ඇත . අප කෙනෙකුට ප්‍රේම කරයිද , ඇය හෝ ඔහු , කෙලෙසද අපේ සිතගියාවන්ට , ගැලපෙන සේ හසුරුවන්නේ ? ඔහුට හෝ ඇයට වෙනම, වෙනමම ජිවිතයක් ඇත . අවශ්‍යතා පොදු ස්වභාවයක් නොගනී , පාරිසරික සාධක වෙනමම බලපායි , ඉතින් කෙලෙසද අප ජිවන රටාවට වෙනයම් චරිතයක් අනුගත වෙන්නේ , ආදරයේ කැපකිරීම් කැමැත්තෙන් කල යුතුය . යම්තාක් දුරට , එමගින් අදාල තැනැත්තා අනුගත කලහැක . එහෙත් , එය සදාකාලික කැපකිරීමක් නොවනු ඇත . ආත්මය පුපුරා යන්නේ එවිටයි . මෙයට උගත්කම හෝ වයස බලපාන්නේ නැත . මනස මුලිකව ක්‍රියා කරයි .

          අපේ , මගේ කියා කිසිම දෙයක් නැත . අයිතිකර ගැනීමට වඩා රදවා ගැනීමටයි අප උත්සහ කල යුත්තේ . ලෝකය වෙනස් වන සුළු වගේම සියලු දේ කලකින් වෙනස් වේ . සත්‍ය හා ප්‍රයෝගිකත්වය අවබෝධ කරගත යුතුයි . ජිවිත විනාශ කර ගන්නවට වඩා , කල යුතු බොහෝ දේ ඇත . දරාගත නොහැකි සිතුවිලි සමුදායක අවසානය මරණය නොවේ . දරාගත නොහැකි ආශාවන් අප කාටත් ඇත . අප සමාජයට මතක හිටින යමක් කල යුත්තේ , භයානක සිද්ධියකට මැදිහත්ව නොව ,සුන්දරවූ නිර්මාණයකට දායක වීමෙනි  . ස්වභාව ධර්මයා යහපත් සියලුදේට ආශීර්වාද කරයි . විශ්ව ශක්තින් අප සමග ඇති නිසා , නිමාවක් නැති සිතුවිලි ධාරා ලෝකයේ පැවැත්ම පිණිසම යොදා ගත යුතුය . මට තනියම ගොඩ නැගිය හැක යන සංකල්පයේ පිහිටන්න පුළුවන් නම් , අප මිට වඩා ඉස්සරහින් හිදිවී .   

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.