Saturday, 22 December 2012



                                                   තනි තටුවෙන් පියාඹන්න ..............

                           ස්ත්රීත්වය ඇයට ශාපයක් ලෙස සිතුනි . වයස අවුරුදු දහයදී , නිවසේ පැවති අගහිගකම් හා අඩු සැලකිලි මතජානකි නිවසින් පැන  ගියාය . හෝටලයක මෙහෙකාර  කමේ කලක්  . පිරිමින් හා උරෙන් උර ගැටී රැකියාව කලා . ජානකි උනුන් අතර සුවිශේෂය . වෙනස ගැටළුවක්  වූ කල , ඔවුන් ඇය මේසයක් මත නග්ගා , ලිංගිකත්වය එලියට ගන්නා ලදී . සමාජය ඉදිරියේ ඇය ප්රථම වතාවට නිරුවත් විය . ස්ත්රිත්වයට  ශාප කරමින් ඇය වයස දහහතරේදී ගැබ් ගත්තාය . බල වයස් කාරියන් වූ බැවින් ඔවුන් ළමා නිවාසයක හැදුනි . වයස දහාටෙදී  , දරුවාගෙන් වෙන්ව , නැවත සමාජගත විය

                                  ලිංග පරික්ෂා සියල්ල අබිබවමින් ඇය ,යුධ හමුදා සේවයට සෙබළකු ලෙස බැදුණි . ඇය කදිම කොලු ගැටයකු ලෙස පෙනුණු බැවින් ,  ඉහල නිලදාරියකුට ලිංගික අල්ලස් දී හමුදාවට එක් වුවද , වසර දෙක , තුන යන විට ඇය අනෙක් සෙබළුන්ටද ඕනෑ  විය . ඇයට  විරුද්ධ ලිංගික ආකර්ශනයක් නොවිය . රස්සාව තිත්ත විය . හමුදාව හැර ගියේය . නව යොවුන් තරුණයකු ලෙස ස්ත්රීත්වය යටපත් කරමින් , වරින් වර විවිධ  රැකියා වල නිරත වෙමින් , ඇය  මේ , විට , ගැරේජ් වැඩ , රියදුරු කම ආදී සියල්ල උගෙනමින් , පිරිමියකු ලෙස පරිපුර්ණ වන්නට විය . කොල්ලන් අතර ඇය පොරක් විය , බජාර් බැස්සේය . කාටත් හිත හොද විය

                                       ඇය ආදරය කළේය ආදරය උගත්තේය , ස්වභාව ධර්මයට එරෙහි වන්නට ඇයට නොපිළිවන . එහෙත් ඇය ප්රේම කලේ , තවත් ස්ත්රින්ටමය . වෙනස එයයි . විවාහ වීම දරුවන් හැදීම , ඇයට අහම්බයක්ම විය . සිතුවිලි සාමාන් විය . සමාජ හානි ,වෙනත් විෂම චර්යා ඇයට නොවිය . බෙහෙවින් අහිංසකව  තමන්ගේ පාඩුවේ ජිවත් වන්නට පමණක් ඇයට ඕන විය . නමුත් , සමාජ වට පිටාව තුල ඇය කෙසේ පවතිම්ද ? යහළුවන් සමග සිටිද්දී , ඇය  අත්අඩංගුවට  පත් වුයේ , නීති විරෝධී ආයුධ ලග තබා ගැනීමේ වරදටය . නැවත ස්ත්රීත්වය හරස් වෙමින් පොලිසියදී ඔවුන් එකම කුඩුවකට  දැමීම හේතුවෙන්  , තවත් වරක් ඇය නිරුවත් වුයේ , තව දුරටත් පිරිමියකු ලෙස පවතින්නට .නොහැකියවෙනි .

                                                  කාලයකටම ඇය බන්දනගාරගත විය . එය ඇයට  විශ්ව විද්යාලයක්ම විය . බොහෝ දේ උගෙන ගත්තේය . පෙර , වෙනත් වැරදි නොවූ ඇය , කලහකාරී වන්නටත් , මත්  කුඩු බොන්නටත් පටන් ගැනුනි . එහිද ඇයට පෙම්වතියක් විය . ඇය කුඩු මුදලාලි කෙනෙකු විය .ජානකි නිදහස්ව ගියද , යන්නේ බොරැල්ලේ සිටින සිය කුඩු පෙම්වතිය ලගටය . පුෂ්ටිමත්ව සිටි ඇය කෙසග විය . මේ වන විටවරින් වර බොරැල්ලේ    මන් සංදී වල ජනකිව නෙත ගැටේ . ඇය උඩුගම් බලා  ගොස් ඇත

                                            අශෝක හදගම තනි තටුවෙන් පියාබන්න බැරි බව අපට .කිවේය සමාජ තුල  ස්ත්රිත්වයට පවතින්නට බැරි ඇයිද යන්න ඔහු කිවේය . සමාජ අසාධාරනකම් මොනවාද පෙන්නුවේය . තවත් ජනාකිලා සිටින්න පුළුවන .   පුද්ගලයා මනින එකම මිම්ම ලිංගිකත්වය නොවන බව ඇයි  ? වටහා නොගන්නේ ..... එබැවින් වරද ජනකිලාගේද ? සමාජයේද ?

සටහන 
ශෂිකලා දුලෂිනි  ජි . පුංචිහේවා 


Friday, 21 December 2012

         ලෝක විනාශය .........

 ග්රහ තරු කැළඹෙයි .....
මාරුතේ හඩලයි ........
 සුදු මුදු ගුවනත අදුරු වලාවන් ........
 නළ මුදු සුළගේ කටුක වියලි බව .....

 දරනු කෙලෙස මිහිමත ඉරි තලමින් ......
 ගිනි දැල් පිබිමින් දොරේ ගලා යයි .......
 දෙරණත කලබා විසුළු වෙසින් .......
 ගම් බිම් නිහඩයි සියලු සතා මෙන් ....

වංක ගිරියක අතරමංව .......
 ඇස් වැසි දුහුලින් තුලනය නොවී ....
කිනිසි අත දරා යොමුව බිම නෙතු ....
වරද සොයමින් වල්මත්ව නෙතු .....
 සොයනුයේ ලෝක විනාශයමද .....?

 පබැදුම

 ශසිකලා දුලෂිනි ජී . පුංචිහේවා

Wednesday, 13 June 2012

අයාලේ ගිය නුඹ


             අයාලේ ගිය නුඹ ..............

අයාලේ ගිය නුඹේ වත සිව්මන්සලක නතරව

වැඩිම ලන්සුවකට වෙන්දේසියක තප්පුලන

කවරකුගේ මන දොළ සපුරන්න රුසිරුව පෙළ ගැසී ....

උවම් දිගහැර , නෙතු සිසිල පිහාදමා  වාරු හැර

ශෝබමනාව පේවී සුගන්ධයෙන් මන්මත්ව හිදින කල

මන්සලේ දිවෙන විදුලි ධාරා රුධිර සරණයට වඩා වේගෙන්

නුඹත් පසුකර නුඹෙන් ඇතට දුව ගියත් උකුසු ඇස්

නුඹව සොයමින් , එකතු කර බා ගන්නට මාන බලන සරි

විගහට දිවවිත් , දොරැර , ඇතුලට ගුලි ගැසී පියඹා යයි

නන්නාදුනන සොදුරු පුරවරයක දැහැන් ගත වන්නට

සොදුරු සිහිනයේ අවසාන හෝරාව පසු කරලන්නට නොහැකිව

වල්මත්ව , විපිලිසරව නීතියේ යදමින් නුඹ වට වෙද්දී

දිනෙක පාදඩ නිතිය නුඹව වට කරන් අයාලේ ගිය වරදට

හුදකලාව උකටලීව , වරදක් නොවූ වරදට විද සිර දඩුවම්

හෙම්බත්ව , කුටුම්භයක සුසුම්ලන නුඹේ හද හැමදාම

හැම විදියකම , දෝංකාරය නොදෙයිද ශාපලත් පුරවරයේ .....

                    පබැදුම

            - ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා -



Tuesday, 3 January 2012

සමුගත් පෙම්වත .....

දුරු කතර ගෙවා .... මාරු කතර සොයන් ....

සංසාර පුරුද්දට

මේ ආත්මයෙත් අප හමු වන්න ඇති ...

දෑසින් දෑසට ලංව බලන් අපි ...

පැතුවා පැතුමක් දැගිලි බදිනට ....

දැල්වෙන නියෝන් එලි අතරින් ....

තාරුකා ඇස් දිහා බලාන

අපි අපේම වන්නට පැතුවා .....

නොපුරුදු පුරවරයේ ..... සිතල සුළගට

අරලිය මල් සුවදක් හැමුවා .....

කන කොක් හද තලමින්

ඉගිලෙන බමන සලෙලුන්

නුබ මගෙන් ඇතට ගෙනේ ගියා .....

මදැස් ඉදිරිපිට අවසන් සුසුමත් සිතල සුළගට මුසු උවා ...

කියන පෙම්වත නුබ මට අහිමි කල .....

ඉසිබුලන බමන රැල ....

ශාපලත් දේශයක ඔටුනු පලදියිද හෙට ....

නුබ අහිමි කල යුක්තිය මට

මතු සසේරදිවත් පිහිටක් වෙයිද .....?

ශෂිකලා දුලශිනි ජි පුංචිහේවා

Friday, 9 December 2011


දැහැන ..................

සරා සද මෝදු වී තෙමා වැටි කදුරැල්ල

තරු නෙතට ඉගි කරන් විසිර ගිය හසරැල්ල

කොද කැකුළු පුදින සිසි කැලුම් නල රැල්ල

දර ගනු කෙලෙස තුටු හදවතට සිහිලැල්ල



වනපස මලින් පිදුම් ලැබූ නිරමිසයන්

පරසතු මදාරා අකැප වූ පාරමිතාවන්

වඩන්නට බවුන් නොදැනෙන්න මල් පවන්

මිරිගු දිය නොපැගි පා ඔසන සදරුවන්



හිරු නැගී මල් පිපි සියොත් කල හැඩවී

නෙතු බැදී මන බිදී හද ඇතුරු සරාගී

මල් මන්ද මාරුතේ කැලඹ ගිය නුරාගී

දැහැන් ගත සමාධිය සිත් ඉමෙන් හමාවී



ශෂිකලා දුලශිනි ජි පුංචිහේවා


Sunday, 4 December 2011

මිලින වන මල්



විවාහ යොජනාවකින් ඔවුහු විවාහ විය. විවාහයෙන් පසුව ඔවුන් ඔවුන්ටම කියා සාදා ගත් නිවසේ පදිංචි විය. ඔහු උපාධිධාරි ගුරුවරයෙකි. ඔහුගේ පෙරත්තය මත ඇය රුකියාවක් කලද රුකියාවෙන් ඉවත් විය. ටික කලකින් ඔවුන්ට පිරිමි දරුවකු ලැබින.

ජීවිතය සමිපුර්ණ වුවා යයි ඇය සිතන්නට විය. එහෙත් සිදුවුයේ වෙනත් දෙයකි. ඔහුගේ හැසිරීම එන්න එන්නම වෙනස් වන්නට විය. ගෙදර වියදම සදහා දෙන මුදල් ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු කරන්නට විය. දෙන මුදල දරුවාට සහ කෑම වියදමටත් මදි වන්නට විය. වැඩිපුර මුදල් ඉල්ලු විට බැනුමි අහන්නට ඇයට සිදු උනි. එහෙත් ඇය ඉවසුවාය. ඔවුන් අතර අඩ දබර ඇති වන්නට විය. ඔහුත් ඇයත් නිවස තුලම තනි තනිව ජීවත් වන්නට පුරුදු වුහ. ඔවුන් අතර කථා බහ නොවුනි.

ඔහු තවත් වෙනස් වන්නට විය. හැසිරීමි රටාව අමුතු විය. වරෙක දරුණු විය. කෝප විය. එහෙත් දරුවාට ආදරය විය. අවුල් වු පවුල් ජීවිතයෙන් මිදෙන්න ඇයට උවමනා විය. ආදරයක් නැති සලකන්නෙත් නැති මනුස්සයෙක් සමග කෙලෙස ජීවත් වන්නට දැයි ඇය සිතන්නට විය. ඇය ඔහුගෙන් වෙන්වී දරුවාත් රුගෙන ඇය ඇයගේ නිවසට යන ලදි.

දෙමාපියන් හටද ඇය හා දරුවා නඩත්තු කිරීමට අපහසු විය. මෙ වන විට දරුවා පාසලේ තුන වසරෙ ඉගෙනුම ලබයි. දරුවා හා ඇය නඩත්තු වීමට අධිකරණයේ පිහිට පතමින් ඇය නඩත්තු මුදල් ඉල්ලන ලදි. ඔහුට නඩත්තු ගෙවීමට සිදු විය. එහෙත් ඒ තරහට ඔහු විසින් දික්කසාදය ඉල්ලමින් නඩුවක් ගොනු කරණ ලදි.

නඩු දෙකක් මැද දරුවා වඩාත් අසරන වන්නට විය. පාසල් ගුරුවරුන්ගෙන් පැමිනිලි මව වෙත එන්නට විය. දරුවා පාසැල් වැඩ නොකර බලා ගත් අත බලා ඉන්නට විය. අමිමා තාත්තාගේ ආදරය නොලැබුන විට දරුවාගේ පෞරුෂයට මෙවා බලපාන්නට විය. ඔහු පාසල තුලදීත් වඩා හුදකලා විය. ගුරුවරු මවටත් පියාටත් පාසලට පැමිනෙන ලෙස දන්වන ලදි. එහෙත් පියා පැමිනියේ නැත. ඇය තවත් ප‍්‍රශ්න මැද අතරමන් වන්නට විය.

මෙ වන විටත් ඔහුගේ හැසිරීම අමුතු වුයෙන් ඔහු උගන්වන පාසලේ ගුරුවරුන්ගේ මතය වුයේ ඔහුගේ මානසික තත්වයද කලක් තිස්සේ වෙනස් වමින් පවතින බවයි. එහෙත් ප‍්‍රථිකාර ගැනීමටද ඒ බව පිළිගැනීමටද ඔහු අකමැති විය. ඇයට මෙ සියල්ල කලක් තිස්සේ දැනෙන්නට විය. එහෙත් කල හැක්කක් නොවුනි.

ඔහු බාහිරව සාමාන්‍යය පුද්ගලයෙකි. එහෙත් මානසික රෝගියෙකි. තම පවුල වෙනුවෙන් යුතුකමි ඉටු නොකරන්නෙකි. අන් මත නොඉවසන්නෙකි. තම දරුවාගේ අනාගතය අදුරු වන තෙක් බලා සිටින ඔහු උගන්වන පාසලේ දරුවන් වෙනුවෙන් යමක් කරාවිදැයි සැක සහිතය. කවදා හෝ වරදක් වන්නට ඉඩකඩ නිර්මාණය වී ඇත.

රටක අනාගතය බාර ගැනීමට සිටින දරුවන් මෙලෙස අසරනභාවයට ලක් වන්නේ දෙමාපියන්ගේ වරදිනි. බිදුණු පවුල් තුලින් සාර්ථක දරුවන් බිහි වන්නේ නැත. එවැනි දරුවන් සමාජයට තවත් බරකි. දෙමාපියන් තීරන ගත යුත්තේ තම දරුවන් ගැන සිතා බලාය. නඩු දෙකක් පැවරීම තුලින් දරුවන්ගේ ප‍්‍රශ්න විසදෙන්නේ නැත. නීතිය සියල්ල නොවිසදවයි ඒ බව සියල්ලෝම මතක තබා ගත යුතුය.

සටහන
ශශිකලා ඩී ජී පුංචිහේවා





Saturday, 3 December 2011

කුණාටුව .......

l=kdgqj

Wvq iq<. uqiqj .sh iqkre;a me;=us fmdos

yo ojd fk;= mqmqrd .,d .sh l¥¿ ns|

cSjs;h hoskakla lr ux uq,dj

ysre i¥o fkdue;s l, ¥l¥reh yeu js,i



yud .sh iev myr cSjs;h W¥r f.k

ysusj ;snq jika;fh jsisr .sh iqiqus je,a

udre;h oreKq uq;a fYaY jq jika;fha

fln¥ f,i je,fmao .Õk;u l<Uuska



uf,a ulrkao mdj .sh fnd,a iq<fÕa

jsh,s njනොම  oekqks lgql jq osjs oshfUs

brs‘;e,S nsojegS j,a je¥Kq yo forfKa

ljr osk refoajso <f;;a jq osh ns|la



YYsl,d vS cS mqxpsfyajd