Sunday 4 December 2011

මිලින වන මල්



විවාහ යොජනාවකින් ඔවුහු විවාහ විය. විවාහයෙන් පසුව ඔවුන් ඔවුන්ටම කියා සාදා ගත් නිවසේ පදිංචි විය. ඔහු උපාධිධාරි ගුරුවරයෙකි. ඔහුගේ පෙරත්තය මත ඇය රුකියාවක් කලද රුකියාවෙන් ඉවත් විය. ටික කලකින් ඔවුන්ට පිරිමි දරුවකු ලැබින.

ජීවිතය සමිපුර්ණ වුවා යයි ඇය සිතන්නට විය. එහෙත් සිදුවුයේ වෙනත් දෙයකි. ඔහුගේ හැසිරීම එන්න එන්නම වෙනස් වන්නට විය. ගෙදර වියදම සදහා දෙන මුදල් ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු කරන්නට විය. දෙන මුදල දරුවාට සහ කෑම වියදමටත් මදි වන්නට විය. වැඩිපුර මුදල් ඉල්ලු විට බැනුමි අහන්නට ඇයට සිදු උනි. එහෙත් ඇය ඉවසුවාය. ඔවුන් අතර අඩ දබර ඇති වන්නට විය. ඔහුත් ඇයත් නිවස තුලම තනි තනිව ජීවත් වන්නට පුරුදු වුහ. ඔවුන් අතර කථා බහ නොවුනි.

ඔහු තවත් වෙනස් වන්නට විය. හැසිරීමි රටාව අමුතු විය. වරෙක දරුණු විය. කෝප විය. එහෙත් දරුවාට ආදරය විය. අවුල් වු පවුල් ජීවිතයෙන් මිදෙන්න ඇයට උවමනා විය. ආදරයක් නැති සලකන්නෙත් නැති මනුස්සයෙක් සමග කෙලෙස ජීවත් වන්නට දැයි ඇය සිතන්නට විය. ඇය ඔහුගෙන් වෙන්වී දරුවාත් රුගෙන ඇය ඇයගේ නිවසට යන ලදි.

දෙමාපියන් හටද ඇය හා දරුවා නඩත්තු කිරීමට අපහසු විය. මෙ වන විට දරුවා පාසලේ තුන වසරෙ ඉගෙනුම ලබයි. දරුවා හා ඇය නඩත්තු වීමට අධිකරණයේ පිහිට පතමින් ඇය නඩත්තු මුදල් ඉල්ලන ලදි. ඔහුට නඩත්තු ගෙවීමට සිදු විය. එහෙත් ඒ තරහට ඔහු විසින් දික්කසාදය ඉල්ලමින් නඩුවක් ගොනු කරණ ලදි.

නඩු දෙකක් මැද දරුවා වඩාත් අසරන වන්නට විය. පාසල් ගුරුවරුන්ගෙන් පැමිනිලි මව වෙත එන්නට විය. දරුවා පාසැල් වැඩ නොකර බලා ගත් අත බලා ඉන්නට විය. අමිමා තාත්තාගේ ආදරය නොලැබුන විට දරුවාගේ පෞරුෂයට මෙවා බලපාන්නට විය. ඔහු පාසල තුලදීත් වඩා හුදකලා විය. ගුරුවරු මවටත් පියාටත් පාසලට පැමිනෙන ලෙස දන්වන ලදි. එහෙත් පියා පැමිනියේ නැත. ඇය තවත් ප‍්‍රශ්න මැද අතරමන් වන්නට විය.

මෙ වන විටත් ඔහුගේ හැසිරීම අමුතු වුයෙන් ඔහු උගන්වන පාසලේ ගුරුවරුන්ගේ මතය වුයේ ඔහුගේ මානසික තත්වයද කලක් තිස්සේ වෙනස් වමින් පවතින බවයි. එහෙත් ප‍්‍රථිකාර ගැනීමටද ඒ බව පිළිගැනීමටද ඔහු අකමැති විය. ඇයට මෙ සියල්ල කලක් තිස්සේ දැනෙන්නට විය. එහෙත් කල හැක්කක් නොවුනි.

ඔහු බාහිරව සාමාන්‍යය පුද්ගලයෙකි. එහෙත් මානසික රෝගියෙකි. තම පවුල වෙනුවෙන් යුතුකමි ඉටු නොකරන්නෙකි. අන් මත නොඉවසන්නෙකි. තම දරුවාගේ අනාගතය අදුරු වන තෙක් බලා සිටින ඔහු උගන්වන පාසලේ දරුවන් වෙනුවෙන් යමක් කරාවිදැයි සැක සහිතය. කවදා හෝ වරදක් වන්නට ඉඩකඩ නිර්මාණය වී ඇත.

රටක අනාගතය බාර ගැනීමට සිටින දරුවන් මෙලෙස අසරනභාවයට ලක් වන්නේ දෙමාපියන්ගේ වරදිනි. බිදුණු පවුල් තුලින් සාර්ථක දරුවන් බිහි වන්නේ නැත. එවැනි දරුවන් සමාජයට තවත් බරකි. දෙමාපියන් තීරන ගත යුත්තේ තම දරුවන් ගැන සිතා බලාය. නඩු දෙකක් පැවරීම තුලින් දරුවන්ගේ ප‍්‍රශ්න විසදෙන්නේ නැත. නීතිය සියල්ල නොවිසදවයි ඒ බව සියල්ලෝම මතක තබා ගත යුතුය.

සටහන
ශශිකලා ඩී ජී පුංචිහේවා





No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.