Tuesday 3 January 2012

සමුගත් පෙම්වත .....

දුරු කතර ගෙවා .... මාරු කතර සොයන් ....

සංසාර පුරුද්දට

මේ ආත්මයෙත් අප හමු වන්න ඇති ...

දෑසින් දෑසට ලංව බලන් අපි ...

පැතුවා පැතුමක් දැගිලි බදිනට ....

දැල්වෙන නියෝන් එලි අතරින් ....

තාරුකා ඇස් දිහා බලාන

අපි අපේම වන්නට පැතුවා .....

නොපුරුදු පුරවරයේ ..... සිතල සුළගට

අරලිය මල් සුවදක් හැමුවා .....

කන කොක් හද තලමින්

ඉගිලෙන බමන සලෙලුන්

නුබ මගෙන් ඇතට ගෙනේ ගියා .....

මදැස් ඉදිරිපිට අවසන් සුසුමත් සිතල සුළගට මුසු උවා ...

කියන පෙම්වත නුබ මට අහිමි කල .....

ඉසිබුලන බමන රැල ....

ශාපලත් දේශයක ඔටුනු පලදියිද හෙට ....

නුබ අහිමි කල යුක්තිය මට

මතු සසේරදිවත් පිහිටක් වෙයිද .....?

ශෂිකලා දුලශිනි ජි පුංචිහේවා

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.