Sunday, 3 February 2013

Social

නිදහසක් නැති නිදහස .....
                                           1948 අප රට නිදහස ලැබිය . එතෙක් මෙතෙක් අප අර්ධ වුත් පුර්නකලිනවුත් නිදහස භුක්ති විදින්නෙමි .සියලුදේට අපට නිදහස ඇත . කතා කරන්න ,ඇවිදින්න ,කැමති  විදියට ජිවත් වෙන්න මොනවද අපට නැත්තේ , ප්රජාතන්ත්රවාදී රටක් සතු සියළු අය්තිවසිකම් අපට ලබා දී ඇත . ප්රශ්නයකට ඇත්තේ අප දැන් සියලු දේ භුක්ති  විදින්න බියගුළු වීමයි .

                                            නිදහසට නිදහස අහිමි  විය . උත්තරය අප ලගද ? ඔබ ලගද ? ඇයි අපි නිදහස අහිමි කර ගත්තේ , ජීවිතේට ඔහේ ගලා  යන්නට ඉඩ දෙන්නද ? නැතහොත් සව්සිරියෙන් ජිවත් වන්නට ඇති උවමනාවටද ?  ඔව් , මේ වන විට අපට සියලු දේ ලැබී ඇත්නම් තවත් සැප කුමකටද . අප කා බි ප්රීති වෙමු ,නටමු ගයමු , මිහිපිට එකම සුරපුරයකි .
             
                                             එක්වරම විශාල මහනුවර  නුවර තුන්බිය පහල විය සියල්ලෝ බලාගත් අත  බල උන්හ . පෙරේත ගද දස අත පැතිරෙන්නට විය නුවර ජනශුන් විය , රතන සුත්රය ගයා  මර බිය පලව හරිය යුතුය , මිනිසුනේ එක්රොක් වී සියලු දෝෂ භංගස්ථාන කල යුතු කාලය  එළැබ ඇත .
                                              නිදහසක් නැති නිදහස අප සමරන්නෙමු . වසරින් වසර අපේ නිදහස මතක් කරලෙමු . නැවත අප වහල් යුගයට පුනරාගමනය කරන්නේ දැයි ඇසිය යුතුව ඇත . ඉනික්බිති එළබෙන්නේ දඩයම් යුගයයි , තවත් යා  යුතු දිශාවක් නැත . මෙවර එතනින් ඉදිරියට එන්නවත් ටිකක් හිතමු අප නිදහසේ 

සටහන 
ශෂිකලා  ඩි  ජි පුංචිහේවා 

Monday, 28 January 2013

Social


අවිචාරය 

               මානුෂිය හැසිරීම් වලට සිමා මායිම් නැත . බන්ධන හා ගැලපිම්ද  නැත . නිදහස හා අභිරුචිය පමණක් අදාල වේ . පමණක් මනුෂ්යයෝ මෙලෙස ජිවත් වෙති .තවෙකෙකු දමාගත් රාමුවක ජිවත් වෙයි . විප්ලවීය සමාජ බිහි වෙන්නේ අවිචාර යුග තුල බව අපට පැහැදිලිය .  බොහෝ දේ කරනු ලබයි . ගෝලීයකරණය ඔවුන්ව ඉදිරියටම ගෙන යයි . විවිධ ඉසවු කරා , පිනුම් ගහමින් , අලුත් දේ උගෙනී . එහෙත්අවිචාරය ඔවුන් පසුපස හඹා එන බව නොසිතේ  , 
                බුද්ධිය හා අවිචාරය ගැටිය  හැකිදැයි මිනිසා  වටහා  ගෙන නොමැත . අවිචාරය බුද්ධිය ගිල ගනිමින් ඉදිරියටම යන ආකාරය වර්තමාන සමාජය දෙස බැලීමෙන් පෙනී යයි . ජීවත්වීම අද කලාවකි . එය විකුණගෙන කෑම බොහෝදෙනා විසින් මේ වන විට සිදු කරනු ලබයි .  පරාර්ථය ඉස්මතුවීම වරදක් . නොවේ . එහෙත් එය සමාජ  හානියක්   නම් , වරදක් වන්නේය . මේ වන විට සමාජ පිළිල   කිහිපයක් වර්ධනය වෙමින් පවතී . බලය හා මුදල් මත  පදනම් වෙමින් අවිචාරය ගලා  යයි .
                  යුක්තිය ගෙදර ගියාය , නොකළ  වරදකට ඇය ජීවිතය දුන්නාය , ගම්බිම් හා සතා සිව්පාවා විනාශ මුකයට ඇද .හැලුනහ . ජීවිතය  රගහලක් කර ගන්නට සිතු ඇයද මහමග ගුටි කා  බලහිදී . අවිචාරය  සියල්ල අබිබවමින් ඉදිරියටම යයි . මානුෂිය  හැගීම්  තවමත් සදාචාරය සෙවීම වරදක් නොවන්නේදැයි විමසිය යුතු වන්නේ , එලෙසිනි . සියලු දේට සදාචාරයක් තිබිය  යුතු යයි ,  කිව යුතුය . එහෙත් වාරණ අවශ් නැත . නිර්මාණශීලි ගතිකත්වය සමාජ දියුණුව  කරා    රැගෙන යයි . මිනිසා නැවතත් දෙපයින් සිටගත යුතුමය . එවිට අවිචාරය .පලායයි

 සටහන 
ශෂිකලා ඩි  ජී  පුංචිහේවා 

Wednesday, 9 January 2013

Social


පවුල් උපදේශනය 

                                සෑම මහේස්ත්රාත් අධිකරණයකම පවුල් උපදේශන සේවාව පවුල් උපදේශන නිලධාරී  යටතේ ,  මේ වන විට ආරම්භ කර ඇතී බව , දැකගත හැක . මෙම සේවාව යටතේ ,අධිකරණයට යොමු වන දික්කසාද නඩු , පවුල් ආරවුල් ,නඩත්තු නඩු, ආදී මෙම සේවා ගණයට වැටෙන නඩු , විසදීමට විනිසුරුවරයාට පවුල් උපදේශන සේවාව උපකාරී වේ .

                                 මෙහිදී  පවුල් උපදේශන නිලධාරී විසින් විනිසුරුවරයා  යොමු කරන අදාල නඩු සදහා නිර්දේශ සපයනු ලබයි . නිලධාරියාපාර්ශවයන් තම නිල කාමරයේදී උපදේශනය හා දැනුවත් කිරීම් වලින් පොහොසත් කර නඩු පමාව හා පාර්ශවයන්ගේ අනවබෝධ ඉවත් කර , ඉක්මන් විසදුමක් වෙත යොමු කරයි

වරෙක මෙය සමාජ සේවාවකි . නිලධාරියට තෘප්තිමත් සේවයකි . දරුවන්ගේ අනාගතය හා සමාජ වටපිටාව තුල ආරක්ෂණය .කරන්නකි . පවුල් ප්රශ්න අදාල පාර්ශවයන් විවෘත භාවයෙන් යුතුව සාකච්චා වේ . තම අඩුපාඩු වටහා  ගනී . අනෙක් අතට නීති නිලධාරීන්ට නම් නඩු අඩු වීමක් හා නඩුවේ ඉක්මන් විසදුම් තුලින් තම ආර්ථිකයට හානියක් වේ . කෙසේ වෙතත් දුප්පතුන්ට නම් සහනදායි සේවාවක් මෙමගින් සැලසේ . අධිකරණ සේවාව තුල මෙවැනි උපදේශන සේවාවන් තිබීම එක් සමාජ ප්රශ්නයක් විසදිමකි .

සටහන 
ශෂිකලා  ඩි  ජි පුංචිහේවා