Monday, 22 July 2013

වර්තමාන ශ්‍රිලංකාවේ මලල ක්‍රීඩාව හා ක්‍රීඩිකාවන්ට අත්වූ ඉරණම




          ක්‍රීඩාවට  එදා අප සැලකුවේ මහත්වූ දේවත්වයෙනි ක්‍රීඩා භුමිය ,හරියට පුජාභුමියක් තරම් ගරු සැලකිල්ලක් හා ගාම්භීරත්වයක් දැරූ තැනක් බවට පත් උනා . අපි ක්‍රීඩාවකට අවතීර්ණ උනේ භූමියට වැදලා , ආශීර්වාද අරගෙන . ක්‍රීඩා ගුරුවරුන්ට අදත් අපි සලකන්නේ මහත්වූ භක්තියෙන් . ක්‍රීඩාව අපේ ජිවිතයට දුන් දේ බොහෝයි . පොළොවේ පයගහල අද අපි ඉන්නේ , ඒ  ආනිසන්සෙන් , අද අපි ස්ථාවරව ඉන්නවා , එත් වර්තමාන මලල ක්‍රීඩාව දිහා බලපුවම ,එදාට වඩා අද බොහෝ වෙනස් තැනකයි තියෙන්නේ . ක්‍රීඩාව ලෝකය සමග ඉදිරියට ගියාට , අපේ මලල ක්‍රීඩාව නම් පසුගාමී තත්වයකයි තියෙන්නේ කියල , ඕනෑම කෙනෙක් දන්නනවා . එදා වගේ සුපිරි තරු අද නැ . තරු පැයුවත් ,ඉක්මනින්ම කඩන් වැටිලා  . මෙයට හේතුව කුමක්ද කියා නම් ක්‍රීඩා විචාරකයෝ හා දිනපතා ක්‍රීඩා භුමි වල සැරිසරන්නන් නම් දන්නනවා ඇත . 

         මලල ක්‍රීඩා සදහා සුදුසුකම් ලබා ගමෙන් කොළඹට පැමිණෙන ගමේ ළමුන් රට තොට ,මනුස්ස සත්වයා ගැන නොදැන ක්‍රීඩාව තුල පෙන්නන දක්ෂකම් නිසා , මුලින්ම වල්මත් වීමට පටන්ගෙන ඇත . මේ නොදන්නා ළමුන් වටේ ,කැරකෙන අනුග්‍රාහකයෝ නිසා , මේ තත්වය උදාවී ඇති බව තතු දන්නෝ හා අත්දැකීම් ලබා ඇති ඇතැමුන් විසින් පවසති . ඔවුන් මේ ක්‍රීඩිකාවන් හට හදුන්වා දෙන්නේ ඔවුන්ගේ පුහුණුකරුවන් විසින්මයි . සපත්තු දෙකේ ඉදල , කෑමබීම වියදම් පවා දරමින් එක , එක ක්‍රීඩිකාව සදහා අනුග්‍රාහකත්වය සපයයි . පසුව ජංගම දුරකථන හරහා ඔවුන්ගේ දුකසැප විමසයි . වඩාත් හිතවත්වූ විට ,තම රථයෙන් හවසට ගමන් පහසුකම් සලසයි . මේ සියල්ල උදව් වේ . ඉන්පසු මේ හිතවත්කම් වඩාත් දුර ගොස් , අනුග්‍රාහකයෝ ක්‍රීඩිකාවන් තම ඇද වෙතට නිකන්ම ගෙන්වා ගැනීමේ කුමන්ත්‍රණය කර අවසන්ය . මේ ළමුන්ට ඇදුම් පැළදුම් අරන්දී යහමින් මුදල් හදල් ලබා දී ,අවශ්‍ය නම් ගෙවල් දොරවල්ද සදා දෙන තරමට ඔවුන් ධනවත් හා ආදරණිය වන්නේය . ඉතින් , ක්‍රීඩාවේ අරමුණු පසෙකලා , සැප සම්පත් පසුපස යන මේ නොදරුවෝ , කවදා ශ්‍රීලංකා වාර්තා පිහිටවන්නද ?

       මෙම ක්‍රියාවලිය සදහා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහල පුටු වලින්ද දායකත්වය ලබාදේ , අවශ්‍ය වූ විට ඔවුන්ටද , මේ විවෘත ලිංගික සුරකැම සදහා දායක වීමට අවස්ථාව ඇත . ක්‍රීඩිකාවන්ට විදේශ සංචාර ලැබෙන්නේ , මේ දක්ෂකමට වඩා මේ ක්‍රමයට බැවු සමහරු පවසති . මේවට  අකමැති වූ ක්‍රීඩිකාවන්ට නිලධාරීන්ගෙන්  කුඩම්මාගේ සැලකිලි ලැබෙයි . මෙලෙස වැඩි කලක් නොදුවා පස්ස බිම ඇන ගන්නා ක්‍රීඩිකාවෝ , ඉක්මනින්ම ගෙදර නවතිති . නැත්නම් , දවල්ට දුවා රැට , ගණිකාවන් සේ සේවයේ යෙදෙති  . උතුම් ලෙස රැකදුන් ක්‍රීඩාව මෙලෙස කරනම් ගසන ආකාරය තතු දන්නෝ දනිති . ඇගිල්ල දිගු වන්නේ දෙපර්ශයටමය . මේ සමාජ ක්‍රමය යටතේ , වැරදිකරුවන් කවුරු වුවත්  සත්‍ය වටහාගෙන , මලල ක්‍රීඩාව ගොඩ ගන්නේ නම් අතීතයේ බිහිවූ සුපිරි තරු වලට කරන ගව්රවයකි . නැතිනම් , තව දුරටත් මලල ක්‍රීඩාවක් ඉතිරි වන්නේ නැත . 

Saturday, 20 July 2013

නිදහස ඉල්ලා හඩා වැටෙන මුස්ලිම් දරුවෝ


         අල්ලාහ් දුන් ජීවිතය ජිවත් වෙන්න තරම් , ආශීර්වාදයක් කරගන්න බැරුව , හඩාවැටෙන දරුවෝ කොතෙක් ඇත්දැයි , දැන් දැන් හෙළිවී තිබෙනවා , මලාලගෙන් පසුව , අනිත් දරුවනුත් තමන්ට සිදු වූ අසාධාරනකම්  ගැන කියන්න.  පෙළගැහිලා , මුලින්ම තම පවුල තුලින් මතුවූ මෙම අපරාධ , තව තවත් මුස්ලිම් සමාජය දක්වා නිතිය අතට ගනිමින් , ආගමික අන්ත මතවාදී කුරිරුකම්, ශුද්ධ සිරිත් ලෙස ක්‍රියා කිරීමට පටන්ගෙන ඇත . ලෝකයටම අයිති මානුෂික අයිතීන් උල්ලංඝනය කරමින් , සාහසික ලෙස මෙම අපරාධ කිරීමට පෙළඹව ඇත . 

        මේවා වෙනමම ජාතියක අපරාධ ලෙස සංඛ්‍යාලේඛන ගත කිරීමට සිදුවී ඇති වුවද  . අපරාධ ඉතිහාසයේ නවතම සංසිද්ධියක් ලෙස සටහන් කරන්නට සිදුවවත් , අනියම් ලෙස පෙර සිටම සිදුවූ නිහඩ අපරාධ ඝනයේ , අපරාධ ලෙස අපට පිළිගැනීමට සිදුව ඇත . ආගම් ඇත්තේ මිනිසුන්ගේ සිත් නිවී පහන් කිරීමටය , එහෙත් , මුස්ලිම් ආගම තුල ඇත්තේ , සිත් කුපිත කරවන ඉගැන්විම්ය . මිනිස්සු තලා පෙලා දමන ආගම් , මිනිසුන් විසින්ම ප්‍රතික්ෂේප කලයුතු වේ . 

       තම ආගම එපාවූ ඇමෙරිකා  එක්සත් ජනපදයේ දැරිවියක් ක්‍රිස්තියානි ආගම වැලදගත් හේතුවෙන් සිය පියා විසින් තම දියණිය මරා දැමීමට ගත් තීරණය නිසා , ගෙදරින් පැනගොස් ලෝකයටම තම ආගමේ ඇත්ත හෙළි කරන ලදී , එහෙත් අවාසනාවට ශ්‍රීලාංකික දරිවියෙකි . ඇය පවසන අන්දමට , මෙය මුස්ලිම් සමාජයේ සිදුවූ එකම සිදුවීම නොව , කියා ගන්න බැරි දහසක් දරුවන් මේ මුස්ලිම් අපායේ අන්ත දුක් විදින බවයි . මුස්ලිම් නීති කඩන දරුවන් තම පියා හෝ සහෝදරයකු අතින් මැරුම්කන බව අද ලෝකයට රහසක් නොවේ . එසේ නම් ළමා හා කාන්තා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගැන , ලෝක මානව හිතවාදීන් පියවර නොගන්නේ මන්ද? සියල්ලෝම නිහඩව සිටි . කිසිදු අයිතිවාසිකමක් නොලබන එකම කොට්ටාශය , කාන්තාවන්  බව හා ස්ත්‍රීවාදය ,මුස්ලිම් සමාජයේ තහනම් වචනය බවට් පමණක් වලංගුව ඇත .

    ළමා ලෝකය සුන්දර ලෙස විදින්නට නොහැකිව ලතවෙන මේ දරුවෝ , කොතෙක් නම් පීඩාවන් ඉවසා ඇත්ද? අප අතර සිටි පාසල් යුගයේ අපේ මුස්ලිම් යාළුවන් අදවන විට , කොහේ සිටිනවාදැයි පවා අප නොදනන්නෙමි . හේතුව , අප තරමට ඔවුන්ට සමාජ සම්බන්ධකම් නොතිබූ නිසා හා භාහිර ක්‍රියා කාරකම් වලට සභාගි නොවූ නිසාවෙනි . ඒ , ඔවුන් පෙළු පීඩනයයි . පුදුම තරමේ සික්ෂණයක් හා ඉවසීමක් ඔවුන්ට තිබීම අපද පුදුම කරවිය . එහෙත් ඇත්තට යටින් තිබු යථාර්තය දැනගත්දා , සුසුමක් පමණි අපට හෙලන්ට සිදුව ඇත්තේ ......අපේ ළමා ලෝකයට වඩා නුඹලාගේ ළමා ලෝකය බෙහෙවින්ම වෙනස් එකකි .

Wednesday, 17 July 2013

සිනමා අර්බුද හරහා ඉගිල්ලෙන්න මාළුවෝ



                සිනමාව සුන්දර ක්ෂේත්‍රයක් වූ කල මාළුවන්ට ඉගිලෙන්න බැරි උනාට පීනන්න  නම් තහනම් නැ නේද...? එසේ නම් ,  මෙවැනි සුන්දර වූ කඩ ඉමක  සිදුවූ විපරියාසය කුමක්දැයි ප්‍රේක්ෂක අපට තවමත් සිතාගත නොහැක . ඉගිල්ලෙන මාළුවෝ අපි තාම දැක්කේ නම් නැත . ඒත් .... ඉගිල්ලෙනකම් බලා සිටියෙමු . ඒ ... ලෝකේ වටේ ඉගිල්ලී හැඩ බලපු ආරංචිය නිසයි . අහපු විදියට අපුර්ව නිර්මාණයක් බව දැන ගන්න ලැබුන . 

             නමුත්, හෙනයක් පත්වුණා වගේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී , පැවැත්වූ  ප්‍රංශ සිනමා උලෙලදී ඉගිල්ලෙන මාළුවෝ වාරණයට ලක්වෙද්දී ,සිදුවුයේ කුමක්දැයි අප තාම නොදනිමු . ලකවේදී නම් මාළුවන්ට ඉගිල්ලෙන්න බැ වගෙයි අපට හිතෙන්නේ . හරියට අහසින් ගිය ඉබ්බාට උන කතාව තමයි තාමත් මතකයට එන්නේ . ඒත් එය විහිළුවක් නම් නොවේ .

       ලෝකයේ කරක් ගසා සිනමාව ගැන ඉගෙන ගත්තු සංජිව පුෂ්ප කුමාරට වැරදුනේ කොතනදැයි ,අප තාම දන්නේ නැත . එහෙත් දෙයක් සිදුව ඇත . මත කීපයක් ගොඩ නැගී ඇත . නිර්මාණයක් යනු ජාතියක අනන්‍යතාවයයි . ජාතියක් පාවාදීමේ අයිතියක් කාටවත් නැත . මෙය නොදන්නේද ? නිර්මාණකරුවකු . වැරදුනේ ඔහුට නොව අපට වියහැක . මාළුවෝ ඉගිල්ලෙනකම් බලන් හිටපූ එක ......  නිර්මාණය සාර්ථක නම් ගැටුම් බොහෝ වෙයි . එය අප දන්නා සාමාන්යකරණයයි , අලුත් දෙයක් දකින්න අපිත් ආසයි කලාව රසවිදින නිසා ,  ඒත් මාළුවෝ ඉගිල්ලෙනකම් ආයෙත් ,බලන් ඉන්න වේවි . අර්බුද අවසන්ව සාමකාමී අවසානයක් දකින්නත් මාළුවන්ට ඉගිල්ලෙන්න පුළුවන් වාතාවරණයක් ලැබෙන්නත් ,  සිනමාව තුලින් අප බලාපොරොත්තු වෙමු .


Sunday, 14 July 2013

නැගිටින්න මලාලා ආයෙත් .......




               ඇය පකිස්තානු දැරියකි . ලෝකයම මලාලා ගැන දැන ගත්තේ , අද්යාපන නිදහස පිළිබද ලිපියක් අන්තර්ජාලයට මුදා හැරීමේ වරදිනි . තලේබාන්  සටන්කාමීන්ගේ වෙඩි උණ්ඩයකට ලක්ව ජීවිතයත් මරණයත් අතර සටන් වදිද්දි අල්ලාහ් ඇයට ජීවිතය දුන්නායයි ඇයගේ ආගමට අනුව අප සිතමු . ඇය දිනුවාය . නැවත නැගිට්ටේ පෙරටත් වඩා දැනුමෙන් සන්නද්ධ වීමෙනි . ඇය එක්සත් ජාතීන්ගේ සම්මේලනයක් ඇමතුවාය . ඇයගේ කතාවට අප සවන් දුනිමු . දෑස අදහාගත නොහැක . ඇය පැහැදිලිවම අදහස් දැක්විය . සියල්ල සත්‍ය යයි අප දනිමු . එහෙත් ඒ කටුක සත්‍ය අන්තවාදීන්ට ඇයි නොතේරෙන්නේ? 

             මේ වනවිට එක්සත් රාජධානියේ ඇය අද්‍යාපනය ලබයි . සියලු මුස්ලිම් දැරියන්ගේ අද්යාපන අයිතිය ගැන ඇය කතා කලාය . අන්තවාදීන්ට අද්‍යපනයක් තියා අකුරු හැකියාව වත් තිබේදැයි මේ අනුව සැක සහිතය . තුවක්කුව අතට ගත් ඔවුන් උගත්කමට බයවී ඇත . කාන්තාවන්ගේ බලයට බයවී ඇත . කාන්තාවන් මර්ධනය මුස්ලිම් සමාජයේ සාමාන්‍ය සිද්ධියක් වන තරමට ඔවුන් බුද්ධිය යටගසා ඇත . මේ සියලුදේට එරෙහිව මලාලා දැන් නැගීසිටි ,පීඩනය එතරම් ප්‍රබලව ඇත . එහෙත් තලෙයිබානුවන් පුරසාරම් දොඩවයි , මලාලා නැවත ඉලක්ක කරගන්නා බව පවසා ඇත . ඇයි කාන්තා නිදහසට ඔවුන් මෙතරම් බය ? ආගම හා අද්‍යාපනය අතර ඇති නොගැලපීම කුමක් විය හැකිදැයි අපට නම් ප්‍රෙහෙලිකාවකි .

              සියලු ආගම් වලට අප ගරු කරන්නෙමු . එහෙත් මිත්‍යාවට දන නොගැසිය යුතුය . මිනිසුන් තලා පෙලා දමන දැඩි නීති වලට උදහස් වන්නෙමු . සත්‍යට මුහුණ දියයුතු කාලයක , බෙදීම් ඇතිකර ගත යුත්තේ අයි?  ලිංගභේදය   අසමානතාවක් වුයේ කෙසේද ? පොදුදහම ස්වභාවදහමයි . යුක්තිය , ස්භාවික යුක්තියයි , එසේ නම් , වෙනත් නිවට නියාලු නීති වලින් වැඩක් නැත . සියලු දෙනාටම එකවගේ ජීවත්වීමේ අයිතිය තහවරු වන ලොවක් දැකීම සියලු මුස්ලිම් කාන්තාවන්ගේ ප්‍රාර්ථනාව බව අප දනිමු  පර්දාවට මුවාවී විදවන ජිවිතයේ කෙළෙවරක් , තිබිය යුතුය . මලාලා , මේ ප්‍රර්තනාවට දැන් අත පොත් තබා ඇත . අල්ලාහ් දෙවියනි ඇයට ආශීර්වාද කරන්න . 

Wednesday, 10 July 2013

බලන් කඩතුරා හැර දෑසේ ....




         මානව හිමිකම් සියලු මනුෂ්‍යන්ටම පොදුය , තමන් කැමති විදියට ,අනුන්ට කරදරයක් නොවන ආකාරයට ජිවත් වීමට ,ස්වභාව ධර්මයා ,අපට ඉඩදී ඇත . එසේනම් , ඇයි ? මේ විදියට එක් ජන කොට්ටාශයකට විතරක් , සමහර අයිතීන් නැති කරලා තියෙන්නේ ? මනුෂ්‍ය දහම පොදු දහමකි . ආගමික නීති කුමටද අපට ,අවශ්‍ය රීති තියෙද්දී , නීති කැඩුවම දඩුවම මරණයද? 

         පකිස්ථානයේ ,එක පවුලේ පහළොස් හා දහසය හැවිරිදි ගැහැණු දරුවන් දෙදනකු සිය නිවෙස් භුමියේ නිදහසේ වැස්සට තෙමි තෙමි නර්තනයේ යෙදීම , මරණයට පත්කළ යුතු වරදක්ද? නාදුනන තුවක්කුකරුවෙකුට ඔවුන් බිලිවුයේ නරුමයකු විසින්  එම නැටුම් දර්ශනය වීඩියෝ ගතකොට අන්තර්ජාලයේ මුදා හැරීම හේතුවෙනි . නිදහස  , කොයි තරම් වටිනවද , ළමා ලෝකයට .... 
දැරියන්ගේ ජිවිත එලෙස සදාකාලයටම නිගඩ කරවුයේ ෂරිය නීතියේ තරම ලෝකයට කියාදෙන්නද ?

       මෙය පළමු සිදුවීම නොවන අතර ඉදිරියේදීද මෙවැනි සිදුවීම් මුස්ලිම් ලෝකය තුල සිදු වනවා ඇත . තලෙයිබානයේදී එක් පාසල් සිසුවියක් නිදහස් අද්‍යාපනය ගැන කතා කරද්දී , ඇයටද උත්තර දුන්නේ වෙඩි උණ්ඩයකිනි , රිසානා සදහටම නිහඩ කරවුයේද ඔවුන්ගේ ඒ නරුම නීතියයි . තවත් කාලයක් මුස්ලිම් කතුන්ට පර්දාවට මුවාවූ නිදහස වෙනුවෙන් හිල්ලිමට සිදුවනවා ඇත . එය උපන් ගෙයි වරදකි . ෂරිය නීතියට තවත් හාස්කම් ඇත . ඔවුන්ගේ පුරුෂාධිපත්‍ය ,කාන්තාවන්ගේ මානුෂිය අයිතීන් තවදුරටත් උල්ලංඝනය කරනු ඇත . තවත් තස්ලිමා නස්රුදින්ලා බිහිවීමේ කාලයක අවශ්‍යතාව මතුව ඇත . දැන්වත් ඔය කඩතුරාව විවර කරනු මැන , සියලු කතුනි .

Sunday, 7 July 2013

Social බලාපොරොත්තු සහ කඩවීම්


බලාපොරොත්තු සහ කඩවීම් 

             ජීවිතය අප ජිවත් කරවන්නේ බලාපොරොත්තු වලින් , අහස උසට පරිකල්පනය කරමින් ඒ තුල අප , අපේ ජීවිතය ගොනු කර ගන්නවා . මේ ක්‍රමය සාර්ථකද? කාටවත් කියන්න පුලුවන්ද ...? ජීවිතය දිනන විදිය මේක කියල . අපි කැමති නම් මෙහෙම හිතන්න , ඒත් , යථාර්ථවාදය මෙය නම් නොවේ . ලෝකය යායුතු දිශානතියට යනවිට , අපට ඊට ප්‍රතිවිරුද්ධව යා නොහැක . ඝට්ටනය පටන් ගන්නේ එතනින් , මේ කඹ ඇදිල්ල හින්ද  තමයි , අපේ බලාපොරොත්තු කඩවෙනවා කියන්නේ .

           උපකල්පන සැම විටම නිවැරදි නැ . අප මේ යථාර්තය ,දැනගත යුතුයි . යම් දෙයක් පිළිබද අධික බලාපොරොත්තු ඇති කරන් , ඒවා කැඩුනම , අපේ ප්‍රතිචාර සැමවිටම යහපත් නොවේ . මේ දිනවල අසන්න ලැබෙන සිද්ධීන්ට සාපේක්ෂව , ඉක්මන් කෝපය මත හා , මානසික වියවුල්තාවය මත සිදුවූ අපරාධ සංඛ්‍යාත්මකව ඉහල ගොස් ඇත . ප්‍රේමය බිද වැටුන තැන , අනෙක් පාර්ශවයේ දිවි තොර කිරීමට තරම් , සිතුවිල්ලක් අපට ඉපදෙන්නේ , මෙලෙස ඇති කරගත් අධික බලාපොරොත්තු නිසාද? නැතිනම් දෙපාර්ශවයේම ,දිවි නැතිකර ගැනීම යුක්ති සහගතද? මෙය එක සන්සිධියක් පමණි , 

           නැතහොත් , අපට ලැබෙන්න තියන දෙයක් නොලැබෙන විටදී , මෙවැනි අපරාධකාරී ක්‍රියාවන්ට යොමුවීම ,එකම විසදුමද? ලෝකය මේ වනවිට අපරාධ රැල්ලකට හසුවී හමාරය . එයට නියැදියක් ලෙස අප රටද ,එම රැල්ලේම කොටස්කරුවන් වී ඇත . අපරාධය යුක්ති සහගත නොවන බව අප දනිමු . එහෙත් කඩවූ බලාපොරොත්තු නැවත ඉටුවන්නේද නැත . එසේ නම් අපට මින් ලැබෙනුයේ කුමක්ද? දුක ,වේදනාව හා පසුතැවිල්ල පමණි . මේ සියලු දේ දැනෙන විට , ජීවිතය විදින්න තියන කාලය අවසන්වී ඇත .

          අපරාධකරුවන් සැමවිටම සිටින්නේ බියෙනි . කලබලකාරී බව තිගැස්ම හා නින්ද නොයාම වැනි මානසික ව්‍යාධියෙන් පෙලේ . තමාගේ වැරදි කවදාක හෝ තමා පසුපස එනබව හොදින්ම දනී . එසේ නම් මෙවැනි මානසික අසමතීකත්වයට ඇයි අප පත්වෙන්නේ , අප සැම විටම අපගේ ප්‍රමාණයට ,බලාපොරොත්තු තබා ගන්නේ නම් , මෙවැනි සිදුවීම් උදා නොවේ . ජිවිත උපේක්ෂාව අප වෙත සැම විටම තබා ගත යුතුයි . සමාජ රැල්ලේ තවත් එක් බිල්ලක් බවට අප පත් නොවිය යුතුය .

Saturday, 6 July 2013

story

90 දශකයේ ප්‍රේමය 


            මම O/L වලට  පන්ති ගියේ ඉගෙන ගන්නමද මන්ද , කියල මට නම් දැන් හිතෙනවා . එකක් ගෙදරින් නිදහස නැතිකම , අනික යන්නම් වාලේ යාම . ඉතින් , අපේ පන්තියේ ගොඩක් දෙනකුට ප්‍රේමවන්තයනුත් හිටිය . ඒ ගොල්ලන් ලියුම් ලියනවා , ලියුම් කියවනවා , අපි එක්ක විස්තර කතා කරනවා . අනේ ඉතින් අපිත් කටවල් ඇරන් , උඩ බලන් සුරංගනා කතා අහන්න වගේ අහගෙන ඉන්නවා . දැන් වගේ නෙමේනේ , ආදර කතාවක් අහන්න එක්කෝ නවකතා පොතක් කියවන්න ඕන . නැත්නම් චිත්‍රපටියක් බලන්න ගෙදරින් එක්ක යනකම් ඉන්න ඕන . 

         ඔහොම ඉන්නකොට කොල්ලෙක් නැති අඩුව මට දැනුනේ වයසේ වැරද්දටද , නැත්නම් යාලුවෝ ඔක්කොටම ප්‍රේමවන්තයින් හිටිය නිසාද කියල මට තේරුනේ නැ . ඒත් , දැන්නම් දන්නවා , මේ ඔක්කොටම වඩා පරිසර සාධකය බලපාපු බව , මන් ඉතින් ලස්සනම නැ , ඒත් ටිකක් පෙනුමයි . ඊට වඩා පාසල්වියේ කැපී පෙනන දස්සකම් තිබුන නිසා , පිරිමි ළමයිනුත් මන් දිහා බැලුව . ඔන්න ... කොල්ලෙක් මං දිහා බලනවා , මං ගැන ටිකක් උනන්දුයි වගේ . මාත් බැලුව , හොරෙන් ...හොරෙන් මෙන්න එයා මට ලියුමක් එවල යාලුවෙකුගේ අතේ . 

        බයෙන් ... බයෙන් ලියුම අතට අරන් එකසයිස් පොතක කවරේ අස්සේ දාගෙන ගැහි ගැහි ගෙදර අරන් ගියා . ලියුම එලියට ගන්නත් බයයි , කවුරු හරි දකී කියල . පැය ගානක් පොත අස්සේ තිබිල , ගෙදර කට්ටිය අඩුවෙනකම් ඉදල , ටොයිලට් එකට අරගෙන ගිහින් ලියුම දහ සැරයක් විතර කියෙව්වා . හිතට මොකද්දෝ වෙනවා වගේ , ඒ වුනාට මේකට හා කියන්න බයයි මට , ඔහොම දව ගානක් ගිහින් , මෙන්න දන්නෙම නැතුව මාත් ලියුමක් ලියනවා , මාත් ඔයාට ආදරේ කියල , උත්තර ඇරිය , එදා ඉදන් කොල්ල බය නැතුව මං දිහා බැලුව , 

         දැන් අපි ආදරය කරනවනේ , දිගටම පොත් ගණන් ලියුම් ලිව්වා . එයාගේ පන්තියේ සටහන් , මගේ මුතු අකුරින් පිළිවෙලට ලියනවා . වරද්දන්නෙ නැතුව පන්ති ගියා . එයාව දකින්න පුළුවන් මට පන්තියේදී විතරයි . පන්ති ගියාට කිසිම දෙයක් ඉගෙන ගත්තේ නම් නැ . ඔලුවේ තිබුනේ එයා විතරමයි , වාසනාවට මොනවා හරි දන්න නිසා , විභාග අසමත් උනෙත් නැ . ලාවට ගොඩ දාගත්ත . මේ සම්බන්ධෙ ගෙදරට ආරංචි වෙලා , අපේ ගෙදරින් යුද්ධ ප්‍රකාශ කලා . අපට ඒගොල්ලන් ගැලපෙන්නේ නෑලු . හරියට ගම පෙරළියේ නන්දට උනදේ මටත් උනේ . 

            ඒත් අපි හොරෙන් ආදරේ කරා , ප්‍රශ්න ආව , අපට , ලියුම ලිවුවා ඇති වෙන්න , හම්බ උනේ නැ , දවස් ගණන් . ඔහොම ඉන්නකොට අපි ටික ටික ඇත් වෙනවා වගේ දැනුන , එයාට දැන් මාව අමතකයි වගේ ,  ලියුනුත් එවන්නේ නැ . මටනම් ගොඩක් දුක හිතුන , ඒ මගේ ප්‍රථම ප්‍රේමය නිසා . මම හිතෙන විදියට ගෙවල් වල අකමැත්ත නිසා , එයා මගෙන් ඇත් වෙන්න හිතන්න ඇති , අදටත් මං හරි හේතුව දන්නේ නැ . මගේ ලියුම් එයා අපහු ගෙනත් දුන්න . එයාගේ ඒවත් මන් අපහු දුන්න . අපේ ප්‍රේමය අවසන් කියල මං දැනගත්ත .