Saturday 14 December 2013

අපහරණය හා අඩහැරය .......

          සෝමාලියාව ගැන ඇසු පමණින් අපට මතකයට නැගෙන්නේ මන්දපෝෂණයෙන් පෙලෙන බඩවල් එල්ලා වැටෙන කෙසග සිරුරු ඇති , පිඩනයට ලක්වූ තවත් මනුෂ්‍ය කොට්ඨාශයකි. ඔවුන්ගේ දුක කවුරුත් දනිති. එහෙත් එලෙස පිඩනයට පත්වූ මේ මිනිසුන්ටම, ස්වභාවධර්මයා එරෙහි වුවා සේම, එරටේ නීතියද පිටුපාන බව මේ සිද්ධිය නිසා අපට ඒත්තු ගැන්වේ.
                පුද්ගලයන් දෙදෙනකු අතින් දුෂණයට ලක්වූ 19 හැවිරිදි තරුණියකට තමාට සිදුවූ  අසාධාරණයට සධාරණය සොයන්න අධිකරණයට ගොස් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න සංකල්පයට යටත් වන්නට සිදුවූ බව මේ පුවතින් අපට වාර්තා විය. ඇගේ අසාධාරණය සදහා ඇයට ලැබුන තෑග්ග අත් හිටවූ සිර දඩුවම්ය. චුදිතයන් දෙදෙනාට අපහාස කලාට හා බොරු කීවාට මෙලෙස දඩුවම් ලැබුණි. එම පුවත වාර්තා කල වර්තාකරුටද එම දඩුවම තීරණය විය. එහෙත් වරදකරුවන් දෙදෙනා කිසිදු විටක අධිකරණයට නොපැමිණි බවද වාර්තා වේ. මෙය කැකිල්ලේ නඩු තීන්දුවකි.සෝමාලියාවේ ස්ත්‍රී දුෂණය තදින්ම පවතින රටක් බව, මේ අනුව වාර්තා වේ. 
                   කන්න බොන්න නැතිවනවා වගේම, නිදහසේ ඔවුන්ට ජීවත්වීමේ අයිතියද උදුරාගත් ආකාරයක් , මේ අනුව පෙනේ. ඔවුන්ගේ මානව හිමිකම් ගැන ලෝකයට තවමත් නොපෙනේද.....? 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.