Thursday, 18 April 2013

බොස්ටන් බෝම්බ ප්‍රහාරය 

                                1775 දී සිදුවූ ඇමරිකන් විප්ලවයේ ප්‍රථම ගැටුම සැමරීමට වාර්ෂිකව සංවිධානය කරන ලෝකප්‍රසිද්ධ බොස්ටන් මැරතන් තරගයේ අවසානයේදී , බෝම්බ 2 ක් පුපුරා යාම ඇමරිකන් ඉතිහාසයේ සෝචනීය සිද්දියකි .පසුව තවත් බෝම්බ 2ක් නිෂ්ක්‍රිය කරන ලද බවට බොස්ටන් නුවර ආරංචි මාර්ග සදහන් කරයි .  එහෙත් ඇමෙරිකාව මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස අර්ථ දැක්වීමට තවමත් මැලිකමක් දක්  වන්නේ ඇයිදැයි ලෝකයටම ප්‍රශ්නයකි . මෙම අපරාධයේ වගකීම තවමත් කවුරුවත් බාරගෙනද නොමැත . 

                        ප්‍රහාරයෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගිය අතර 140 කට ආසන්න පිරිසක් තුවාල ලැබුහ . ලෝකයේ පොලිස් බලවතා ලෙස ලෝක ත්‍රස්දවාදයට එරෙහි වෙමින් ලෝක සාමය රැකීමට බලවත් පරිශ්‍රමයක් දරන ඇමරිකාව මෙම ප්‍රහාරය හමුවේ නිහඩ පිළිවෙතක් දරන්නේ ඇයිද යන්න ගැටළුවකි . කලකට පසුව  ඇමෙරිකාවට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඇමරිකන් ජනතාව බලවත් කම්පාවට පත්ව ඇත . 
                   
  සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම එෆ් .බි .අයි . ආයතනයට පවරා  ඇති අතර , මිට සමගාමිව පැවැත්වෙන ලංඩන් මැරතන් තරගාවලියේද ආරක්ෂාව තර කර ඇති බව ආරංචි මාර්ග පවසයි . ත්‍රස්තවාදයට , ත්‍රස්තවාදයෙන්ම පිළිතුරු දෙන බව පවසන ඇමරිකාව ලංකාවේ ත්‍රස්තවාදී මර්ධන පිළිවෙත දැඩිව විවේචන එල්ල කරේ ලංකාව තුන්වැනි ලෝකයේ රටක්ව ඇති නිසාද යන්න ගැටලුවකි . ඇමරිකාව කාලයකට පසුව විදි මෙම අත්දැකීම , ලංකාව පසුගිය වකවානුවේ නිරන්තරයෙන් අත්වින්දකි . ලෝකයේ දෙවෙනි ත්‍රස්තවාදී නායකයාව මෙල්ල කලේ දැඩි ලෝක විවේචන මද්‍යයේය . ත්‍රස්තවාදය එක් අතකින් විප්ලවයකි . ලේ වැගිරීම් , දරුණු සටන් කෙළවරක් නැත .අද ලංකාව යුධ නිදහස භුක්ති විදි . එහෙත් ලෝක සාමය හමුවේ ලෝකයටම පිළිතුරු දීමට සිදුව ඇත .  ඇමරිකාව බොස්ටන් ප්‍රහාරයට කෙලෙස පිළිතුරු දෙන්නේදැයි ලෝකයම මේ වන විට බලාසිටි .  

ශෂිකලා පුංචිහේවා 




No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.