Sunday, 28 April 2013

 අඩ නිරුවත් සුරුපිකාවන්ගේ ගුවන් සේවය 

                 නොක් එයාර් ලයින් තායිලන්තයේ අභ්‍යන්තර ගුවන් සේවයකි . ගුවන් යානයේ ඉදිරිපස තාරා හොටක් හැඩති පෙනුමක් සහිතව නිපදවා ඇත . මිල අඩු ගුවන් සේවාවක් වුවද මෙය එතරම් ජනප්‍රිය නොවුනි . මෙම ගුවන් සමාගමේ අදායම වැඩිකර ගැනීම සදහා ,අද්‍යක්ෂක මණ්ඩලය අපුරු උපක්‍රමයක් යෙදවිය . ෆේස් බුක් අඩවිය හරහා මෙහි සේවය කරන ගුවන් සේවිකාවන්ගේ අඩ නිරුවත් චායාරුප ගුවන් යානයක් ඉදිරිපිට සිටුවා ලබාගෙන ෆේස් බුක් වෙබ් අඩවියේ පලකරන ලදී . පාඨකයින් ලක්ෂ දෙකක පමණ  කැමැත්ත ලැබුනා . 

                    බිකිනියක් හෝ කොට කලිසමකින් සැරසී ගන්නා ලද මෙම චායාරුප හේතුවෙන් ආකර්ශනීය ලෙස පාරිභෝගිකයන් සීග්‍ර ලෙස වැඩිවූ අතර , රට තුල පමණක් නොව ලෝකයේම ප්‍රසිද්ධියක් ලැබිය . එබැවින් , මේ වනවිට මියන්මාරය වෙතද ගුවන් සේවාව ඇරඹීමට නියමිතය . 

                      නොක් ගුවන් සමාගමේ අද්‍යක්ෂක පවසන අන්දමට , අප කලේ අන්දෝලත්මක දෙයක් , සමහර අවස්ථා වල අපට බැනුම් අහන්නත් උනා . එත් , සමහර සේවාදායකයින් අපේ අදහසට කැමති උනා . මේ නිසා අප විශාල ලෙස අදායම් ලැබුවා . 

                       එහෙත් , ගුවන් සේවයේ ලාභය වෙනුවෙන් කාන්තාවන් අඩනිරුවත් කිරීම කිසිසේත් සුදුසු නොවන බව කාන්තා අයිතිවාසිකම් රැකීමේ සංවිධාන චෝදනා කරයි . තායිලන්ත සංස්කෘතික අමාත්‍යංශයට පවා මේ සම්බන්ධව පැමිණිලි කර ඇත . තවද , කලාපිය සෙසු ගුවන් සමාගම් වලින්ද මෙම ක්‍රියාවට දැඩි සේ විවේචන එල්ල කර ඇත .

               ' කාන්තාවන්ගේ සිරුරු පෙන්වා , මගින් ඇදගැනීම සුදුසු නොවන ක්‍රියාවක් බව චීනයේ විදේශ ගුවන් සමාගමේ ප්‍රධානි ජි යැන්ග් ජියෝන්ග් පවසා ඇත ' වෙළද පරමාර්ථ ඉටුකර ගැනීමට කාන්තාව අවියක් කොට ගත් තවත් අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැක . කාන්තාව ආකර්ශනීය වුව පමණින් මෙලෙස කටයුතු කිරීම යුක්ති සහගත නොවේ .




Wednesday, 24 April 2013



අනියත නියත වූ  රාජ්‍ය නොවන සංවිධාන 
   
                          ලංකාවේ විවිධ ප්‍රශ්න වලට මැදිහත් වී උදව්  උපකාර කරමින් අපි අතර ,අපේම උදව්වෙන් රැදී සිටින සංවිධාන විශේෂයකි රාජ්‍ය නොවන සංවිධාන . යම් ව්‍යපෘත්යක් හරහා , අපේ උගත් පිරිසක් හට සංවිධානයේ තනතුරු හා වගකීම් පිරිනමමින් විශාල ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් ගැටළුවක් සදහා මැදිහත්වීම මේවයේ ලක්ෂණයන්ය . එහෙත් කල්ගතවත්ම , රටේ ජාතික ආරක්ෂාවටද , ආර්ථිකයටද , සංස්කෘතියටද දැඩි හානියක් සිදු කෙරෙමින් පවතින බව දන ගැනීමට කල්ගතවේ . 

                           සිවිල් ජනයාගේ සුබසාධනය සදහා පෙනී සිටිමින් , රාජ්‍ය නොවන සංවිධාන වල න්‍යාය පත්‍ර වලට අනුගතව ජාත්‍යන්තර බලවේග වල උවමනා එපාකම් පිරීමැහිමට ඔවුන් අපේ අයත් එක්ක එකතු වී බලාසිටි . කෝටි ගණන් මුදල් මෙම සංවිධාන මගින් ලබා දුන්නද මේවයේ වාර්ෂික සැලසුම් , ප්‍රගති වාර්තා , රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේඛම් කාර්යාලයට එවා නොමැති බවද රහස් පොලිස් පරීක්ෂණ වලදී හෙළිව ඇත . අදාල අමාත්‍යංශයේ කිසිදු අවසරයකින් තොරව සංචාරක විසා මත මෙම කණ්ඩායම් වරින්වර පැමිණේ . තවද ලංකාව පිළිබද අසත්‍ය තොරතුරුද ඔවුන්ගේ වෙබ් අඩවි වල පළකර ඇත . 
                         වරෙක අනුන්ගේ ක්රෙඩිට්පත් වල දත්ත හොරාගෙන විශාල මුල්‍ය වංචාවක් සිදුකිරීම හේතුවෙන් අපේ රාජ්‍ය බැංකුවක් මේ වන විට මුල්‍යමය දැඩි අපහසුතාවයකට ලක්වීම හේතුවෙන් තවමත් පරීක්ෂණ පැවැත්වේ . ගොවීන්ගේ තොරතුරු සොයන මුවාවෙන් උතුරු නැගෙනහිර පලාතේ තොරතුරු රැස් කරමින් එහි තිබු හමුදා කදවුරු සම්බන්ධ තොරතුරු එක්රැස් කොට ඇත . සංරක්ෂිත වනාන්තර වල පරීක්ෂණ පවත්වමින් අපට අවේනික ශාක හා සත්ව ජාන මංකොල්ලයක් සිදුකර ඇත . මේ  සියලු අකටයුතුකම් වලට වග කිව යුත්තේ  රාජ්‍ය නොවන සංවිධානයි .   
මෙවන් ආකර්ශනීය වැඩ පිළිවෙලක් ඇති මෙම රාජ්‍ය නොවන සංවිධාන වල යථාර්තය මෙයයි . ඉහල වැටුප් දෙමින් විදේශ සංචාර පිරිනමමින් , යාන වාහන  සපයමින් අලංකාර කාර්යාල හා අදාල පහසුකම් ලබාදීම හේතුවෙන් අපේ උදවිය මේවයේ රැකියා කරමින් නොදැනුවත්වම මෙම වංචාවේ කොටස්කරුවන් වී ඇත . අදාල ජාත්‍යන්තරයේ අරමුණ ඉටුවූ පසු ඔවුන් ආපසු යයි , එහෙත් පසුවිපාක විදින්නේ අපි සහ අනාගත පරපුරයි . යම් අවස්ථා වලදී මෙහි රැකියා වල නියළුවන් නීතිමය ගැටළු වලටද මුහුණ පා ඇත්තේ ඇතුලාන්තය නොදත් කමිනි . දැන්වත් මෙම රාජ්‍ය නොවන සංවිධාන ගැන අවදානයෙන් සිටිය යුතුබව අවදාරණය කරගන්න .

 පසු සටහන 
කරුණාදාස සුරියාරච්චිගේ ' රතු ඉද්ද '  කියවන්න 


ශෂිකලා පුංචිහේවා