Thursday, 18 April 2013


යුද්ධ හා ත්‍රස්තවාදී ක්‍රියා 

කොරියාව කලෙකදී එකම රජයක්ව පැවතුනද , 1945 දී දෙවෙනි ලෝක යුද්ධය අවසන් වීමත් සමගම , කොරියාව දෙකට කැඩුනී . ඇමරිකාව , චීනය , ඉන්දියාව හැරුණු විට ලෝකයේ යුද්ධමය අතින් හතරවෙනි බලවතා උතුරු කොරියාවයි . උතුරු කොරියාව සංවර්ධනය වනවා වෙනුවට යුධමය ශක්තිය දියුණු කරනුයේ ලෝකයේ බලවතුන්ගෙන් එල්ලවන බලපෑම් නතර කිරීමටත් රජයක් වශයෙන් ස්ථාවර වීමටත් බව පවසයි . නමුත් දකුණු කොරියාව වෙත ආධාර කරමින් ඇමරිකාව දකුණු කොරියාවේ ප්‍රශ්න වලට මැදිහත්ව ඇත .

                           උතරු කොරියානු ජනාදිපති කිම් ජෝන් උන් , න්‍යෂ්ටික අවි අත්හදා බලමින් පසුගිය සතියේ න්‍යෂ්ටික මිසයිල 4 ක් නිපදවා ඇත . හමුදාව සීරුවෙන් තබා ඇත . එහෙත් ඇමෙරිකාව උතුරු කොරියාවට තර්ජනය කරමින් යුද්ධයක් ඇති නොකරන බවට ප්‍රකාශ නිකුත් කර ඇත . උතුරු කොරියාව හා දකුණු කොරියාව මේ වන විට සිතල යුද්ධයක නිරතව සිටින්නේ , කොයි මොහොතක හෝ මේ සටන ඇවිලෙනු  ඇතැයි අපේක්ෂාවෙනි . කොරියාවේ ඇවිලෙන මෙම යුද්ධය මුළු ආසියාවටම බලපාන්නකි .සැතපුම් 6200 ක් දුර විදින මිසයිල ගුවනේ සැරිසරද්දී ඇමෙරිකාව කෙබදු පියවරක් ගනීදැයි , ලෝකයටම ප්‍රශ්නයකි . ඇමෙරිකාව අනියමින් ලෝකයේ පොලිස් බලවතා වෙමින්  පෙරමුණේම යයි . මෙය නොඉවසන තුන්වන ලෝකයේ රටවල් , තම අනන්‍යතාවය පිණිස ආරක්ෂාව තරකර ගැනීමට සියල්ල සිදු කරයි .ඇමෙරිකාව හා තුන්වන ලෝකයේ රටවල් අතර ඇති සිතල යුද්ධය මෙයයි . ඇමෙරිකාව වෙතින්  බලය රැක  ගන්නා ස්වයං පාලන රජයන් මේ ඉරණමට  ගොදුරු වන බව මෙම සිද්දීන් හරහා තේරුම්ගත හැක .

                     ඇමෙරිකාව මේ වන විට තවත් බෝම්බ ප්‍රහාරයකට ලක්ව ඇත . ටෙක්සාස් ප්‍රාන්තයේ පොහොර ගබඩාවකට එල්ල කල ප්‍රහාරයෙන් , සිවිල් වැසියන් 75 කට අධික සංක්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වේ . මෙම ප්‍රහාර වල වගකීම මේ වන විට අල්කයිඩා සංවිධානයට පවර ඇත්තේ , දැන් මේවා ත්‍රස්තක්‍රියා බවට ඇමෙරිකාව ප්‍රකාශ කරමිනි . ත්‍රස්තවාදී ක්‍රියා වල උණුසුම අපෙන් ඉවත් වුවා පමණි . දැනුනු භීතිය ඉවර වුන පමණි . එහෙත් දැන් එය ඇමෙරිකාවට දැනෙන්න පටන්ගෙන ඇත . උතුරු කොරියානු ප්‍රහාර වලට සුදානමින් සිටි ඇමෙරිකාවට , ඊට ප්‍රථම විසදා ගතයුතු ප්‍රශ්නයක් ත්‍රස්තවාදීන් සමග ඇත . ඉරාකයට එල්ල කල ප්‍රහාර වලද බරපතලකම හා අසරණ වූ සිවිල් වැසියන් පිළිබද වගකීමද ඇමෙරිකාව දැරිය යුතුය . අල්කයිඩා ත්‍රස්තවාදීන් ඇමෙරිකාව පසුපස කාලෙකට පසු හබාගොස් ඇත . ඇමෙරිකාව ලෝකයේ අනෙක් රටවල් වල ගැටුම් වලට මැදිහත්වීම දැන්වත් අත්හල යුතු වන්නේ , තමන්ගේ ප්‍රශ්න ඉතිරිව ඇති නිසාය . ලෝකයේ බලවතුන් , සාම නියෝජිතයින් අවදියෙන් සිටිය යුතු යුගයක අවශ්‍යතාවය පැන නැග ඇත .

ශෂිකලා පුංචිහේවා