Saturday, 20 April 2013



බස හැසිරවීම 

                  ඕනෑම රටක භාෂා කීපයක් තිබිය හැක . එය ලිඛිත හෝ කතිකද , මේ දෙකම එකක් වශයෙන්ද භාෂාව පවතින ආකාරය දැකිය හැක . අපේ භාෂාව සිංහලයි . දැන් අප කතා කරන්නේ අපේ භාෂාව ගැනයි .සිංහල යනු අලංකාරවත් බස් රටාවකි . එය අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ නීති තුල පවතින්නා වූ රටාවකි . අප මේ රටාවට හුරු වන්නේ , අතීතයේදී නම් ,  බොහෝ විට පන්සල මුල් කරගෙනයි . මා  පිළිගන්නා ආකාරයට පිරිවෙන් අද්‍යාපනය තුල සිංහල භාෂාව නිසි ආකාරයට ඉගෙනගත හැක .එහෙත් පාසල් අද්‍යාපනය මේ සදහා වැඩි දායකත්වයක් නොදක්වයි . අවශ්‍ය පොතපත නොමැතිකම , නිසි අද්‍යාපනය ලත් ගුරුන් නොමැතිකම , පාසලේදී ලබා දී ඇති කාලවේලාව මදිකම හා ඉගෙන ගත්තද උගන්නන්න නොදන්නා කම යන හේතුමත සිංහල භාෂාව මේ වන විට නිසි ලෙස උගන් වන්නේ නැත . 

                       තවද අප භාෂාව සැදී ඇත්තේ හෙළය මුල් කර ගනිමින් හා වෙනත් විදේශික භාෂා එකතු වීමෙනි . අතීතයේ සිටද අනාගතයේද මෙබදු වෙනස් වූ භාෂා රටා තව දුරටත් එකතු වේ . එය අපට වෙනස් කල නොහැක . එබැවින් , සිංහළය තව දුරටත් වෙනස් වීමට ඉඩ ඇත . භාෂාවක් අවශ්‍ය වන්නේ අදහස් හා හැගීම් ප්‍රකාශනයටය . එය පහසු ලෙස හැසිරේ නම් අද සමාජයට ගැටලුවක්ද නැත . එහෙත් ඉතිහාසයක් ඇති අපේ රටට පැරණි බස රැකීම පිළිබද වටිනාකමක්ද ඇත . එය වෙනම ප්‍රශ්නයකි . ඉතිහාසගත සියලු දේ සංරක්ෂණය කරන අපට , භාෂාවද සංරක්ෂණය කරගතයුතු වන්නේ , අපගේ අනන්‍යතාවය රැක ගැනීමටය . 

                         සමාජ දියුණු වී , තාක්ෂණ හා මාද්‍ය ලෝකය පුළුල් වුවාට පසු භාෂාව වේගයෙන් වෙනස් වීම් වලට භාජනය විය . ලිඛිත භාෂාවේ වැදගත්කම අඩුවී , කථික භාෂාවමද ලිඛිත වන්නට විය . වයස් තේරුම් නොමැති උදවිය භාෂාව ගැන හරිහැටි නොදැන , කුමක් හෝ කියවන්නට පටන්ගත් යුගයක ආරම්භයක් දැනට උද්ගතව ඇත . ලෝකය වෙනස් වීම් වලට භාජනය වනවා සේම , මේ වෙනස්කම්ද අපට නතර කල නොහැක . එම නිසා උපකාරක පද මොඩ් වීමද , සම්බන්ධිවාචකයන් ලොප් වීමද දැකගත හැක . භාෂාව අප සංස්කෘතියේ සංකේතය වුවද , ඉස්සරහට එය එසේ නොවන්නේය . අද්‍යාපන  ප්‍රතිසංස්කරණ ඉදිරිපත් නොකොට භාෂාව නම් තව දුරටත් රැකිය නොහැක්කේය . නිසි බස ඉගෙන නොගැනීම ගැන හා භාවිතා නොකිරීම ගැන මතු පරපුරට දොස් නොකිය යුතුය . සුදුසු දේ කළහොත් සිංහළය තව දුරටත් රැකගත හැක .

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.