Showing posts with label මගෙ කවි. Show all posts
Showing posts with label මගෙ කවි. Show all posts

Monday, 31 March 2014

නුබ ගියදා ........






මහිසට සෙවන දුන් විසල් රුක විය නුඹ

මහිතට සිසිල දුන් සරා සද විය ඔබ

මනෙතට අමා වූ සොදුරු දසුන ඔබ

කියන් මට නොවලහා හිමි සදුනි මගේද ඔබ .....



ගිනි ගත්ත රත්ත්රියේ සද කදුළු බොද උනිද

පුදසුනට ගිනි ඇවිලී නෙත කදුළු විසිරුනිද

අග්නි ජලවක්ව මහද දොර අවුලුනිද

පතිකුලය දෙපා මුල ඇවිල ගොස් පතුරිනිද ......



නුබ යන්න හදන මුත් අතර මගේ විමානෙන්

හැර ලන්න හැකිද කිරි සිනහ පපුතුරෙන්

පෙන්වන්න හැකි නම් පුතු හඩනා විට සොවින්

යන්නේ නෑ නුබ .... කිසි විටෙක අපේ ලොවින් .....



ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා