Showing posts with label මං ගැන. Show all posts
Showing posts with label මං ගැන. Show all posts

Wednesday, 19 March 2014

පොත් සහ මං

 
          මං පොත් කියවන්න පටන් ගත්තේ මං කියන්නේ කවුදවත් නොදන්නා කාලේ ඉදන්, මට මතකයි ගෙදර තිබුණ පත්තර කැලි, අම්මගේ ශ්‍රී සගරා තමයි, මං ඉස්සෙල්ලම ඇල්ලුවේ. 'දසුන ' 'සිත්තර ' 'මධුර' 'සතුට' තමයි මගේ පෙළපොත් උනේ. ඒවායේ තිබුනේ චිත්‍ර කතා මට අග මුලවත් තේරුනේ නැ.ඒත්, පින්තුර දිහා බලන් ඉදල මොකක් හරි අදහසක් ගත්තා. ආදරේ දුක, වේදනාව ,හිනහව පොත් වලින් තේරුම් ගත්තේ මං ඒ නොදන්නා කාලේ අවුරුදු පහක පමණ වයසකින්, බාලන්ශෙන් , එක , දෙකට විතර එද්දී, අම්මට පොත් ගේන්න මං පුස්තකාලෙට ගියා. ගෙවල් ළග නිසා. පොත් කබඩ් වලට උස නැතුවත්, ඇගිලි තුඩින් ඉස්සි, ඉස්සි මං ගත්තේ අතට අහුවෙච්ච ලොකු පොත්. ගෙදර ගෙනත් අම්ම පොත තියන වෙලාව බලන් ඉදල මං පොත අතට ගත්තා.ගොළු හදවත්, අක්කර පහ, පාරදිගේ තමයි, මං ඒ කියවල තියෙන්නේ. ඔහොම කියවන කොට, තුන,හතර, පහ,හය පන්ති පහු කරනකොට, හම්බ උනේ ශර්ලොක්ස් හොල්ම්ස්ගේ අභිරහස් කතා 
        කාලය කෙමෙන් ගෙවිල භිෂනයත් ආව . ඉස්කෝලේ වැහුව. පන්තිත් නැ. ගියා මං ළග යාලුවෙකුගේ ගෙදරකට කාලය ගෙවන්න. මගේ වෙලාවට තිබුණා, පොත් කබඩ් එකක් ඔක්කොම රුසියන් පරිවර්තන පොත්, 'අම්ම' 'සිටුවරයාගේ දියණියෝ ' විලියම් ශේක්ෂ්පියර්ගේ නාට්‍ය පොත් මං කියෙව්වේ එහෙන්, භිෂනයත් ඉවර වෙලා ආයෙත් මං ඉස්කෝලේ ගියා. සාමාන්‍ය පෙළ පංතියේ අන්තිම පේලියේ, යාලුවෝ සෙට් එකත් එක්ක මං ඉංග්‍රීසි පීරියඩ් ඒක වෙලාවේ පෙරලගෙන හිටියේ ' මං නරක ගැහැනියක් නොවේ' ටීචර් පොතත් අරන් මටත් බැනල ගියා. පස්සෙන්දා යාප්පුවෙලා පොත ඉල්ල ගත්තේ ටීචර් අපේ ගෙවල් ළග නිසා. යන්තන් සාමාන්‍ය පෙළත් පාස් වෙලා දෙයියන්ට පින්සෙද්ද වෙන්න උසස් පෙළත් පාස් උනේ පොත් කියවල තිබුන සාමාන්‍ය දැනීම නිසා කියල මං දන්නව. නැත්නම් හරියට පංතියේ ඉගෙන ගත්ත නිසා නෙමේ. 
              ඉතින් මේ වෙද්දී කියවපු පොතුත් මං මොනවද කියල ලියන්න ගත්තා. ලොකු ලිස්ට් එකක් එතන. පොත් සාප්පු ගානේ මං දවස් ගණන් රස්තියාදු වේවි අළුත් පොත් හෙව්වා. පොත් ප්‍රදර්ශන වලට ගිහින් අඩුවට පොත් ගත්තා. international book fair ඒක කොළඹ ඉන්නකම් වැරද්දුවේ නැ. කියවල, කියවල, මං දැන් ලියනවා. මගේ සිංහල භාෂාව, අකුරු හැකියාව, සාහිත්‍ය අවබෝධය වැඩි දියුණු උනේ ඉස්කෝලේ යද්දී නෙමේ. මේ ලගක් කාලේදී. ගුරුවරු නැතත් අපි දැන් ස්වයං අද්‍යනයට හුරුවෙලා. මොනවා හරි, කොහේ හරි ලියන්න හිතෙනවා. වෙලාවට love letters ලියන්නවත් දැන් බැනේ, කට්ටිය හිනා වෙනවා. දැන් එහෙම කලාවක් නැති නිසා.ඔන්න මං මේකේ ලිව්වා. මට මතක් වෙච්ච දේවල් ටිකක්.