සිනමාව සුන්දර ක්ෂේත්‍රයක් වූ කල මාළුවන්ට ඉගිලෙන්න බැරි උනාට පීනන්න නම් තහනම් නැ නේද...? එසේ නම් , මෙවැනි සුන්දර වූ කඩ ඉමක සිදුවූ විපරියාසය කුමක්දැයි ප්‍රේක්ෂක අපට තවමත් සිතාගත නොහැක . ඉගිල්ලෙන මාළුවෝ අපි තාම දැක්කේ නම් නැත . ඒත් .... ඉගිල්ලෙනකම් බලා සිටියෙමු . ඒ ... ලෝකේ වටේ ඉගිල්ලී හැඩ බලපු ආරංචිය නිසයි . අහපු විදියට අපුර්ව නිර්මාණයක් බව දැන ගන්න ලැබුන .
නමුත්, හෙනයක් පත්වුණා වගේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී , පැවැත්වූ ප්‍රංශ සිනමා උලෙලදී ඉගිල්ලෙන මාළුවෝ වාරණයට ලක්වෙද්දී ,සිදුවුයේ කුමක්දැයි අප තාම නොදනිමු . ලකවේදී නම් මාළුවන්ට ඉගිල්ලෙන්න බැ වගෙයි අපට හිතෙන්නේ . හරියට අහසින් ගිය ඉබ්බාට උන කතාව තමයි තාමත් මතකයට එන්නේ . ඒත් එය විහිළුවක් නම් නොවේ .
ලෝකයේ කරක් ගසා සිනමාව ගැන ඉගෙන ගත්තු සංජිව පුෂ්ප කුමාරට වැරදුනේ කොතනදැයි ,අප තාම දන්නේ නැත . එහෙත් දෙයක් සිදුව ඇත . මත කීපයක් ගොඩ නැගී ඇත . නිර්මාණයක් යනු ජාතියක අනන්‍යතාවයයි . ජාතියක් පාවාදීමේ අයිතියක් කාටවත් නැත . මෙය නොදන්නේද ? නිර්මාණකරුවකු . වැරදුනේ ඔහුට නොව අපට වියහැක . මාළුවෝ ඉගිල්ලෙනකම් බලන් හිටපූ එක ...... නිර්මාණය සාර්ථක නම් ගැටුම් බොහෝ වෙයි . එය අප දන්නා සාමාන්යකරණයයි , අලුත් දෙයක් දකින්න අපිත් ආසයි කලාව රසවිදින නිසා , ඒත් මාළුවෝ ඉගිල්ලෙනකම් ආයෙත් ,බලන් ඉන්න වේවි . අර්බුද අවසන්ව සාමකාමී අවසානයක් දකින්නත් මාළුවන්ට ඉගිල්ලෙන්න පුළුවන් වාතාවරණයක් ලැබෙන්නත් , සිනමාව තුලින් අප බලාපොරොත්තු වෙමු .
No comments:
Post a Comment
Please write your comment .
Note: only a member of this blog may post a comment.