ඇය පකිස්තානු දැරියකි . ලෝකයම මලාලා ගැන දැන ගත්තේ , අද්යාපන නිදහස පිළිබද ලිපියක් අන්තර්ජාලයට මුදා හැරීමේ වරදිනි . තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි උණ්ඩයකට ලක්ව ජීවිතයත් මරණයත් අතර සටන් වදිද්දි අල්ලාහ් ඇයට ජීවිතය දුන්නායයි ඇයගේ ආගමට අනුව අප සිතමු . ඇය දිනුවාය . නැවත නැගිට්ටේ පෙරටත් වඩා දැනුමෙන් සන්නද්ධ වීමෙනි . ඇය එක්සත් ජාතීන්ගේ සම්මේලනයක් ඇමතුවාය . ඇයගේ කතාවට අප සවන් දුනිමු . දෑස අදහාගත නොහැක . ඇය පැහැදිලිවම අදහස් දැක්විය . සියල්ල සත්‍ය යයි අප දනිමු . එහෙත් ඒ කටුක සත්‍ය අන්තවාදීන්ට ඇයි නොතේරෙන්නේ?
මේ වනවිට එක්සත් රාජධානියේ ඇය අද්යාපනය ලබයි . සියලු මුස්ලිම් දැරියන්ගේ අද්යාපන අයිතිය ගැන ඇය කතා කලාය . අන්තවාදීන්ට අද්යපනයක් තියා අකුරු හැකියාව වත් තිබේදැයි මේ අනුව සැක සහිතය . තුවක්කුව අතට ගත් ඔවුන් උගත්කමට බයවී ඇත . කාන්තාවන්ගේ බලයට බයවී ඇත . කාන්තාවන් මර්ධනය මුස්ලිම් සමාජයේ සාමාන්‍ය සිද්ධියක් වන තරමට ඔවුන් බුද්ධිය යටගසා ඇත . මේ සියලුදේට එරෙහිව මලාලා දැන් නැගීසිටි ,පීඩනය එතරම් ප්රබලව ඇත . එහෙත් තලෙයිබානුවන් පුරසාරම් දොඩවයි , මලාලා නැවත ඉලක්ක කරගන්නා බව පවසා ඇත . ඇයි කාන්තා නිදහසට ඔවුන් මෙතරම් බය ? ආගම හා අද්යාපනය අතර ඇති නොගැලපීම කුමක් විය හැකිදැයි අපට නම් ප්‍රෙහෙලිකාවකි .
සියලු ආගම් වලට අප ගරු කරන්නෙමු . එහෙත් මිත්‍යාවට දන නොගැසිය යුතුය . මිනිසුන් තලා පෙලා දමන දැඩි නීති වලට උදහස් වන්නෙමු . සත්‍යට මුහුණ දියයුතු කාලයක , බෙදීම් ඇතිකර ගත යුත්තේ අයි? ලිංගභේදය අසමානතාවක් වුයේ කෙසේද ? පොදුදහම ස්වභාවදහමයි . යුක්තිය , ස්භාවික යුක්තියයි , එසේ නම් , වෙනත් නිවට නියාලු නීති වලින් වැඩක් නැත . සියලු දෙනාටම එකවගේ ජීවත්වීමේ අයිතිය තහවරු වන ලොවක් දැකීම සියලු මුස්ලිම් කාන්තාවන්ගේ ප්‍රාර්ථනාව බව අප දනිමු පර්දාවට මුවාවී විදවන ජිවිතයේ කෙළෙවරක් , තිබිය යුතුය . මලාලා , මේ ප්‍රර්තනාවට දැන් අත පොත් තබා ඇත . අල්ලාහ් දෙවියනි ඇයට ආශීර්වාද කරන්න .