Sunday, 10 March 2013



ඇමෙරිකාව ඉරාකයට  පහර දුන්නේ යුරේනියම් අවි වලින් 

                                  ඉරාකය සතුව විනාශකාරී අවි ඇතැයි , සිතු ඇමෙරිකාව බ්‍රිතාන්‍ය සමග එක්වී ඉරාකය ආක්‍රමණය කලද විනාශකාරී අවි කිසිවක් හමු නොවුනි . නමුත් ඉරාක ජනාදිපති සදාම් හුසේන් ඇමෙරිකාවට තර්ජනයක් වනු ඇතැයි , සිතා මෙම ප්‍රහාර දියත් කරන ලදී . 2011 වසර අවසානයේදී ඇමරිකන් හමුදාව ඉරාකයෙන් පිටව ගියේ ,ඉරාකය මුළුමනින්ම අස්ථාවර කරමිනි . 

                                   මානව හිමිකම් ගැන ඉහලින් කතා කරන ඇමෙරිකාව ඉරාක යුද්ධයේදී සතුරු හමුදා ඉලක්ක කර ගනිමින් , යුරේනියම් අඩංගු බර අවි වලින් පහර දී , වසර 10 ක් ගත වුවද තවමත් යුරේනියම් අඩංගු විකිරනශීලි අංශු වල බලපෑම ඉරාක වැසියන්ට බලපා ඇත . මේ පිළිබද වාර්තාවක් ඉදිරිපත් කරමින් , මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන  'අයිකෙවී පැක්ස් ක්‍රිස්ටි  ' නම් නෙදර්ලන්ත සංවිධානය මගින් කියා සිටින්නේ ඔවුන්ගේ පරීක්ෂණ වලට අනුව , පස් සහ වායු සාම්පල වල තවමත් අනතුරුදායක මට්ටමින් යුරේනියම් අංශු ඇති බවයි . 

                                       යුරේනියම් වල බලපෑම නිසා සිවිල් වැසියන් බොහෝ දෙනෙකු පිලිකා රෝගීන් වී ඇති අතර , චර්ම සහ ඇස් රෝගද  ඇති බවයි . අලුත උපන් ළදරුවන් අතර 50% කට වැඩි පිරිසක් අංගවිකල තත්වයේ ඇති බව ඉරක සවුක්ය බලධාරීන් පවසති . 

                                   2003 වසරේ ඉරාක  යුද්ධය ආරම්භයේදී ඇමෙරික සහ බ්‍රිතාන්‍ය හමුදා යුරේනියම් අඩංගු ආයුධ වලින් පහර දුන්නේ , සතුරන්ගේ බංකර් , සන්නද්ධ රථ , කාල තුවක්කු ඉලක්ක කර ගනිමිනි . මේ අන්දමින් ජනාකීර්ණ නගර රැසකට පහර දී ඇත . ඉහත මානව හිමිකම් සංවිධානයේ වාර්තා වලට අනුව ඇමෙරිකන් හමුදාව යුරේනියම් ටොන් 400 ක් පමණ ප්‍රහාර සදහා යොදා ගෙන ඇත . මේ අවස්ථාවේදී පමණක් නොව , 1990 දශකයේදී පළමු ගල්ෆ් යුද්ධයේදී පවා ඇමෙරිකන් හමුදාව යුරේනියම් අවි වලින් පහර දුන් බව ඉහත සංවිධාන වාර්තාවේ සදහන්ව ඇත . වැඩි දුරටත් එම වාර්තාවේ සදහන්ව   ඇත්තේ , බ්‍රිතාන්‍ය හමුදාව භාවිතා කර ඇත්තේ ටොන් 3 ක් පමණක් බවය . 

                                  එසේ වුවද ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ ඔවුන් යුරේනියම් යෙදු අවි වලින් පහර නොදුන් බවය .   'අයිකෙවී පැක්ස් ක්‍රිස්ටි  ' සංවිධානයේ වාර්තාව එළිදැක්වීමත් සමග බ්‍රිතාන්‍ය රජය බ්‍රිතානයේ  'ද ගාර්ඩියන්  ' පුවත්පතට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ යුද්ධයේදී සතුරන් මර්ධනය කිරීමට යුරේනියම් අවි භාවිත කිරීමට අවශ්‍යතාවයක් ඔවුන්ට නොතිබූ බවයි . නමුත් මානව හිමිකම් රැකීම  පිළිබද ඇමෙරිකාවේ සබැ මුහුණුවර අපට තවමත් හදුනා ගත නොහැක .

ශෂිකලා පුංචිහේවා 

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.