Saturday, 2 November 2013

ලොවපුරා සරණාගතයින්ගේ විශාල වැඩිවීමක්

     ලෝකයේ 1994 වසරදී තිබුනට වඩා සරණාගතයින්ගේ  වැඩි වර්ධනයක් මේ වන විට සංඛ්‍යාලේඛන වල සටහන්ව ඇත. ගැටුම්කාරී තත්වයන් හා ජිවිත හානි විශාල වශයෙන් වාර්තා වුයේද, මේ ජන සංක්‍රමණ ආශ්‍රයෙනි. මින් වැඩි ප්‍රමාණයක් දේශපාලන රැකවරණ පතන අය බව එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව පෙනී යයි. 
       මින් බහුතරය, ඇෆ්ගනිස්ථානය හා මැද පෙරදිග රටවල් වලින් පැමිණෙන අතර, ඉන්දුනීසියාව හරහා බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වීමට පටන්ගෙන ඇත. මිට අමතරව මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපයේ සිට මද්‍යධරනි මුහුද හරහා ඉතාලියට පැමිණේ. 
          මේ සියල්ලටම හේතුවුයේ, යුද්ධය හා දේශපාලන අස්ථාවරභාවයයි. එමෙන්ම, දුප්පත්කම යන කරුණු හේතුවී ඇත. අළුත් ජිවිතයක් බලාපොරොත්තුවෙන් ජිවිත පරදුවට තබා, සංක්‍රමණයේ යෙදේ. මේ අනුව බලන විට මිලියන 26 ක පමණ ජනතාවක් සංක්‍රමිකයන්ගේ ඝනයට වැටේ. ඉන් මිලියන 10.4 ක් භූමියෙන් පිටත්, 15.6 ක් උපන් භූමියේත් සරණාගතයින් බවට පත්ව ඇත. 
           පසුගිය වසර දෙකේ සිරියාවේ ඇතිවූ ගැටුම් නිසා, මිලියන දෙකකට අසන්න පිරිසක් අවට රටවල අවතැන්ව ඇත. ලෝකය පුරාම රටක් නැති පිරිස මිලියන 12 ක් පමණ වෙතයි, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.  

Sunday, 13 October 2013

කලාත්මක වූ මිනිස් සිරුර හා සංනිවේදනය




           කවුරුන් හෝ මවන ලද මිනිස් සිරුර ආශ්චර්යක් බව අපි හැමෝම දනිමු. අපි ඒ ගැන සිතා කොතෙකුත් ආඩම්බරවීමු .බොහෝ නිර්මාණයන් සදහාද , අපි අපේ සිරුර යොදා ගනිමු . අතීතයේ සිටම අද දක්වාම , අපි අපට දීපු අගය , ඉහලය . විශේෂයෙන් පිරිමි සිරුරට වඩා කාන්තා සිරුර ලාලිත්‍ය සපිරූ , කලා කෙතක් විය . ඉන්දියාවේ පඩිවරු ඔවුන්ගේ බොහෝ කලා කෘති සදහාද ,කාන්තා සිරුර යොදාගත් ආකාරය පුදුම උපදවන සුළුවිය .ඔවුන්ගේ එම කලා කෘති සදහා යොදාගත් නග්න සිරුරු ,ජීවමාන පිළිබිඹුවක  හෝ සිතුවිල්ලක් හෝ මුල්කරගත් එකකි . නිරුපනය තාත්වික විය .එහි වරදක් ඇති,නැති බව කවදාවත් විචාරයට ලක් නොවුනි .
             එදාට වඩා අද තත්වය හාත්පසින්ම වෙනස් වුයේ ඇයිද යන්න සිතිය යුතුය .එදා වගේ අදත් මිනිස් සිරුරු මුල් කරගත් නිර්මාණ බිහිවේ . බෙහෙවින් මතවාදයට පවා තුඩු දේ .ඉන්දියාවේ එදා කමසුත්‍ර නමින් බොහෝ නිර්මාණ බිහිවිය .ඒවා පුජනනිය තත්වයෙන් සැලකුණි . කැටයම් කලාව , මුල් කර ගත්තේ බොහෝවිට ස්ත්‍රී නාරිදේහයයි . මේවා බොහෝවිට ජීවමානව නිරුපනය වූ සැබැවයි .එම කලාකරුවන් එදා උසස් ඝනයේ අය විය .අද නිර්මාණය කලාත්මක වුවද ,නිර්මාණයක් බිහි කිරීමේදී ඒ ගැන දෙවරක් සිතිය යුතු තැනට පත්ව ඇත .නිර්මාණයේ නිදහස අහිමිව ගොස් ඇත .ඒත් යායුතු සිමාව නම් පැහැදිලි නැත . මෙවැනි නිර්මාණ වල සිමාව සංස්කෘතියදයි වෙලාවකට සිතේ , නැතිනම් , දේශපාලන සිමාවන් මේ තුල ඇත්දැයි තවත් වරෙක සිතේ . එහෙත් , අප ඉන්දියානු අභාශයේ සංස්කෘතියක් ඇති ,අසියාතිකයින් බැවින්, පැරණි ඉන්දියානුවන්ට වරදින්නටද විදියක් නැත .එසේනම් වැරදුනේ මෙය තෙරුන්ගත නොහැකි අපටද? 
                අපේ කාලයේ නිර්මාණකරුවන් වල්මත්වී ඇත්දැයි , ඇසිය යුතුය නැතිනම් , ප්‍රේක්ෂකයින් වල්මත්වී ඇත්දැයි සෙවිය යුතුය . පිළිතුර නම් වාරණයයි.හුදෙක් නිර්මාණ තැනීම හා නිදහස් සිතුවිලි ,වලින් පිරිපුන් නිර්මාණ මින් ඉදිරියට බිහිවේදැයි සැක සහිතය .වාරණය සම්බන්ධයෙන් පොත් ලිවිය යුතුය .අද්‍යනය කලා යුතුය .වාරණය කොහේදී හෝ අපට හමුවේවි .එවිට නිර්මාණකරුවාට පලා යන්නට සිදුවේවී . නැවතත් , ලෝලිටලා , වදරින් හයිට්ස්ලා , බිහි නොවී තියේවිද? සිගිරි අප්සරාවියන් මැකිලා යයිද? ඉසුරුමුණි පෙම්යුවල ඉතුරුවේවිද? ලංකාවේ ආයෙත් ටයිටැනික් යුගයක් නැතිවෙයිද?මේ සියල්ලන්ටම පිළිතුරු දීමට , කාන්තාව, නිරුවත හා කලාව තේරුම් ගත යුතුය .  

          

Wednesday, 9 October 2013

පොප් ගායිකා මැඩෝනාගේ අමිහිරි මතකය

                 ලෝකප්‍රකට පොප් ගායිකා මැඩෝනාගේ අමිහිරි අතීත මතකයන් ප්‍රථම වරට ජනමාද්‍ය ඉදිරියේ ඇය විසින් හෙළි කරන ලදී . ඇය මේ වන විට 55 හැවිරිදිය . ලෝකයේම ජනාදරයට පත්වුවද , ඇයටත් , ඇගේ අතීතය වේදනාකාරී වී ඇති බව ඇගේ ප්‍රකාශයෙන් හෙළිවිය . ලෝකයටම රහසක් කරගත් මේ සිදුවීම පිළිබද විචාරීමේදී පෙනී යන්නේ , ඇයද ලිංගික කෘරකම් සදහා මුහුණ දී ඇති ආකාරයයි . එය අද , ඊයේ කියා වෙනසක් නැතිවම කාන්තාව මුහුණදුන් තත්වයම  බව පෙනේ . සැම සාර්ථක ගැහැනියක්ම , අතීත පපොච්චාරණයේදී තමන්ට විදින්න සිදුවූ , ලිංගික අඩන්තේට්ටම් ගැන ඉතාම වේදනාවෙන් පවසා සිටියි . සමහර විටක ජීවිතය දිනන්න ඇය ලැබූ පන්නරයද මෙයට හේතුවක් වන්නට ඇතැයි අපට සිතේ .  
               මැඩෝනා නිව්යෝක් නුවරදී , ක්ෂේශ්ත්‍රයට පැමිණි මුල් යුගයේ දී , වයස 19දි , පිහියක් අතින් ගත් පුද්ගලයකු විසින් ,පැහැරගෙන ගොස් වහලයක් මතදී දුෂණයට ලක්කල  බව කියා සිටි . මගේ කාමරය තිබුනේ තුන්වෙනි මහලේ , මං කාමරයට යන සැම මොහොතකදීම මට මේ සිදුවීම මතක් වෙන්න ගත්තා . එම සිදුවීමෙන් වසර 20කට පස්සේ මං ජීවත්වීමේ අරුත සොයන්න පටන් ගත්තේ ,අද්යාත්මික ජීවිතයකට හුරු වෙමින් බව පවසයි . 
        මගේ කුඩා කාලයේදී මම අපයෝජනයට ලක්වුනත් , අසරණ ළමුන් වෙනුවෙන් පෙනී සිටියා . ඒ හන්ද මාව , ළමුන් පැහැරගෙන යන , ළමා ජාවාරමේ යෙදෙන අයෙක් බවට චෝදනා කළා . ඒ වගේම මගේ සිපවැලද ගැනීම් දර්ශන වලදී , මාද්‍ය එයත් විවේචනය කලා . මම දරුවන් හදා වඩා ගන්නේ , ඔවුන්ට සේවාවක් කරන්න , ඒත් .... එයත් මාද්‍ය විවේචන වලට ලක්වුවට,  පසු නොබසින බවමැඩෝනා කියයි . මේ ඇගේ ජිවිත යථාර්තය බව , ප්‍රථම වරට කරන ලද ප්‍රසිද්ධ හෙළිදරව්වකි .

Sunday, 6 October 2013

පකිස්ථානයෙන් මතුවූ අළුත්දුපත

             පකිස්ථානයේ , බලුකිස්තානයේ සිදුවූ භූ කම්පනයත් සමග අළුත් දුපතක් මතුවූ බව විදෙස් ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබුනත් එය සිදුවුයේ කෙසේද යන්න මේ වනවිට සොයා බලා ඇත . මේ භූ කම්පනයත් සමග මියගිය සංඛ්‍යාව 350ක් බව වාර්තා විය .දහස් ගානකට තුවාල විය. තවත් බොහෝ සංඛ්‍යාවකට නිවෙස් අහිමි වී අවතැන් විය.  
             මේ දුපත නිර්මාණය වූ ආකාරය ගැන විද්වතුන්ගේ මත පලවෙමින් ඇත. මේ දුපතට ඔවුන් දුන් නම 'සල්සාල කොන්' වේ. දුපතේ චන්ද්‍රිකා චායාරුප ගත කොට ඇත්තේ , ඇමෙරිකාවේ නසා ආයතනයේ  'පෘතුවි නිරීක්ෂක 1' කියන චන්ද්‍රිකාවයි. 'ලැන්සට් 8' කියන චන්ද්‍රිකා මාර්ග වලින් වේ. දුපත උද ඉදන් බලන විට රවුම් ආකාරයෙන් ඇතත්, එය සැදී ඇත්තේ ගල් සහ මඩ එකතු වීමෙනි. මැරිච්ච මාළුත් මේ සමග සිටින බව පවසයි.    
                 'සල්සාල කොන්' දිගින් මීටර් 200ක් හා පළලින් මීටර් 100ක් පමණ මීටර් 20ක උසකින් යුක්ත බව සොයාගෙන ඇත. මේ වන විට දුපත දෙස් විදෙස් සංචාරක මද්‍යස්ථානයක් ලෙස කාර්ය බහුලව ඇත. මේ දුපත නිර්මාණය වෙන්න හේතු වුන භූ කම්පාව , රික්ටර් පරිමාණ 7.7ක් විය. භූ කම්පනයෙන් පිටවූ තරංග වල ශක්තිය නිසා , මුහුදු පතුලේ හිරවෙලා තිබුණු මඩ , වාතය,පස් උඩට ඇවිත් දුපත නිර්මාණය වී ඇත . මෙය මඩ ගිනිකන්දක් ලෙසත් විද්වතුන් හදුන්වා ඇත . මේ සංසිද්ධියට අනුව මෙය සාමාන්‍ය පිහිටීමක් ලෙසත් ඔවුන් තීරණය කර ඇත. 
       මෙම දුපතින් පිටවන වායුව පවා විෂ සහිත බව කියයි. නසා ආයතනය කියන්නේ මේ දුපතේ ආයු කාලය කෙටි බවයි. යට තියන වාතය නැවත සිසිල් වීමේදී , දුපත හැකිලෙන්න පටන් ගනු ඇතැයි සිතිය හැකි බවයි. අරාබි මුහුදේ ඇතිවන මුහුදු රැලි හා සුළි කුණාටු නිසා, දුපතේ තුනී පස් සේදී යා හැකි බව පවසයි. 1999 හා 2010 දීත් මෙවැනි දුපත් ඇතිවී, මෝසම් කාලයෙන් පසු නැති වන බවයි. මෙහි ජීවත්වූ වයස්ගත පුද්ගලයන් පවා පවසා ඇත්තේ, 1968 දීත් භූ කම්පනයකින් මෙවැනි දුපතක් මතුවී අවුරුද්දකින් පමණ නැතිව ගිය බවයි.  

Thursday, 3 October 2013

හිලරි ක්ලින්ටන් චිත්‍රපටියට දේශපාලන බලපෑම්


 ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේඛම්වරියක හා හිටපු ජනාධිපති බිරිදක වන හිලරි ක්ලින්ටන් ගැන නිර්මාණය කරන්නට යෙදුනු වාර්තා චිත්‍රපටිය සදහා දේශපාලන බලපෑම් එල්ලවී ඇති බැවින් එහි නිර්මාණ කටයුතු අත්හැර දමා ඇති බව එහි අද්‍යක්ෂකවරයා වන චාර්ල්ස් ෆර්ගියුෂන් පවසයි . මෙය සි .එන්. එන්. නාලිකාවේ නිෂ්පාදනයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි . 
                විශේෂයෙන්ම ඇය නියෝජනය කල ඩිමොක්‍රටික් පක්ෂයෙන්ද සහයෝගය නොලැබුණු බව ඔහු පවසයි . එම පක්ෂයේ නියෝජිතයින් පවා උක්ත සාකච්චාව සදහා කැමැත්තෙන් සාභාගී නොවුණු බව ඔහුට හැගී ගිය බව කියයි . මේ හේතු මත එලි දැක්වීමට තිබු හොද නිර්මාණයක් තමාට අහිමි වූ බව ෆර්ගියුෂන් කියාසිටි . 
            මේම චිත්‍රපටිය සදහා විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයද සිය විරෝධය පළකර ඇත .  සි .එන්. එන්.නාලිකාව මෙම නිෂ්පාදන කටයුත්ත කරන්නේ නම් , එම නාලිකාව මගින් සංවිධානය කරන කිසිම වැඩසටහනකට තමන් සාභාගී නොවන බව රිපබ්ලිකන් පක්ෂය පවසා ඇත . මෙයට පෙර එන්.බි.සි. නාලිකාවත් හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් වැඩසටහනක් සකස් කිරීමට සැලසුම් කිරීමේදී රිපබ්ලිකන් පක්ෂය මෙම අනතුරු ඇගවීම ඔවුන්ටද කර ඇත . 
          2016 පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටිස් පක්ෂ අපේක්ෂිකාව බවට පත්වීමේ වැඩි අවස්ථාව හේතුවෙන් මේ ගැටළු නිර්මාණය වී ඇති බව විචාරක මතයයි . මේ නිර්මාණය හේතුවෙන් ඇය වඩා ඉහලකට ඔසවා තබනු ඇතැයි , රිපබ්ලිකන් පක්ෂය චෝදනා කරයි . 
          මෙම වාර්තා චිත්‍රපටියේ නිර්මාණ කටයුතු වල මුලික අදියර වශයෙන් හිලරි ලෙස රගපෑමට ඩයනේ ලේන් නම් නිලියද නම්කර තිබුණි . ෆර්ගියුෂන් පවසන්නේ මෙම ප්‍රධාන පක්ෂ දෙකම දේශපාලන අනාගතය මුදල් මත තීරණය කර ඇති බවයි . කෙසේ නමුත් ඔහු පවසනේ ඇයගේ ජයග්‍රහණය මේ අනුව කෙබදු ආකාරයක් ගනීදැයි තේරුම්ගත හැකි බවය . නමුත් මෙම බලපෑම් ඇමරිකානු ජනතාවගේ ජයග්‍රහණයක් නොවන බවත් තමන් මෙම නිෂ්පාදනය අත්හැරීම සම්බන්ධව නිල ප්‍රකාශ තවමත් සිදු නොකළ බවත්  පවසයි


Saturday, 31 August 2013

බටහිර සිනමාවේ පළමු කළු තරුව

       ඇය අන්දොලාත්මක නර්තන ශිල්පිනියකි . නිග්‍රෝ ජාතික රංගන ශිල්පිනියක් ලෙස හා සමාජ සේවිකාවක් ලෙස නම් රැන්දු ඇය ජොසෙපින් බේකර්ය . මේ ඇගේ අප නොදත් කතාවයි . ඇය සුපිරි තරුවක් වුයේ එක රයකින් නොවේ . ඇමෙරිකාවේ ශාන්ත ලුවී  නගරයේ පැල්පතක උපන් ඇය මහා මන්දිරයක් දක්වා ආවේ කටු කොහොලින් පිරි මාවතකිනි . යුගයක් බැබලවූ ඇය ලෝක අවදානයෙන් අමතක නොවන චරිතයකි . 
             නිර්භීත ප්‍රතිපත්තිගරුක ජිවිතයක් ඇය තුල විය . වරෙක ඇය ප්‍රංශ විප්ලවයේ රහස් ඔත්තුකාරියක ලෙස සේවය කිරීම හා ඇමෙරිකාවේ කළු සුදු වර්ග භේදයට එරෙහිව නැගී සිටිමින් කටයුතු කිරීම ,ඇය තුල වූ විශිෂ්ඨ ගුණාංග ලෙස නිග්‍රෝ ජාතිකයන් අදටත් අදහති . කලකදී වහල් සේවයේ යෙදුනු මව්පිය යුවලකට දාව ඉපදුනු ජොසෙපින් , මුළු ජීවිතයේදීම දුටුවේ අරගලයන් හා පිඩාවන්ය . ඇගේ මවත් නර්තනයෙහි දක්ෂකම් දක්වා ඇත . එනිසා , නර්තනයද ඇයට උපතින්ම උරුම උනි . පියා බෙර වාදන ශිල්පියෙකි . ජොසෙපින්ගේ උපතත් සමග නර්තනයට තිත තබන්නට මවට සිදුවූ නිසා ඒ කෝපය සැම විටම ජොසෙපින් හරහා යැවීමට මව උත්සහ කලාය . ඇය මවගේ පහරදීම් වලට නිරන්තරයෙන් ලක්විය . ජොසෙපින් පවසන අන්දමට මව ඇයට කොතක් කෘර කම් කලද යත් , ඇගේ මරණය පවා පැතු බවය . කටුක වූ ළමා වියක් ඇයට උරුමවිය . 
        වර්ගවාදී ගැටුම් ආරම්භ වීම නිසා ඇයට උපන් ගමෙන් යන්නට සිදුවිය . මේ අතර ඇය වයස 11 දී විවාහ විය . මවට හෝ නගර පාලකයන්ට මෙම විවාහය ගැටළුවක් වුයේ නැත . ඔහු ඇයට වඩා දෙගුණයකින් වැඩිමල් අයෙකි . එහෙත් , ඒ විවාහය මාස 8 කින් නිමාවිය . ඉන්පසු වෙටර්වරියක ලෙස සිටි ඇය නර්තන ශිල්පිනියක ලෙස පාරට වැටුනාය . ඇය ගීතිකා කණ්ඩායමකට බැදුනා පමණක් නොව ඔවුන්ගේ සයනයේ කොටස්කාරියක් වන්නටත් සිදුවිය . මිට අමතරව මේ කණ්ඩායමට මුදල් අනුග්‍රහ දැක්වූ පුද්ගලයන්ගේ ලිංගික අවශ්‍යතාද ඉටු කරන්නට ඇයට සිදුවිය . 15 වෙනි වියේදී ඇය නැවත විවාහ වෙයි . ඇය සිටි ෆිලාදෙලෆියව හැරයන අතර , ප්‍රහසන නාට්‍ය දෙකක චරිත රගපන්නට පටන් ගත්තාය . ඇය දක්ෂ ලෙස රගැපැවය . එහෙත් නිෂ්පාදකවරුන් සමග යහන් ගත වන්නට නිරන්තරයෙන් සිදුවිය . නිතර ලිංගික අසාධාරනකම් වලට ලක්වුයේ ඇගේ ගමන යා යුතුව තිබු නිසාය .
      ඇය ප්‍රංශයේදී කැබරේ නැටුවාය . සිය දස්කම් දක්වෙමින් ප්‍රංශ තාරකාවක් බවට පත්විය . එහෙත් උපන් බිම ගැන දුක්මුසු වුවාය . ඇයට මුදල් හදල් බොහෝවිය . සුපිරි නිවසක් මිලදී ගත්තාය . ඇය ප්‍රංශ සුරදුතිකාවක් සේ බැබලුණි . ජොසෙපින් අනාත දරුවන් හදන්න පටන් ගත්තාය . විවිධ රටවල දරුවන් 13 දෙනකු ඇය සැදුවාය . ප්‍රංශ හමුදාවේ විස්වාසනීය ලෙස කටයුතු කල නිසා ,ඇයට විරවරියක ලෙස සම්මාන ලැබිය . ඇයට හමුදා නිල ඇදුම් හා පදක්කම්ද හිමිවිය .
එහෙත් ඇය වයසට යත්ම මුදල් හා සුපොඛභෝගී සියලු දේ අහිමි වන්නට විය , රුපය , හැකියාව , හා ශක්තිය පිරිහීම නිසා ඇයට තව දුරටත් නර්තනයේ යෙදීම හා සමාජ සේවයේ යෙදීමට නොහැකි විය . අවසානයේදී ඇය විසින් ඉතා බැරෑරුම් ලෙස රංගනයක් ඉදිරිපත් කල දිනක රාත්‍රියකදී කවුරුත් නොදැනම ඇදක් මත ඇය අවසන් හුස්ම හෙළුවාය . ඇයගේ චරිතයේ ඇසුපිරු තැන් බොහෝවිය දිවි පරදුවට තබා කල කැපකිරීම් බොහෝය .ලෝකයම පිළිගත් ඇය මතකයන් පමණක් ඉතිරිකර යන්නම ගියාය . 

Sunday, 25 August 2013

රයිසොවගේ හා යුලියාගේ අසාමාන්‍ය හාදුව


      මෙවර ලෝක ශුරතා තරගාවලියේ විශේෂ අවස්ථාවක් ලෙස  මීටර් 100-4 කාන්තා සහය දිවීමේ තරගය නැරඹීමට  ක්‍රීඩා ලෝලීන් උත්සුක විය . මන්ද , ඇමරිකාව ජය ලබනු ඇතැයි බලාපොරොත්තුවූ නිසාය . එහෙත් , රුසියාව එම ඉසව්වෙන් රන් පදක්කම් ලැබිය . තරගය උණුසුම් තරමට ක්‍රීඩිකාවන්ගේ හැගිම්ද උණුසුම් වූ අවස්ථාවක් ලෙස ජය සංකේත ප්‍රධානයේදී , ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගේ උණුසුම් හාදුවක් ලෝකයේම විවේචනයට ලක්වූ බව , අන්තර්ජාල ආරංචි මාර්ග පවසයි . 

      රුසියාව සමලිංගික සබදතා ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් නීතියක් පනවා ඇති අතර ,එයට නිහඩව විරුද්ධය පෑමක් ලෙස මෙම අවස්ථාව , රයිසෝවා හා යුලියා යොදාගත් බව විවේචකයන්ගේ මතය වී තිබේ . අනිත් ක්‍රීඩිකාවන් දෙදෙනා සාමාන්‍ය ආකාරයට සිප වැළද ගනිද්දී , මොවුන් දෙදෙනා පමණක් මේ ආකාරයට සතුට ප්‍රකාශ කරගත් ආකාරය ලෝක ජනමාද්‍යකරුවන් උපුටා දක්වා ඇත . 

      රන් පදක්කම් ලැබීමේදී පමණක් නොව තරග අවසානයේදීද මේ සිපගැනීම තිබු බව මාද්‍ය වාර්තා කරයි . මෙහි අසම්මත බවක්  බැලු බැල්මට ඇති බව පෙන්වා දෙති . ලෝකයා මෙම සමලිංගික හැසිරීම් ප්‍රතික්ෂේප කරනුයේ සමාජ රෝග වැඩි වශයෙන් වැළදීමේ අවදානමක් තිබෙන නිසා බව වාර්තා ගත කොට ඇත . විරුද්ධ ලිංගික සබදතා වලට වඩා සමලිංගික සබදතා ,පිලිකෙවූ කරනුයේ ඒ නිසාය . 

       කෙසේ වෙතත් එම ක්‍රීඩිකාවන් දෙදෙනා පවසන්නේ තමන් එවැනි දෙයක් නොසිතු බව හා , එම අවස්ථාවේ ජයග්‍රහණය තකා හැගීම් බරවූ බවය . මෙහි ඇත්තක්ද තිබෙන්නට ඇත . එහෙත් , අවුරුදු අටකින් නොලැබූ රන් පදක්කම අපට ලැබුණු පසු , ඒ සතුටට සීමාවක් නොමැති වූ බව , මෙම සිද්ධියට පිළිතුරු දෙමින් , රයිසෝවා පවසා ඇත . විශ්වාශයක් නැති ජයග්‍රහණයක් ලැබූ පසු , ආවේගයකින් අපි එකිනෙකාට සුභ පතා ගන්නාවිට දන්නෙම නැතුව අපේ තොල් එක්වූ බව තව දුරටත් ඇය විසින් පවසන ලදී . මෙවැනි විකාර අදහසක් පලකලේ කවුරුන්ද යන්න මවිත වන බව පැවසිය . 

        නමුත් , ලෝක ශුරතා තරගාවලියේ රිටි පැනීමේ ශුරිය වූ , රුසියාවේ යෙලේනා ඉසින්බයේවා මාද්‍ය අමතමින් මේ සිදුවීම සම්බන්ධව මෙලෙස අදහස් දැක්විය .'සමලිංගික සංකල්පය ප්‍රචාරය කරන්න අවසර දීල , මේ විදියට අනුබල දෙන්න බැ , එතකොට අපේ ජාතිකත්වය විනාශ වේවි මොකද අපි සාමාන්‍ය සම්මත ජාතියක් ' යනුවෙන් පැවසුවාය . 

      කෙසේ වෙතත් මේවන  විට අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණයට වඩා , මෙම අසම්මත හාදුව ගැන කතා කිරීමට ක්‍රීඩා විචාරකයන් උත්සුක වූ බව මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා නිදහසට කරුණු දක්වමින් තරයේම පවසති .

Saturday, 24 August 2013

Madras Cafe




        සුජිත් සර්කා අද්‍යක්ෂනය කල Madras Cafe ඉන්දියානු චිත්‍රපටියේ ප්‍රධාන චරිත රගපානුයේ ජෝන් ඒබ්‍රහම් හා නාගීස්ෆක්රි වේ .  මේ වනවිට Madras Cafe ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුනද දැඩි අර්බුර්දකාරී තත්වයකට මුහුණපාමින් සිටි . හේතුව නම් වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට පහර දීමට තනපු චිත්‍රපටයක් යයි , තමිල්නාඩු වාසීන් විසින් චෝදනා කරන හෙයිනි . මෙයට ලංකාවෙන්ද හොරෙන් උදවු ලබාදුන් බව තමිල්නාඩුව පවසති . යාපනය පසුබිම් කරගෙන නිපදවූ මෙම නිර්මාණය මුලින් නම් කරන ලද්දේ Jaffna නමිනි . 
         කෙසේ වෙතත් නිෂ්පාදන කණ්ඩායම මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් විශේෂ දර්ශනයක් හෙට වනවිට තිරගත වීමට සුදානම් කර ඇත . ඉන්දියාවේ ප්‍රබල දේශපාලන කණ්ඩායම් නායකයකු වන තම්සර් කියා සිටින්නේ , එල් ,ටි,ටි ,ඊ , සංවිධානය ත්‍රස්තවාදී කල්ලියක් ලෙස හදුන්වා ඇති බැවින් මෙම නිර්මාණය අප අනුමත නොකරන බවයි . 

       එහෙත් මෙයට පක්ෂපාතිව අදහස් දක්වන සිමන් නම් අද්‍යක්ෂකවරයා පවසන්නේ තමන්ට ශ්‍රීලංකාව සමග අමනාපයක් , අසුභවාදී සිතුවිලිත් නොමැති  බවත් , එහෙත් ශ්‍රිලන්කිය දෙමල ජනතාවගේ විමුක්තිය උදෙසා , තම ජීවිතය පිදු ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු ලෙස හැදින්වීම අනුමත නොකරන බවයි . එමනිසා තමිල්නාඩුවේ Madras Cafeප්‍රදර්ශනය කිරීම , අත්හිටුවන ලෙස ඔහු ඉන්දීය රජයෙන් ඉල්ලා සිටි . 

     ජෝන් ඒබ්‍රහම් පවසන්නේ තමා මෙම නිර්මාණය සදහා ත්‍රස්තවාදියකු ලෙස හැගීමෙන් පෙනී නොසිටි අතර , නිර්මාණයක් සදහා තම රගපෑම ලබා දුන් බවත්ය . එහෙත් අර්බුදකාරී වාතාවරණයක් මැද , සිටින Madras Cafe හෙට වනවිට මුදා හරින තෙක් අවිනිශ්තය . දේශපාලන හා , ත්‍රස්තවාදය මත දෝලනය වන මෙම නිර්මාණය , එකේක අයට එකේක විදියට බලපාන්නට පුළුවන . මෙය හුදු නිර්මාණයක් පමණක් යයි නොසිතන්නේ මන්ද? අලුත් දෙයක් දැකීමට අප නොඉවසිල්ලෙන් සිටින්නෙමු . මත හා ගැටුම් රාශියක් මත නිර්මාණය ඉබේටම ඉස්සරහටම තල්ලු වේවි යයි අපි සිතන්නෙමු .

Thursday, 15 August 2013

සිරිකට් රැජිනගේ රෙදිපිළි කවුතුකාගාරය


           මෙම කවුතුකාගාරය තායිලන්තයේ සිරිකට් රැජිනගේ 'උපකාර ' නම් පදනමට කරන ලද පරිත්‍යාගයකි . 1976 දී , රැජින විසින් අරම්ම්භ කරන ලද්දේ , තායි අත්කම් නිර්මාණ සදහා අතදීමක් ලෙසිනි . කවුතුකාගාරය තැනීමෙන් පාරම්පරික ඇදුම් ආයිත්තම් කලාව අනාගත පරපුරට දැක ගැනීම සදහා සංරක්ෂණය වීමද සිදුවේ . මෙහි ප්‍රධානම පරමාර්ථය අග්නිදිග, පෙරදිග,හා දකුණු ආසියා කලාප වල දුර්ලභ පැරණි රෙදිපිළි වර්ග ප්‍රදර්ශනය හා සංරක්ෂණයයි . ඇදුම් නිර්මාණ කලාව සදහා යමක් ඉගෙන ගන්න වේ නම් එයද මෙමගින් ඉගෙනගත හැක . 
          'උපකාර' පදනම විසින් නිර්මාණ අලෙවිකරණයද මෙහිදී සිදු කරයි . ඒවා නුතන හා පුරාතන වර්ගයේ ඒවා වේ . මෙයට අමතරව , නිවාස සැරසිලි සදහා උචිත භාණ්ඩ කපු සහ සිල්ක් මෝස්‌තර උපාංග ,ස්වර්ණාභරණ ,පොත්පත් , මල් වලින් කරන ලද අත්කම් ද මෙහි වේ . 
         සේද වලින් කල නිර්මාණ , රාජකීය මෝස්‌තර රැජිනගේ අතින්ම නිම කරන ලද දොළහකට අධික වූ ආයිත්තම් ද වේ . තායි පේෂ කර්මාන්තය ආරක්ෂා කිරීමද රැජිනගේ අරමුණ වේ. 'උපකාර' පදනම පිහිටීමෙන් දේශීය පේෂ කර්මාන්තය නගා සිටුවීම තායි කාන්තාවන්ට දැනුම හා හුරුව ලබාදී අමතර අදායම් මාර්ගයක් සාදාදීම රැජින විසින් ආරම්භ කර ඇත . තායිලන්තයේ ජාතික උරුමයන් හා සංස්කෘතිය රකිම හා එය ඉවහල් කරගත් ජිවන රටාවක් ලබාදීම සදහා රැජින විසින් ගත් මේ උත්සාහය ප්‍රසංසනීයයි . ලෝකයේ සංචාරකයින් තායිලන්තයට පැමිණෙන්නේනම් අනිවාර්යෙන්ම සිරිකට් රැජිනගේ රෙදිපිළි කවුතුකාගාරය නරඹනු ලබති .

කිඹුල් කෙල්ල



        ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ උපන් ඇෂ්ලි ලෝරන්ස් නිර්භීත කෙල්ලක් බව බය නැතුව කිඹුල්ලු අල්ලපු නිසා අද වන විට ලෝක ප්‍රසිද්ධ වෙලා . ඇය ෆ්ලොරිඩවේම අද්‍යාපනය ලත් අතර , කුඩා කල සිටම සතුන් හා සෙල්ලම් කිරීමට ඇල්මක් දැක්විය . ඇෂ්ලි මේ වන විට හැකියාව වගේම සිය රැකියාවද කිඹුල්ලු ඇල්ලීම කරගති . දැනට ඇය වසර පහක සිට ෆ්ලොරීඩාවේ  ජාතික උද්‍යානයේ කිඹුල්ලු ඇල්ලීම සිදු කරනු ලබයි . පිරිමින් හා එම රැකියාව කරන එකම කාන්තාවද ඇයයි . මේ වන විට ඇයට අවුරුදු 25 ක් විතර ඇති .

       ඇය මෙම  කටයුත්තේදී කිම්බුල්ලුන්ගේ කට ගැන සැලකිලිමත් වේ . දැනට ෆ්ලොරීඩාවේ තැන් තැන් වල අස්ථාන ගත වෙලා ඉන්න කිඹුල්ලු අල්ලලා වතුරට මුදා හැරීම කරයි ප්‍රදේශවාසීන් කියන්නේ මේ රස්සාව මෙයාගේ ඇගේම තියන එකක් බවයි ඇෂ්ලි පවසන්නේ සත්තුන්ගේ භාෂාව තමන්ට තේරෙන බවයි .ඒ හන්ද අනතුරක් නොවන බව ඇය පවසයි .

       ඇෂ්ලි මේ රස්සාවට ගොඩක් කැමතියි . සතාව මෙල්ල කර ගත්තම සතා එක්ක ගොඩක් දගලන්න ඕන නැතිලු . සත්තුන්ගේ හැසිරීම් රටාව ඇයට මේ වන විට හොදටම පුරුදුයි . වෙන රැකියාවක් ගැන නම් හිතන්නෙත් නැතිලු . ෆ්ලොරීඩාවේ කිඹුල්ලු මිලියන ගානක් වැවු ගංගා වල ජිවත් වන අතර , සත්තු ගොඩට ඒම නිසා මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ජිවිත වලටද තර්ජනයක් වෙන නිසා , ඇෂ්ලි මේ කටයුත්තට වඩාම කැමති වෙලා .

     මෙවන් නිර්භීත කෙල්ලන් හා සත්තුන්ට ආදරය දක්වන පරිසරහිතකාමියන් සිටීම ලෝකෙට යහපතක්ය .ඇය සතු සුවිශේෂී හැකියාවට හා ඒ සදහා ඇති ඇල්ම අගය කල යුත්තකි .. 

Sunday, 11 August 2013

අපරාධ පාලනය කරන පාත්ත පොලිසිය


             චීනයට මුහුණ දීමට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයකි අපරාධ පාලනය . මෙම අපරාධ පාලනය කිරීම සදහා චීන පොලිසිය සම්ප්‍රධායික හා සම්ප්‍රධායික නොවන ක්‍රමද භාවිතා කිරීමට උත්සහ ගෙන ඇත . මේ අනුව චීනයේ සින්ජියන්ග් ප්‍රාන්තයේ අපරාධකරුවන් අල්ලා ගැනීම සදහා , එහි පොලිසිය අළුත් නිලධාරීන් පිරිසක් යොදවා ඇත . එම නිලධාරීන් නම් 20 දෙනා බැගින් වූ පාත්තයන් කණ්ඩායමකි . මෙම වසර මුලදී ඇරඹි , පාත්ත පොලිසිය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව චීනයේ 'ද පීපල්ස් ඩේලි' පුවත්පත වාර්තා කරයි .

                  පාත්තයින් කුකුළු පවුලට අයිති වන අතර , ඉතා හොද සෝදිසි මට්ටමක් ඇති , තියුණු ශ්‍රවන තත්වයක් ඇති සත්ව විශේෂයකි . මෙම තීක්ෂණ සංවේදී , එඩිතර සත්වයින් සින්ජියන්ග් ප්‍රාන්තයේ අපරාධ පාලනය කිරීමට මහත් දායකත්වයක් දක්වයි . බල්ලන්ටත් වඩා සුවිශේෂී හැකියාවක් මොවුන් පෙන්වයි . දැන් මුළු චීනය පුරාම පාත්ත පොලිසිය යෙදවීමට සාකච්චා මට්ටමේ පවතින බව හෙළිවේ .
 
         මෙම පාත්තයින් සතුරා දුටු විට පහර දීමට තටු විහිදා සටන පටන් ගනී . හරියට විදුලි බලය හෝ වෙනයම් බලශක්ති ප්‍රභවයකින් තොරව රේඩාර් යන්ත්‍රයක් වගේ ක්‍රියා කරයි . මෙම පාත්ත පොලිසිය නිසා , කලබලකාරී සින්ජියන්ග් ප්‍රාන්තයට ආරක්ෂාකාරී භාවයක් හා ලබාදී ඇත .පසුගිය ජුනි මාසයේ පොලිස් මුලස්ථානයට කඩා වැදී , මෝටර් සයිකලයක් පැහැරගෙන යාමට තැත් කරද්දී , එම සොරා අල්ලා දීමට පාත්ත පොලිසිය සමත්වී ඇත . මේ අනුව බලන විට සතුන්ගෙන් සිදුවන ආරක්ෂාකාරී සේවාව අතීතයේදී මෙන් නවීන යුගයේදීද වැදගත් බව පෙන්වා දී ඇත . ලෝකය සමග අප ඉදිරියට ගියාද නැතහොත් නැවතත් පුනරාගමනය කලාද යන්න සිතා ගත නොහැක .

Sunday, 4 August 2013

අළුත උපන් රජකුමරත් සුන්නත් කරයිද?


       
 
          රාජකීය කුමරා ඉපදෙන තෙක් ලෝකයම බලා සිටියා . නම් තැබීම ,මේ අතර තුර ,දැඩි විවේචනයටද ලක්වුණා . හේතුව නමෙහි බලයක් නොමැති බවක්ය . නැකත්කරුවන්ට අනුව , රජ කුමරාගේ කේන්දරයේද ගුණදොස් විචාරිය , ඒ අනුව පියාට අපල බවත් , දෙමාපියන්ගේ වෙන්වීමක් හෝ පියාගේ ඇත් වීමක් සිදුවෙන බවත් අනාවැකි පළකළහ .රාජකීය පවුල් ...  පුවත් මවන බවත් ලෝකයම ඒ දෙස විමසිල්ලෙන් සිටින බවත් ප්‍රසිද්ධ රහසකි ඉතින් , අනාගතය කෙබදු උවද, නවතම පුවත නම් රජ කුමරාගේ සුන්නත් උත්සවයයි . මෙය අපට ආගන්තුක උවද එංගලන්තයේ රජ පවුලට හා එහි වංශවතුන්ට පැවති වැදගත් චාරිත්‍රයක් බව පැවසේ . 

     මෙම චාරිත්‍රය එංගලන්තයේ ආරම්භ වුයේ 1840 තරම් ඇත යුගයකයි . එනම් පළමුවැනි ජෝර්ජ් රජතුමාගේ රාජ්‍ය සමයේදීයි , පළමු වරට සුන්නත් කිරීමට ලක්වුයේ , හත්වෙනි එඩ්වර්ඩ් රජු බව ඉතිහාසගත වේ . එංගලන්තයේ වික්ටෝරියා මහ රැජින බයිබලයේද සදහන් වන ඊශ්‍රායලයේ දෙවෙනි ඩේවිඩ් රජතුමාගෙන් තමා පැවැත එන බව ,තදබල විශ්වාශයකින් ජීවත්වූ නිසා , ඇයගේ දරුවන් සියළු දෙනාම සුන්නත් කලබව කියවේ . ඒ හේතුවෙන් රාජකීය පවුලේ සියළු දෙනාත් , වංශවතුන්ගේ පිරිමි දරුවනුත් සුන්නත් කිරීමවික්ටෝරිය රැජින විසින්  රාජකීය නීතියට බලාත්මක කල බව කියවේ .

       ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයාද සුන්නත් කල බවත් , එහෙත් ඔහුගේ පුතුණුවන් වූ විලියම් හා හැරී කුමාරවරු සුන්නත් කිරීමෙන් ගැලවුනේ ඩයනා කුමරියගේ බලවත් විරෝධතාවයෙනි . ඇය මෙහිදී වයිධ්‍ය මතය විමසුවාය . සුන්නත් කිරීමේ වාසි හා අවාසි සොයා බැලුවාය . මේ අනුව , සිදුවන්නාවූ මෙම ශල්‍යකර්මයේ පසුවිපාක මත , කුමාරවරු සුන්නත් කිරීමෙන් වැළකුණහ . දෙවෙනි එලිසබෙත් රැජින හා පිලිප් කුමරා මේ හේතුවෙන් හිත් නරක්කරගත් අතර  ඩයනා කුමරියගේ අභාවයෙන් පසුව කුමාරවරු සුන්නත් කල බවක් ආරංචි වේ . 

        එසේ වුවත් 1970 ගණන් වනවිට එංගලන්තයේ වංශවත් පවුල්වල දරුවන් සුන්නත් කිරීමෙන් වලක්වා ගත්හ . මෙම ශල්‍ය කර්මයෙන් පසුව සිදුවන විෂබීජ කාන්දුවීම නිසා හා හර්පිස් වැනි දරුණු සමාජ රෝගද , වෙනත් ආසදනද සිදුවීමට ඉඩ ඇති බැවින් , මෙයට දැඩි විරෝධතා එල්ලවී ඇත . එහෙත් අලුත් කුමරා මේ වනවිට සුන්නත් කිරීමට යෝජිත නිසා , කේට් කුමරිය ඩයනා කුමරිය මෙන් එඩිතර පියවරක් ගනීදැයි ලෝකයම  විමසිල්ලෙන් හිදී . 

වසර 500 ක් පැරණි ඉන්කා මමියක් කතා කරයි




       1999 වසරේ ආර්ජන්ටිනාවේ ලලුලයිලසෝ ගිනිකන්ද අසබඩ සුසානභුමියක තිබී ගැහැණු ළමයකුගේ මමියක් සොයා ගෙන ඇත . වසර 500 ක් තරම් පැරණි බව , පර්යේෂකයන් විසින් සනාථ කලද , මමිය , හොදින් සකස්කර ජීවමාන ආකාරයට සකස් කලේ ඇයිද යන්න , මේ වනවිට පර්යේෂණ පවත්වති . වයස 13 ක් යයි අනුමාන කළහැකි මෙම දැරිය , පර්යේෂකයන් මෙම මමිය 'ලා ඩෙන්සේලා ' ලෙස සිංහලෙන් කන්‍යාවිය ලෙස නම්කර ඇත . 

         හැමෝම කියන්නේ , මෙය දෙවියන් වෙනුවෙන් කරපු බිලිපුජාවක් බවයි . මේ සමග තවත් බාල ළමුන්ගේ මමී දෙකක් සුසාන භුමියේ තිබී සොයාගෙන ඇත . පසුගිය වසර 14 තුලම නොයෙක් අවස්ථා වල මෙම මමී පර්යේෂණයට ලක් කර ඇත . ලගදි , මෙම මමියේ කොන්ඩ කැලි අරන් පරික්ෂා කිරීමේදී , මැරෙන අවස්ථාවේ බොහෝ සේ , මත්ව සිට ඇති බව අනාවරණය විය . 'කොකාකෝල ' වර්ගයේ මත් ද්‍රවයක ඉහල සාන්ද්‍රණයක් ශරීරයේ තිබී ඇත . එලෙස සිහිමදව ගිනිකන්ද ලග මැරෙන්න සලස්වා ඇති බව පෙනේ . 

      ඉන්කාවරුන්ගේ ඉතිහාසයේ සදහන් වන අන්දමට මෙම බිලිපුජාව හදුන්වා ඇත්තේ , 'කැපකොව ' නමිනි . ගෝත්‍රයේ පාලකයන්ට ආශීර්වාද පතා මෙවැනි බිලිපුජා පවත්වා ඇත . ඇය මැරුණු ඉරියව්වෙන්ම ,මෙම චායාරුප ගතකොට ඇත . එරමිණිය ගොතාගෙන සීතලට වකුටුවෙලා , අත් කකුල්දෙක උඩ තියාගෙන , ඔළුව පහත් කරන් , කුරුළු පිහාටු වලින් හදපු හිස් පළදනාවක් දමාගෙන ඉද ඇත . කොන්ඩෙත් හොදින් පීරා සකසා ඇත . 

       බිලිදෙන්න අවුද්දකට කලින් මෙයාව තෝරාගෙන , මේ මත් ද්‍රව්‍ය ක්‍රමයෙන් දී ඇත . වඩාත් ශාන්තව සිටීමට මත් ද්‍රව්‍ය වැඩිපුර දී සිහි නැති උනාට පසු ගිනි  කන්ද අසලට ගෙනවිත් , සීතලත් එක්කම මැරෙන්න ඉඩ ඇර ඇත . ගෝත්‍රික සමාජ සිරිත් ඉටු කිරීමට ඉතිහාසයේ කර ඇති තවත් මිලෙජ්ච ක්‍රියාවක් , මේ මමී හමුවීම නිසා , සොයාගත හැකිවිය . එහෙත් මෙවැනි ඉරණම් පොලවයට සදාකාලිකවම වැළලී ඇති බවත් , ඒවා සදාකාලික රහස්ම ලෙස අතීතයට එකතු වන්නට ඇති බවත් මේ අනුව අපට සිතාගත හැක .

Monday, 22 July 2013

වර්තමාන ශ්‍රිලංකාවේ මලල ක්‍රීඩාව හා ක්‍රීඩිකාවන්ට අත්වූ ඉරණම




          ක්‍රීඩාවට  එදා අප සැලකුවේ මහත්වූ දේවත්වයෙනි ක්‍රීඩා භුමිය ,හරියට පුජාභුමියක් තරම් ගරු සැලකිල්ලක් හා ගාම්භීරත්වයක් දැරූ තැනක් බවට පත් උනා . අපි ක්‍රීඩාවකට අවතීර්ණ උනේ භූමියට වැදලා , ආශීර්වාද අරගෙන . ක්‍රීඩා ගුරුවරුන්ට අදත් අපි සලකන්නේ මහත්වූ භක්තියෙන් . ක්‍රීඩාව අපේ ජිවිතයට දුන් දේ බොහෝයි . පොළොවේ පයගහල අද අපි ඉන්නේ , ඒ  ආනිසන්සෙන් , අද අපි ස්ථාවරව ඉන්නවා , එත් වර්තමාන මලල ක්‍රීඩාව දිහා බලපුවම ,එදාට වඩා අද බොහෝ වෙනස් තැනකයි තියෙන්නේ . ක්‍රීඩාව ලෝකය සමග ඉදිරියට ගියාට , අපේ මලල ක්‍රීඩාව නම් පසුගාමී තත්වයකයි තියෙන්නේ කියල , ඕනෑම කෙනෙක් දන්නනවා . එදා වගේ සුපිරි තරු අද නැ . තරු පැයුවත් ,ඉක්මනින්ම කඩන් වැටිලා  . මෙයට හේතුව කුමක්ද කියා නම් ක්‍රීඩා විචාරකයෝ හා දිනපතා ක්‍රීඩා භුමි වල සැරිසරන්නන් නම් දන්නනවා ඇත . 

         මලල ක්‍රීඩා සදහා සුදුසුකම් ලබා ගමෙන් කොළඹට පැමිණෙන ගමේ ළමුන් රට තොට ,මනුස්ස සත්වයා ගැන නොදැන ක්‍රීඩාව තුල පෙන්නන දක්ෂකම් නිසා , මුලින්ම වල්මත් වීමට පටන්ගෙන ඇත . මේ නොදන්නා ළමුන් වටේ ,කැරකෙන අනුග්‍රාහකයෝ නිසා , මේ තත්වය උදාවී ඇති බව තතු දන්නෝ හා අත්දැකීම් ලබා ඇති ඇතැමුන් විසින් පවසති . ඔවුන් මේ ක්‍රීඩිකාවන් හට හදුන්වා දෙන්නේ ඔවුන්ගේ පුහුණුකරුවන් විසින්මයි . සපත්තු දෙකේ ඉදල , කෑමබීම වියදම් පවා දරමින් එක , එක ක්‍රීඩිකාව සදහා අනුග්‍රාහකත්වය සපයයි . පසුව ජංගම දුරකථන හරහා ඔවුන්ගේ දුකසැප විමසයි . වඩාත් හිතවත්වූ විට ,තම රථයෙන් හවසට ගමන් පහසුකම් සලසයි . මේ සියල්ල උදව් වේ . ඉන්පසු මේ හිතවත්කම් වඩාත් දුර ගොස් , අනුග්‍රාහකයෝ ක්‍රීඩිකාවන් තම ඇද වෙතට නිකන්ම ගෙන්වා ගැනීමේ කුමන්ත්‍රණය කර අවසන්ය . මේ ළමුන්ට ඇදුම් පැළදුම් අරන්දී යහමින් මුදල් හදල් ලබා දී ,අවශ්‍ය නම් ගෙවල් දොරවල්ද සදා දෙන තරමට ඔවුන් ධනවත් හා ආදරණිය වන්නේය . ඉතින් , ක්‍රීඩාවේ අරමුණු පසෙකලා , සැප සම්පත් පසුපස යන මේ නොදරුවෝ , කවදා ශ්‍රීලංකා වාර්තා පිහිටවන්නද ?

       මෙම ක්‍රියාවලිය සදහා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහල පුටු වලින්ද දායකත්වය ලබාදේ , අවශ්‍ය වූ විට ඔවුන්ටද , මේ විවෘත ලිංගික සුරකැම සදහා දායක වීමට අවස්ථාව ඇත . ක්‍රීඩිකාවන්ට විදේශ සංචාර ලැබෙන්නේ , මේ දක්ෂකමට වඩා මේ ක්‍රමයට බැවු සමහරු පවසති . මේවට  අකමැති වූ ක්‍රීඩිකාවන්ට නිලධාරීන්ගෙන්  කුඩම්මාගේ සැලකිලි ලැබෙයි . මෙලෙස වැඩි කලක් නොදුවා පස්ස බිම ඇන ගන්නා ක්‍රීඩිකාවෝ , ඉක්මනින්ම ගෙදර නවතිති . නැත්නම් , දවල්ට දුවා රැට , ගණිකාවන් සේ සේවයේ යෙදෙති  . උතුම් ලෙස රැකදුන් ක්‍රීඩාව මෙලෙස කරනම් ගසන ආකාරය තතු දන්නෝ දනිති . ඇගිල්ල දිගු වන්නේ දෙපර්ශයටමය . මේ සමාජ ක්‍රමය යටතේ , වැරදිකරුවන් කවුරු වුවත්  සත්‍ය වටහාගෙන , මලල ක්‍රීඩාව ගොඩ ගන්නේ නම් අතීතයේ බිහිවූ සුපිරි තරු වලට කරන ගව්රවයකි . නැතිනම් , තව දුරටත් මලල ක්‍රීඩාවක් ඉතිරි වන්නේ නැත . 

Saturday, 20 July 2013

නිදහස ඉල්ලා හඩා වැටෙන මුස්ලිම් දරුවෝ


         අල්ලාහ් දුන් ජීවිතය ජිවත් වෙන්න තරම් , ආශීර්වාදයක් කරගන්න බැරුව , හඩාවැටෙන දරුවෝ කොතෙක් ඇත්දැයි , දැන් දැන් හෙළිවී තිබෙනවා , මලාලගෙන් පසුව , අනිත් දරුවනුත් තමන්ට සිදු වූ අසාධාරනකම්  ගැන කියන්න.  පෙළගැහිලා , මුලින්ම තම පවුල තුලින් මතුවූ මෙම අපරාධ , තව තවත් මුස්ලිම් සමාජය දක්වා නිතිය අතට ගනිමින් , ආගමික අන්ත මතවාදී කුරිරුකම්, ශුද්ධ සිරිත් ලෙස ක්‍රියා කිරීමට පටන්ගෙන ඇත . ලෝකයටම අයිති මානුෂික අයිතීන් උල්ලංඝනය කරමින් , සාහසික ලෙස මෙම අපරාධ කිරීමට පෙළඹව ඇත . 

        මේවා වෙනමම ජාතියක අපරාධ ලෙස සංඛ්‍යාලේඛන ගත කිරීමට සිදුවී ඇති වුවද  . අපරාධ ඉතිහාසයේ නවතම සංසිද්ධියක් ලෙස සටහන් කරන්නට සිදුවවත් , අනියම් ලෙස පෙර සිටම සිදුවූ නිහඩ අපරාධ ඝනයේ , අපරාධ ලෙස අපට පිළිගැනීමට සිදුව ඇත . ආගම් ඇත්තේ මිනිසුන්ගේ සිත් නිවී පහන් කිරීමටය , එහෙත් , මුස්ලිම් ආගම තුල ඇත්තේ , සිත් කුපිත කරවන ඉගැන්විම්ය . මිනිස්සු තලා පෙලා දමන ආගම් , මිනිසුන් විසින්ම ප්‍රතික්ෂේප කලයුතු වේ . 

       තම ආගම එපාවූ ඇමෙරිකා  එක්සත් ජනපදයේ දැරිවියක් ක්‍රිස්තියානි ආගම වැලදගත් හේතුවෙන් සිය පියා විසින් තම දියණිය මරා දැමීමට ගත් තීරණය නිසා , ගෙදරින් පැනගොස් ලෝකයටම තම ආගමේ ඇත්ත හෙළි කරන ලදී , එහෙත් අවාසනාවට ශ්‍රීලාංකික දරිවියෙකි . ඇය පවසන අන්දමට , මෙය මුස්ලිම් සමාජයේ සිදුවූ එකම සිදුවීම නොව , කියා ගන්න බැරි දහසක් දරුවන් මේ මුස්ලිම් අපායේ අන්ත දුක් විදින බවයි . මුස්ලිම් නීති කඩන දරුවන් තම පියා හෝ සහෝදරයකු අතින් මැරුම්කන බව අද ලෝකයට රහසක් නොවේ . එසේ නම් ළමා හා කාන්තා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගැන , ලෝක මානව හිතවාදීන් පියවර නොගන්නේ මන්ද? සියල්ලෝම නිහඩව සිටි . කිසිදු අයිතිවාසිකමක් නොලබන එකම කොට්ටාශය , කාන්තාවන්  බව හා ස්ත්‍රීවාදය ,මුස්ලිම් සමාජයේ තහනම් වචනය බවට් පමණක් වලංගුව ඇත .

    ළමා ලෝකය සුන්දර ලෙස විදින්නට නොහැකිව ලතවෙන මේ දරුවෝ , කොතෙක් නම් පීඩාවන් ඉවසා ඇත්ද? අප අතර සිටි පාසල් යුගයේ අපේ මුස්ලිම් යාළුවන් අදවන විට , කොහේ සිටිනවාදැයි පවා අප නොදනන්නෙමි . හේතුව , අප තරමට ඔවුන්ට සමාජ සම්බන්ධකම් නොතිබූ නිසා හා භාහිර ක්‍රියා කාරකම් වලට සභාගි නොවූ නිසාවෙනි . ඒ , ඔවුන් පෙළු පීඩනයයි . පුදුම තරමේ සික්ෂණයක් හා ඉවසීමක් ඔවුන්ට තිබීම අපද පුදුම කරවිය . එහෙත් ඇත්තට යටින් තිබු යථාර්තය දැනගත්දා , සුසුමක් පමණි අපට හෙලන්ට සිදුව ඇත්තේ ......අපේ ළමා ලෝකයට වඩා නුඹලාගේ ළමා ලෝකය බෙහෙවින්ම වෙනස් එකකි .

Wednesday, 17 July 2013

සිනමා අර්බුද හරහා ඉගිල්ලෙන්න මාළුවෝ



                සිනමාව සුන්දර ක්ෂේත්‍රයක් වූ කල මාළුවන්ට ඉගිලෙන්න බැරි උනාට පීනන්න  නම් තහනම් නැ නේද...? එසේ නම් ,  මෙවැනි සුන්දර වූ කඩ ඉමක  සිදුවූ විපරියාසය කුමක්දැයි ප්‍රේක්ෂක අපට තවමත් සිතාගත නොහැක . ඉගිල්ලෙන මාළුවෝ අපි තාම දැක්කේ නම් නැත . ඒත් .... ඉගිල්ලෙනකම් බලා සිටියෙමු . ඒ ... ලෝකේ වටේ ඉගිල්ලී හැඩ බලපු ආරංචිය නිසයි . අහපු විදියට අපුර්ව නිර්මාණයක් බව දැන ගන්න ලැබුන . 

             නමුත්, හෙනයක් පත්වුණා වගේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී , පැවැත්වූ  ප්‍රංශ සිනමා උලෙලදී ඉගිල්ලෙන මාළුවෝ වාරණයට ලක්වෙද්දී ,සිදුවුයේ කුමක්දැයි අප තාම නොදනිමු . ලකවේදී නම් මාළුවන්ට ඉගිල්ලෙන්න බැ වගෙයි අපට හිතෙන්නේ . හරියට අහසින් ගිය ඉබ්බාට උන කතාව තමයි තාමත් මතකයට එන්නේ . ඒත් එය විහිළුවක් නම් නොවේ .

       ලෝකයේ කරක් ගසා සිනමාව ගැන ඉගෙන ගත්තු සංජිව පුෂ්ප කුමාරට වැරදුනේ කොතනදැයි ,අප තාම දන්නේ නැත . එහෙත් දෙයක් සිදුව ඇත . මත කීපයක් ගොඩ නැගී ඇත . නිර්මාණයක් යනු ජාතියක අනන්‍යතාවයයි . ජාතියක් පාවාදීමේ අයිතියක් කාටවත් නැත . මෙය නොදන්නේද ? නිර්මාණකරුවකු . වැරදුනේ ඔහුට නොව අපට වියහැක . මාළුවෝ ඉගිල්ලෙනකම් බලන් හිටපූ එක ......  නිර්මාණය සාර්ථක නම් ගැටුම් බොහෝ වෙයි . එය අප දන්නා සාමාන්යකරණයයි , අලුත් දෙයක් දකින්න අපිත් ආසයි කලාව රසවිදින නිසා ,  ඒත් මාළුවෝ ඉගිල්ලෙනකම් ආයෙත් ,බලන් ඉන්න වේවි . අර්බුද අවසන්ව සාමකාමී අවසානයක් දකින්නත් මාළුවන්ට ඉගිල්ලෙන්න පුළුවන් වාතාවරණයක් ලැබෙන්නත් ,  සිනමාව තුලින් අප බලාපොරොත්තු වෙමු .


Sunday, 14 July 2013

නැගිටින්න මලාලා ආයෙත් .......




               ඇය පකිස්තානු දැරියකි . ලෝකයම මලාලා ගැන දැන ගත්තේ , අද්යාපන නිදහස පිළිබද ලිපියක් අන්තර්ජාලයට මුදා හැරීමේ වරදිනි . තලේබාන්  සටන්කාමීන්ගේ වෙඩි උණ්ඩයකට ලක්ව ජීවිතයත් මරණයත් අතර සටන් වදිද්දි අල්ලාහ් ඇයට ජීවිතය දුන්නායයි ඇයගේ ආගමට අනුව අප සිතමු . ඇය දිනුවාය . නැවත නැගිට්ටේ පෙරටත් වඩා දැනුමෙන් සන්නද්ධ වීමෙනි . ඇය එක්සත් ජාතීන්ගේ සම්මේලනයක් ඇමතුවාය . ඇයගේ කතාවට අප සවන් දුනිමු . දෑස අදහාගත නොහැක . ඇය පැහැදිලිවම අදහස් දැක්විය . සියල්ල සත්‍ය යයි අප දනිමු . එහෙත් ඒ කටුක සත්‍ය අන්තවාදීන්ට ඇයි නොතේරෙන්නේ? 

             මේ වනවිට එක්සත් රාජධානියේ ඇය අද්‍යාපනය ලබයි . සියලු මුස්ලිම් දැරියන්ගේ අද්යාපන අයිතිය ගැන ඇය කතා කලාය . අන්තවාදීන්ට අද්‍යපනයක් තියා අකුරු හැකියාව වත් තිබේදැයි මේ අනුව සැක සහිතය . තුවක්කුව අතට ගත් ඔවුන් උගත්කමට බයවී ඇත . කාන්තාවන්ගේ බලයට බයවී ඇත . කාන්තාවන් මර්ධනය මුස්ලිම් සමාජයේ සාමාන්‍ය සිද්ධියක් වන තරමට ඔවුන් බුද්ධිය යටගසා ඇත . මේ සියලුදේට එරෙහිව මලාලා දැන් නැගීසිටි ,පීඩනය එතරම් ප්‍රබලව ඇත . එහෙත් තලෙයිබානුවන් පුරසාරම් දොඩවයි , මලාලා නැවත ඉලක්ක කරගන්නා බව පවසා ඇත . ඇයි කාන්තා නිදහසට ඔවුන් මෙතරම් බය ? ආගම හා අද්‍යාපනය අතර ඇති නොගැලපීම කුමක් විය හැකිදැයි අපට නම් ප්‍රෙහෙලිකාවකි .

              සියලු ආගම් වලට අප ගරු කරන්නෙමු . එහෙත් මිත්‍යාවට දන නොගැසිය යුතුය . මිනිසුන් තලා පෙලා දමන දැඩි නීති වලට උදහස් වන්නෙමු . සත්‍යට මුහුණ දියයුතු කාලයක , බෙදීම් ඇතිකර ගත යුත්තේ අයි?  ලිංගභේදය   අසමානතාවක් වුයේ කෙසේද ? පොදුදහම ස්වභාවදහමයි . යුක්තිය , ස්භාවික යුක්තියයි , එසේ නම් , වෙනත් නිවට නියාලු නීති වලින් වැඩක් නැත . සියලු දෙනාටම එකවගේ ජීවත්වීමේ අයිතිය තහවරු වන ලොවක් දැකීම සියලු මුස්ලිම් කාන්තාවන්ගේ ප්‍රාර්ථනාව බව අප දනිමු  පර්දාවට මුවාවී විදවන ජිවිතයේ කෙළෙවරක් , තිබිය යුතුය . මලාලා , මේ ප්‍රර්තනාවට දැන් අත පොත් තබා ඇත . අල්ලාහ් දෙවියනි ඇයට ආශීර්වාද කරන්න . 

Wednesday, 10 July 2013

බලන් කඩතුරා හැර දෑසේ ....




         මානව හිමිකම් සියලු මනුෂ්‍යන්ටම පොදුය , තමන් කැමති විදියට ,අනුන්ට කරදරයක් නොවන ආකාරයට ජිවත් වීමට ,ස්වභාව ධර්මයා ,අපට ඉඩදී ඇත . එසේනම් , ඇයි ? මේ විදියට එක් ජන කොට්ටාශයකට විතරක් , සමහර අයිතීන් නැති කරලා තියෙන්නේ ? මනුෂ්‍ය දහම පොදු දහමකි . ආගමික නීති කුමටද අපට ,අවශ්‍ය රීති තියෙද්දී , නීති කැඩුවම දඩුවම මරණයද? 

         පකිස්ථානයේ ,එක පවුලේ පහළොස් හා දහසය හැවිරිදි ගැහැණු දරුවන් දෙදනකු සිය නිවෙස් භුමියේ නිදහසේ වැස්සට තෙමි තෙමි නර්තනයේ යෙදීම , මරණයට පත්කළ යුතු වරදක්ද? නාදුනන තුවක්කුකරුවෙකුට ඔවුන් බිලිවුයේ නරුමයකු විසින්  එම නැටුම් දර්ශනය වීඩියෝ ගතකොට අන්තර්ජාලයේ මුදා හැරීම හේතුවෙනි . නිදහස  , කොයි තරම් වටිනවද , ළමා ලෝකයට .... 
දැරියන්ගේ ජිවිත එලෙස සදාකාලයටම නිගඩ කරවුයේ ෂරිය නීතියේ තරම ලෝකයට කියාදෙන්නද ?

       මෙය පළමු සිදුවීම නොවන අතර ඉදිරියේදීද මෙවැනි සිදුවීම් මුස්ලිම් ලෝකය තුල සිදු වනවා ඇත . තලෙයිබානයේදී එක් පාසල් සිසුවියක් නිදහස් අද්‍යාපනය ගැන කතා කරද්දී , ඇයටද උත්තර දුන්නේ වෙඩි උණ්ඩයකිනි , රිසානා සදහටම නිහඩ කරවුයේද ඔවුන්ගේ ඒ නරුම නීතියයි . තවත් කාලයක් මුස්ලිම් කතුන්ට පර්දාවට මුවාවූ නිදහස වෙනුවෙන් හිල්ලිමට සිදුවනවා ඇත . එය උපන් ගෙයි වරදකි . ෂරිය නීතියට තවත් හාස්කම් ඇත . ඔවුන්ගේ පුරුෂාධිපත්‍ය ,කාන්තාවන්ගේ මානුෂිය අයිතීන් තවදුරටත් උල්ලංඝනය කරනු ඇත . තවත් තස්ලිමා නස්රුදින්ලා බිහිවීමේ කාලයක අවශ්‍යතාව මතුව ඇත . දැන්වත් ඔය කඩතුරාව විවර කරනු මැන , සියලු කතුනි .

Sunday, 7 July 2013

Social බලාපොරොත්තු සහ කඩවීම්


බලාපොරොත්තු සහ කඩවීම් 

             ජීවිතය අප ජිවත් කරවන්නේ බලාපොරොත්තු වලින් , අහස උසට පරිකල්පනය කරමින් ඒ තුල අප , අපේ ජීවිතය ගොනු කර ගන්නවා . මේ ක්‍රමය සාර්ථකද? කාටවත් කියන්න පුලුවන්ද ...? ජීවිතය දිනන විදිය මේක කියල . අපි කැමති නම් මෙහෙම හිතන්න , ඒත් , යථාර්ථවාදය මෙය නම් නොවේ . ලෝකය යායුතු දිශානතියට යනවිට , අපට ඊට ප්‍රතිවිරුද්ධව යා නොහැක . ඝට්ටනය පටන් ගන්නේ එතනින් , මේ කඹ ඇදිල්ල හින්ද  තමයි , අපේ බලාපොරොත්තු කඩවෙනවා කියන්නේ .

           උපකල්පන සැම විටම නිවැරදි නැ . අප මේ යථාර්තය ,දැනගත යුතුයි . යම් දෙයක් පිළිබද අධික බලාපොරොත්තු ඇති කරන් , ඒවා කැඩුනම , අපේ ප්‍රතිචාර සැමවිටම යහපත් නොවේ . මේ දිනවල අසන්න ලැබෙන සිද්ධීන්ට සාපේක්ෂව , ඉක්මන් කෝපය මත හා , මානසික වියවුල්තාවය මත සිදුවූ අපරාධ සංඛ්‍යාත්මකව ඉහල ගොස් ඇත . ප්‍රේමය බිද වැටුන තැන , අනෙක් පාර්ශවයේ දිවි තොර කිරීමට තරම් , සිතුවිල්ලක් අපට ඉපදෙන්නේ , මෙලෙස ඇති කරගත් අධික බලාපොරොත්තු නිසාද? නැතිනම් දෙපාර්ශවයේම ,දිවි නැතිකර ගැනීම යුක්ති සහගතද? මෙය එක සන්සිධියක් පමණි , 

           නැතහොත් , අපට ලැබෙන්න තියන දෙයක් නොලැබෙන විටදී , මෙවැනි අපරාධකාරී ක්‍රියාවන්ට යොමුවීම ,එකම විසදුමද? ලෝකය මේ වනවිට අපරාධ රැල්ලකට හසුවී හමාරය . එයට නියැදියක් ලෙස අප රටද ,එම රැල්ලේම කොටස්කරුවන් වී ඇත . අපරාධය යුක්ති සහගත නොවන බව අප දනිමු . එහෙත් කඩවූ බලාපොරොත්තු නැවත ඉටුවන්නේද නැත . එසේ නම් අපට මින් ලැබෙනුයේ කුමක්ද? දුක ,වේදනාව හා පසුතැවිල්ල පමණි . මේ සියලු දේ දැනෙන විට , ජීවිතය විදින්න තියන කාලය අවසන්වී ඇත .

          අපරාධකරුවන් සැමවිටම සිටින්නේ බියෙනි . කලබලකාරී බව තිගැස්ම හා නින්ද නොයාම වැනි මානසික ව්‍යාධියෙන් පෙලේ . තමාගේ වැරදි කවදාක හෝ තමා පසුපස එනබව හොදින්ම දනී . එසේ නම් මෙවැනි මානසික අසමතීකත්වයට ඇයි අප පත්වෙන්නේ , අප සැම විටම අපගේ ප්‍රමාණයට ,බලාපොරොත්තු තබා ගන්නේ නම් , මෙවැනි සිදුවීම් උදා නොවේ . ජිවිත උපේක්ෂාව අප වෙත සැම විටම තබා ගත යුතුයි . සමාජ රැල්ලේ තවත් එක් බිල්ලක් බවට අප පත් නොවිය යුතුය .

Saturday, 6 July 2013

story

90 දශකයේ ප්‍රේමය 


            මම O/L වලට  පන්ති ගියේ ඉගෙන ගන්නමද මන්ද , කියල මට නම් දැන් හිතෙනවා . එකක් ගෙදරින් නිදහස නැතිකම , අනික යන්නම් වාලේ යාම . ඉතින් , අපේ පන්තියේ ගොඩක් දෙනකුට ප්‍රේමවන්තයනුත් හිටිය . ඒ ගොල්ලන් ලියුම් ලියනවා , ලියුම් කියවනවා , අපි එක්ක විස්තර කතා කරනවා . අනේ ඉතින් අපිත් කටවල් ඇරන් , උඩ බලන් සුරංගනා කතා අහන්න වගේ අහගෙන ඉන්නවා . දැන් වගේ නෙමේනේ , ආදර කතාවක් අහන්න එක්කෝ නවකතා පොතක් කියවන්න ඕන . නැත්නම් චිත්‍රපටියක් බලන්න ගෙදරින් එක්ක යනකම් ඉන්න ඕන . 

         ඔහොම ඉන්නකොට කොල්ලෙක් නැති අඩුව මට දැනුනේ වයසේ වැරද්දටද , නැත්නම් යාලුවෝ ඔක්කොටම ප්‍රේමවන්තයින් හිටිය නිසාද කියල මට තේරුනේ නැ . ඒත් , දැන්නම් දන්නවා , මේ ඔක්කොටම වඩා පරිසර සාධකය බලපාපු බව , මන් ඉතින් ලස්සනම නැ , ඒත් ටිකක් පෙනුමයි . ඊට වඩා පාසල්වියේ කැපී පෙනන දස්සකම් තිබුන නිසා , පිරිමි ළමයිනුත් මන් දිහා බැලුව . ඔන්න ... කොල්ලෙක් මං දිහා බලනවා , මං ගැන ටිකක් උනන්දුයි වගේ . මාත් බැලුව , හොරෙන් ...හොරෙන් මෙන්න එයා මට ලියුමක් එවල යාලුවෙකුගේ අතේ . 

        බයෙන් ... බයෙන් ලියුම අතට අරන් එකසයිස් පොතක කවරේ අස්සේ දාගෙන ගැහි ගැහි ගෙදර අරන් ගියා . ලියුම එලියට ගන්නත් බයයි , කවුරු හරි දකී කියල . පැය ගානක් පොත අස්සේ තිබිල , ගෙදර කට්ටිය අඩුවෙනකම් ඉදල , ටොයිලට් එකට අරගෙන ගිහින් ලියුම දහ සැරයක් විතර කියෙව්වා . හිතට මොකද්දෝ වෙනවා වගේ , ඒ වුනාට මේකට හා කියන්න බයයි මට , ඔහොම දව ගානක් ගිහින් , මෙන්න දන්නෙම නැතුව මාත් ලියුමක් ලියනවා , මාත් ඔයාට ආදරේ කියල , උත්තර ඇරිය , එදා ඉදන් කොල්ල බය නැතුව මං දිහා බැලුව , 

         දැන් අපි ආදරය කරනවනේ , දිගටම පොත් ගණන් ලියුම් ලිව්වා . එයාගේ පන්තියේ සටහන් , මගේ මුතු අකුරින් පිළිවෙලට ලියනවා . වරද්දන්නෙ නැතුව පන්ති ගියා . එයාව දකින්න පුළුවන් මට පන්තියේදී විතරයි . පන්ති ගියාට කිසිම දෙයක් ඉගෙන ගත්තේ නම් නැ . ඔලුවේ තිබුනේ එයා විතරමයි , වාසනාවට මොනවා හරි දන්න නිසා , විභාග අසමත් උනෙත් නැ . ලාවට ගොඩ දාගත්ත . මේ සම්බන්ධෙ ගෙදරට ආරංචි වෙලා , අපේ ගෙදරින් යුද්ධ ප්‍රකාශ කලා . අපට ඒගොල්ලන් ගැලපෙන්නේ නෑලු . හරියට ගම පෙරළියේ නන්දට උනදේ මටත් උනේ . 

            ඒත් අපි හොරෙන් ආදරේ කරා , ප්‍රශ්න ආව , අපට , ලියුම ලිවුවා ඇති වෙන්න , හම්බ උනේ නැ , දවස් ගණන් . ඔහොම ඉන්නකොට අපි ටික ටික ඇත් වෙනවා වගේ දැනුන , එයාට දැන් මාව අමතකයි වගේ ,  ලියුනුත් එවන්නේ නැ . මටනම් ගොඩක් දුක හිතුන , ඒ මගේ ප්‍රථම ප්‍රේමය නිසා . මම හිතෙන විදියට ගෙවල් වල අකමැත්ත නිසා , එයා මගෙන් ඇත් වෙන්න හිතන්න ඇති , අදටත් මං හරි හේතුව දන්නේ නැ . මගේ ලියුම් එයා අපහු ගෙනත් දුන්න . එයාගේ ඒවත් මන් අපහු දුන්න . අපේ ප්‍රේමය අවසන් කියල මං දැනගත්ත .