Sunday, 30 March 2014

සිදන්ගනාවී............






නෙක වර්ණ උලා කසී සළු පොරව

අදුරු වූ මාවතේ පියමනින සිදන්ගනාවී

රොන්සුනු නැතද තැවරුණු වත්සුණු

නුබ වත බබලන්න ඉසිබුලය් නිශාවේ



ගැහෙන සිතුවිලි හදේ තෙරපා

වැටෙන්නට පෙරාතුව කදුළු බිදු දෑස වල

තොම්බුලන්නිය වැඩිම ලන්සුවකට

ඇග මස් විකුණන වෙන්දේසියක



නොදැන අතක පැටලී පියමනින

නොදැන බස් අහුරු තෙපලන්න රත්ත්රියේ

නොම වේද උණුසුමක් ගිනියම් වූ සදට

නාදුනන පුරවරයේ ...... නුබ සිදන්ගනාවී ......



ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා


Friday, 28 March 2014

සියදිවි නසා ගැනීම




සටහන
ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා

සියදිවි නසා ගැනීමේ සංසිද්දිය මේ වන විට ලංකාවේ වර්ධනීය තත්වයක් පෙන්නුම් කරන බව සමාජීය වශයෙන් හෙළි දරව් වී තිබේ . එයද බොහෝ අවස්ථා වල ක්ෂණික තීරණ මත කඩිනම් විසදුම් කර එලම්බවිමේ ප්රවනාතාවයකින් යුක්ත වේ . සියදිවි නසා ගැනීම සදහා වයස් භේදය නොවැදගත් වන අතර වයස අවුරුදු 15 සිට සිදුවන ක්රියාවක් බව සමාජ සමීක්ෂණ වලින් වැඩිමනක් හෙළිව ඇත .

පුද්ගලයකු සියදිවි නසා ගන්නේ ඇයි ? යම් කෙනෙකුට සිදුවන සමාජීය හුදකලාභාවය , ඔහු මරණිය තත්වයක් කරා ගෙන යාමේ මානසික ප්රවේගයක් ඇති බව බොහෝ විට හදුනා ගෙන ඇත . මෙහි ඇති න්යායත්මකභාවය එමිල් ඩර්කයිම් විසින් , සියදිවි නසා ගැනීමේ සංසිද්දිය න්යායකට ගොනු කරමින් , එයට ගොදුරු වන්නන්ගේ ජිවිත විවරණය කර ඇත . එයට දායක වෙමින් ,මනෝ චිකිත්සකයින් විසින් , පුරවා සංසිද්දීන් ගවේෂණය කොට සියදිවි නසා ගැනීම වලක්වා ලීමට මනෝ විද්යාත්මක ක්රම වේදයන් ඉදිරිපත් කරමින් , මෙම තත්වය අවම කිරීම සදහා උත්සහ ගෙන ඇත .

එහෙත් සියලු සාධක අභිබවමින් තවමත් සියදිවිනසා ගැනීම , ලංකාව තුල වර්ධනය වන ආකාරය සංක්යා ලේඛන සාක්ෂි දරයි . එයට හේතු කාරකයන් හා වෙනස් වූ සමාජ තත්වයන් කුමක්ද යන්න සොයා බැලිය යුතුය .
.
අප දන්නා තරමින් සියදිවි නසා ගැනීම සිදුවුයේ මේ ආකාරයටයි .

1. ආර්ථික පරිහානිය හා සමුර්ධියකදී
2. ප්රේම සබදතා බිද වැටීමකදී
3. මානසික රෝගී තත්වයන් තුලදී
4. වයස්ගථ භාවයකදි
5. තවත් අය වෙනුවෙන්
(ත්රස්තවාදීන්ගේ සියදිවි නසා ගැනීම් )
6. සමාජීය හුදකලභාවයකදී
7. ක්ෂණික කොපයකදී

මේ ආකාරයට ලංකාව තුල සියදිවි නසා ගැනීම හදුනා ගත හැකි උවද ත්රස්තවාදීන්ගේ සියදිවි නසා ගැනීම් පමණක් මේ වන විට සංක්යා ලේඛනයන්ගෙන් ඉවත් වී ඇත .

ලංකාවේ දුෂ්කර ප්රදේශ වල අද වන විට ස්වභාවික විපත් හේතු කොට ගෙන , එති වන ආර්ථික අවපීඩනය හේතු කොට ගෙන සියදිවි නසා ගන්න ආකාරය තවමත් දැක ගත හැක .

ප්රේම සම්බන්දත බිද වැටීම පාසල් වියේ පටන් මැදි වයස් මට්ටම වන තෙක් ඇති වන තත්වය දර ගත නොහැකිව , සියදිවි නසා ගැනීම සිදු වේ . මෙම කරුණ සමාජයට වඩාත් අහිතකර ලෙස බලප ඇති බව , වර්තමාන කරුණු අද්යනයේදී පෙනී යන්නේ තමා විසින් සියදිවි හානි කර ගැනීමට පෙර , තව කීප දෙනෙකුගේම ජිවිත හානි කර අපරාධ රාශියකට මුල පුරමින් , සිදු කරන ලද ක්රියාවන්ය . මෙම තත්වය අද වන විට සමාජයට අහිතකර ලෙස බලපාන බව පෙනී යයි .

මානසික රෝගී තත්වයන්හිදීද පුද්ගලයින් සියදිවි නසා ගැනීමට පෙළඹේ . මෙහිදී එම පුද්ගලයා එම ක්රියාවේ වගකීම නොදරන අතර මියයන තෙක් අරමුණක් හෝ වෙනත් ක්රියාවක් මෙම සන්සිද්දියට අදාල නොකරමින් , සියදිවි හානි කර ගනී . මෙවැනි පුද්ගලයින් හදුනා ගෙන ඔවුන් බලා ගැනීම සමාජීය වගකීමයි .

වයස්ගත භාවයද හේතු කොට ගෙනද පුද්ගලයින් සියදිවි නසා ගැනීමට පෙළඹේ . මෙහිදී පුද්ගලයා සමාජීය හුදකලභාවයට පත් වන අතර එය හේතු කොට ගෙන ඇති වන කලකිරීම තුලින්ද , ඔවුන්ට වැළදෙන අසනීප සුව නොවීමේ වේදනාව දරා ගත නොහැකිවද වයස්ගත වුවන් සියදිවි නසා ගැනීමට හේතු වී ඇත . මෙම පුද්ගලයින් බලා ගැනීමද සමාජීය වගකීම වේ .

මෙයට අමතරව ක්ෂණික කෝපයද මෙයට හේතු කාරක වේ . පුද්ගලයින් තුල හට ගන්න මානසික අර්බුදයන් විසදා ගැනීමට යාමේදී පාර්ශවයන් දෙකකදී ඇති වූ ගැටුම් හේතුවෙන් පාලනය කර ගත නොහැකි ආවේගයන් මත යම් අපරාධයක් සිදු කරමින් , සියදිවි නසා ගැනීම මේ තුලින් සිදු වේ . මෙය බොහෝ විට ත්රිවිධ හමුදා තුල ඇති වන පරිසර තත්වය හේතු කොටගෙන සිදුව ඇත .

ඉහත කරුණු සියල්ල හේතු කොට ගෙන ලංකාව තුල සියදිවි නසා ගැනීමේ සංසිද්දිය මේ වන විට වර්ධනීය තත්වයකට පත්ව ඇති බව සමාජ සමීක්ෂණ මගින් හෙළි දරව් වන අතර ලංකාවේ මේ මොහොත වන විටත් කොතනකදී හෝ සියදිවි නසා ගැනීමක් සිදුව ඇත . ඒ බව සංක්යත්මකව දිනපතා රාත්රී පුවත් විකාශනයේදී අපට ශ්රවනය කල හැක .රටක දියුණුව බැලීමේදී සමාජීය බිද වැටීම් වැඩි වන විට ගණනය කල හැකි තත්ත්ව සාධකයක් ලෙසද හදුනා ගත හැක .


Thursday, 27 March 2014


ලේබල්වාදය


සංකීර්ණ සංකල්පයක් ලෙස ලේබල්වාදය හැදින්විය හැකි යයි මට සිතේ . සමාජය හා එහි සැරිසරන සියලුම ජීවින් මෙම සංකල්පයට අනුකුල වන්නකි . තිරිසන් සමාජය මෙයින් බැහැර කොට සැලකිය යුතුය . අප කතා කල යුත්තේ , මිනිසුන් ගැන පමණි .

ලේබල්වාදයේ මුලික සංකල්පය ප්‍රධාන කරුණු දෙකක් ඔස්සේ විග්‍රහ කල හැක . එනම් හොද හා නරකය .මෙම විග්‍රහයේදී හොද යන සංකල්පය , ලේබල්වදයට අදාල උවද , මිනිසුන් විසින් පිළිගැනීමට කැමති සංකල්පයකි . සියලුම දෙන "හොද " යන සංකල්පයට වැටීමට කැමතිය .එම ලේබලයෙන් ජිවත් වීමට කැමතිය . සුදු කරපටි අපරාධකාරයින් පවා , මේ ලේබලයෙන් ජිවත් වන බව අප දන්නා කරුණකි .

අප වැඩි දුර සාකච්චා කරනුයේ ලේබල්වාදය නිසා මිනිසුන්ගේ ජිවිත වෙනස් වන ආකාරය හා එම චර්යාවන් සමාජයට බලපාන්නේ කෙසේද යන්න පිළිබද සොයා බැලීමයි . මෙය සමාජීය කරුණු කීපයක් ඔස්සේ විග්‍රහ කල හැක .

1 අපරාද

2 අන්තර් ආශ්‍රය
අපරාද සදහා ලේබල්වාදය වැඩි වශයෙන් බලපාන බව අප කව්රුත් දන්නා කරුණකි .මිනිසුන් අපරාද කරන විට ඔවුන් අපරාද කරුවන් යයි , සමාජය විසින්ම ලේබල් ගසා ඇත . එහෙත් මේ අතර සිටින නිවරදිකරුවන් ,සැකකරුවන් පවා සමාජීය වශයෙන් මෙම අපරාද ලේබලයට හසු වී , සමාජ අසාධාරණයට ලක්ව සිටිති .අනෙක එක වරදක් සිදුකල අයෙකුට නිවැරදි වීමේ අවස්ථාව නැති කරමින් , ඔහු සදාකාලයටම අපරදකරුවකු ලෙස හංවඩු ගසයි . මෙහිදී ඔහු දිගින් දිගටම , අපරාද කිරීම සදහා නැමියාවක් දැක්වීම සමාජයට අහිතකරය . අපරදකරුවකු වීම නිසා , සිය පවුලේ උදවියද මේ ලේබලයෙන් සමාජය විසින් තවත් අහිතකර තත්වයකට පත් වෙමින් සමාජයෙන් කොන් වී හුදකලභාවයට පත්ව ඇති බව පෙනේ .

අපරදකරුවන් නිර්මාණය කරන්නට සමාජය දරන වගකීම මෙම ලේබල්වාදය බව සිතෙන්නට ඇති . එහෙත් සමාජය බිද වැටීමට මෙම සංකල්පයද බෙහෙවින් බලප ඇත .

අන්තර් අශ්‍රයද ලේබල්වාදය හා ලංව යන කරුණකි . කිසියම් ලේබලයකින් පිදුම් ලැබූ අයෙක් , ආශ්‍රය කිරීමට අනෙක් අය අකමැතිය . ඔහු පිස්සෙක් අපරාදකාරයෙක් , නිකමෙක් යනාදී අන්වර්ථ නම් වලින් පුද්ගලයින් වර්ග කිරීම මිනිසා තව ආකාරයකින් සමාජීය හුදකලා භාවයට පත් වීම සිදු වේ . මෙයද සමාජයේ පැවැත්මට අහිතකර කරුණකි .
ඉහත සාකච්චා කල කරුණු මිනිසා හා ලේබල්වාදය අතර සහ සම්බන්ධතාවයක් ගොඩ නගන බව පෙනේ . එම නිසා ලේබල්වාදය , සමාජයට හිතකර නොවන සංකල්පයක් බවත් , මිනිසා තම ක්‍රියාවන් ස්වභාවික ආකාරයට සකසා ගැනීමට ඉඩ සලසමින් , අන්තර් සමාජ බාධක ඉවත් කිරීමට සිතට ගතයුතු බව සිහි කල යුතුය . මිනිසාට නිවැරදි වීමේ අයිතිය ලබා දිය යුතුය .

Wednesday, 26 March 2014



සිහිනය .......












රෝස පට හැන්දෑවක පැතු පැතුම් එක්තැන් කොට
දෑත දෑතේ පටලමින් ගිවිසුමකට එක්තැන්ව
පෙම්බර කවි මුමුණ මුමුණ
පාට පාට ලෝකයකට කැන්දාගෙන යන්නට
වරම් ලදිමි ... ලෝකෙන් .....
දෑස දෑසේ පැටලී පැටලී
යුගගියක එලිසමයේදී තනුවකට මැදිව ....
නොමැති රිද්මයක් කෙලෙස ගයන්නද ....
දෑත රැදුණු මල් පොකුරෙන් එකිනෙක ගිලිහෙන
පරවුණු මලක් වගේ පැතු පැතුම්
හිස් අහසට විසිර යද්දී ........
යුග දිවියට අවරගිරේ හිරු පායද්දි
පෙම්වත් වූ හිත දෙරණත දිවයද්දී .....
රෝස පාට හැන්දෑවේ තුරුල් වෙලා ...
 සීනයක් දුටු බව මතකය් ........
ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා

Wednesday, 19 March 2014

පොත් සහ මං

 
          මං පොත් කියවන්න පටන් ගත්තේ මං කියන්නේ කවුදවත් නොදන්නා කාලේ ඉදන්, මට මතකයි ගෙදර තිබුණ පත්තර කැලි, අම්මගේ ශ්‍රී සගරා තමයි, මං ඉස්සෙල්ලම ඇල්ලුවේ. 'දසුන ' 'සිත්තර ' 'මධුර' 'සතුට' තමයි මගේ පෙළපොත් උනේ. ඒවායේ තිබුනේ චිත්‍ර කතා මට අග මුලවත් තේරුනේ නැ.ඒත්, පින්තුර දිහා බලන් ඉදල මොකක් හරි අදහසක් ගත්තා. ආදරේ දුක, වේදනාව ,හිනහව පොත් වලින් තේරුම් ගත්තේ මං ඒ නොදන්නා කාලේ අවුරුදු පහක පමණ වයසකින්, බාලන්ශෙන් , එක , දෙකට විතර එද්දී, අම්මට පොත් ගේන්න මං පුස්තකාලෙට ගියා. ගෙවල් ළග නිසා. පොත් කබඩ් වලට උස නැතුවත්, ඇගිලි තුඩින් ඉස්සි, ඉස්සි මං ගත්තේ අතට අහුවෙච්ච ලොකු පොත්. ගෙදර ගෙනත් අම්ම පොත තියන වෙලාව බලන් ඉදල මං පොත අතට ගත්තා.ගොළු හදවත්, අක්කර පහ, පාරදිගේ තමයි, මං ඒ කියවල තියෙන්නේ. ඔහොම කියවන කොට, තුන,හතර, පහ,හය පන්ති පහු කරනකොට, හම්බ උනේ ශර්ලොක්ස් හොල්ම්ස්ගේ අභිරහස් කතා 
        කාලය කෙමෙන් ගෙවිල භිෂනයත් ආව . ඉස්කෝලේ වැහුව. පන්තිත් නැ. ගියා මං ළග යාලුවෙකුගේ ගෙදරකට කාලය ගෙවන්න. මගේ වෙලාවට තිබුණා, පොත් කබඩ් එකක් ඔක්කොම රුසියන් පරිවර්තන පොත්, 'අම්ම' 'සිටුවරයාගේ දියණියෝ ' විලියම් ශේක්ෂ්පියර්ගේ නාට්‍ය පොත් මං කියෙව්වේ එහෙන්, භිෂනයත් ඉවර වෙලා ආයෙත් මං ඉස්කෝලේ ගියා. සාමාන්‍ය පෙළ පංතියේ අන්තිම පේලියේ, යාලුවෝ සෙට් එකත් එක්ක මං ඉංග්‍රීසි පීරියඩ් ඒක වෙලාවේ පෙරලගෙන හිටියේ ' මං නරක ගැහැනියක් නොවේ' ටීචර් පොතත් අරන් මටත් බැනල ගියා. පස්සෙන්දා යාප්පුවෙලා පොත ඉල්ල ගත්තේ ටීචර් අපේ ගෙවල් ළග නිසා. යන්තන් සාමාන්‍ය පෙළත් පාස් වෙලා දෙයියන්ට පින්සෙද්ද වෙන්න උසස් පෙළත් පාස් උනේ පොත් කියවල තිබුන සාමාන්‍ය දැනීම නිසා කියල මං දන්නව. නැත්නම් හරියට පංතියේ ඉගෙන ගත්ත නිසා නෙමේ. 
              ඉතින් මේ වෙද්දී කියවපු පොතුත් මං මොනවද කියල ලියන්න ගත්තා. ලොකු ලිස්ට් එකක් එතන. පොත් සාප්පු ගානේ මං දවස් ගණන් රස්තියාදු වේවි අළුත් පොත් හෙව්වා. පොත් ප්‍රදර්ශන වලට ගිහින් අඩුවට පොත් ගත්තා. international book fair ඒක කොළඹ ඉන්නකම් වැරද්දුවේ නැ. කියවල, කියවල, මං දැන් ලියනවා. මගේ සිංහල භාෂාව, අකුරු හැකියාව, සාහිත්‍ය අවබෝධය වැඩි දියුණු උනේ ඉස්කෝලේ යද්දී නෙමේ. මේ ලගක් කාලේදී. ගුරුවරු නැතත් අපි දැන් ස්වයං අද්‍යනයට හුරුවෙලා. මොනවා හරි, කොහේ හරි ලියන්න හිතෙනවා. වෙලාවට love letters ලියන්නවත් දැන් බැනේ, කට්ටිය හිනා වෙනවා. දැන් එහෙම කලාවක් නැති නිසා.ඔන්න මං මේකේ ලිව්වා. මට මතක් වෙච්ච දේවල් ටිකක්.  

Tuesday, 18 March 2014

මඩේ ලගින තාරාවන් .......

            ඇය සදහටම යන්න ගියාය. ලංකා සමාජයට බොහෝ දේ ඉතිරිකර නික්ම ගියාය. නාට්‍ය ලෝකයේ කඩඉම් ...... නිම වළලු පුළුලු කර නාට්‍යවෙදින්ට හදාරන්නට ඉතිරි කල දේ බොහෝය..... මර්සි රංග පාසලක් විය. තාත්වික අභිනය ඉතා උසස් මට්ටමකට ගෙන එමින් නාට්‍ය කලාව සදහා කල  සේවය අනගිභවනීයයි. ඇය නවක රංගන ශිල්පීන්ට ලබා දුන් ආදර්ශ වෙන කිසිවකුට නොදෙවෙනිය. සැබවින් ඇය තාරකාවකි. බැස යන තරුවක් නොව, ජීවමාන තාරකාවකි.වේදිකාවට ගොඩනගින කාහටත්,  නිතැනින් සිහියට එන්නේ මර්සිගේ රංග විලාශයයි. මුවට නැගෙන්නේ වෙන කිසිත් නොව,
       මඩේ ලගින තාරාවන් නාවන්නද මං........
       ඌරු දලෙන් මොන ගජමුතු අර ගන්නද මං.......
       චපල හිමිගේ සිරි යහනේ සැතපෙන්නද මං.......
       එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගැනී මං.......
                 ඇයගේ රංග විලාශය සමග මුසුව එන සංගීතය තව කාලයක් අප අතර පවතීවි..... ශේක්ෂ්පියර්ගේ චෙරි උයන වගේ .....මේ නාට්‍යත් මං හිතන්නේ නාට්‍ය ඉතිහාසයේ සනිටුහන් තබාවි. මර්සි   අව්‍යාජ කාන්තාවක්, ඇය දත් සියල්ල කාටත් බෙදා දුන්නාය. නාට්‍ය කරන්න ඇය දහදිය හෙළුවාය..... අද මෙන් පහසුකම් තිබු යුගයක් නොවේ එදා තිබුනේ . සාරි කඩා ඇදුම් මසුවාය. කන්න බොන්න නැතුව කන කර උගස් තැබුවාය. එදා නාට්‍ය කියන්නේ කණ්ඩායම් හැගීමෙන් වැඩ  කරපු එක පවුලක දරුවන් මෙන් උදව් පදව් කරගත් විනෝදයෙන් ගත කරපු කලාවක්. එහෙත් .... අද රංගනය යනු හුදෙක් වානිජවාදී නැඹුරුවක් ඇති මාද්‍යක් බවට පත්ව හමාරය. මුදල් මත තමන්ගේ කොටස විතරක් කරලා අයින් ගහල ඉන්න ආත්මාර්ථකාමී කොටසක් බවට පත්වෙලා. එදා තිබු එකමුතුව වෙනුවට එකිනෙකාට මඩ ගහ ගන්නා, එහෙමත් බැරිනම් ගුටිබැටද දෙන කාලයක් බවට අද රංගන ශිල්පින් පත්ව හමාරය. මර්සි මේ යුගයේ රංගන ශිල්පීන්ට පුර්වාදර්ශ සැපයු කාන්තාවකි. ඇයට සාර්ථක ජීවිතයක්ද උරුම විය. සැමියා මිය යන තෙක් එකට ගතකල ආදරයෙන් පිරුණු ජිවිතයක් ඇයට තිබුණි. මේ සියල්ල ඇය කලාවෙන් ඉහෙන ගත්තාය.
         අද රංග ශිල්පින් මඩේ ලගින තාරාවන් මෙන් යයි සිතෙන්නේ, මඩ ගා ගත්තත් ලැජ්ජාවක් නොමැති කමත්,ඌරු දලෙන් උනත් කමක් නැ ගන්න පුළුවන් දේ ගන්න උත්සාහ කිරීමත්, මුදලට අන් හිමියන්ගේ සයනයේ කොටස් බෙදා ගනිද්දී, අපට කියන්න තියෙන්නේ මර්සි කිව්වා වගේ , එහෙම කලොත් ඒක තමයි ඔබ කරන ලොකුම මෝඩකම කියල.  මර්සි එදා එහෙම කියන්න ඇත්තේ, අනාගතයේ රංග කලාවට වෙන දේ දැකලද මන්දා.  

Saturday, 15 March 2014

බලවත්ම කාන්තාව කවුද....?

       බලවත්ම කාන්තාව කවුද කියල ඇහුවොත් ඔබ හිතන්නේ කා ගැනද? කාය සම්පන්න ශක්තිවන්ත සිරුරකින් හෙඹි චරිතයක් නේද? රූ රැජිනක් ගැන කතා කලොත් , නිතැනින් සිහියට එන්නේ කුමන ආකාරයක රුපයක්ද? ඉතාමත් සුරූපී චරිතයක්. අද වන විට මේ දෙකම යල්පැන ගිය ක්‍රමවේදයන් බවට පත්ව හමාරයි. කාන්තාව සතු ශක්තිවන්තභාවය හා රුපත්භාවය සෙවීම නවීන සමාජ වෙනසත් සමග වෙනස්ම ආකාරයකින් ලෝකය අර්තකථනය කර හමාරයි. ලෝකය නවීකරණය වෙද්දී අපේ සමාජ තාමත් පසුගාමී ක්‍රමවේදයන් භාවිතා කිරීම කණගාටුවට කරුණක්. කාන්තාව ලෝකයට මුහුණ දෙන ආකාරය, ගැටළු විසදා ගන්නා ආකාරය, ඇ සතු බුද්ධිමත්භාවය, අභියෝග වලට මුහුණ දුන් ආකාරය, මිනුම් දඩු නොවන තෙක්, කාන්තාවගේ ශක්තිමත්භාවය තීරණය කල නොහැක. ගෙදර සිටින බලවත්ම චරිතය අපේ අම්මා යයි, කීම නිවැරදිය. ඇය අප වෙනුවෙන් සියල්ල ඉටුකළ කෙනෙක් නිසා, ඇය ගවුරව සම්පන්න වුවාය. මේ ආකාරයට , ලංකාවේද බලවත්ම කතුන් ගවුරව සම්පන්න වුහ. 
         අප දන්නා තරමින් ලක් ඉතිහාසයේ එවැනි කතුන් කීප දෙනෙක් සිටිය බව ඉතිහාසය සාක්ෂි දරයි. විහාරමහා දෙවි, ගජමන් නෝනා, සිරිමාවෝ, යම් ආකාරයකින් රටට සේවයක් කල හෙළ කතුන්ය. ඔවුන් ජිවිතයට අභියෝග කල ඇත්තවුන්ය. ඔවුන්ගේ නිර්භීතභාවය හමුවේ ඇතැමෙක් දන නැමුහ. එහෙත් නවීන ලංකා සමාජයේ බලවත් යයි කතුන් තෝරාගන්නා  ආකාරය හාස්‍යජනකය. හරසුන්  පදනමක් මත   බලවත් යයි කීම, කාන්තාවන්ටම කරන අගව්රවයකි. සමාජය හමුවේ හාස්‍යට ලක්වූ චරිත බලවත් යයි මතුකර දක්වන්නේ බලවත්විමට හස්යෝත්පාදනය කල හැකි වීම නිසාද? ඔවුන් තේරී පත්වීම පිළිබද අපි ඔවුන්ට දොස් නොකියමු, මන්ද.......මෙය තේරීම් කමිටුවේ සුදුසුකම් පිළිබද ගැටලුවකි. මුදලට ආචාර්ය උපාධි පිරිනමන සමාජයක වගකිව යුත්තන් වන ඔවුන්ගේ බුද්ධිය පිළිබද ගැටළුවකි. 
        දහදිය මුගුරු හෙලමින්, මානසික පිඩාවන්ට ලක්වෙමින්, ලෝකයකට වැරදිකාරයො කරමින්, ජිවිතයද පරදුවටද තැබුවේ, එවන්  සුවිශේෂී වූ ලදුන් පමණි. ඔවුන් සැම විට බැබලුණහ. හරයක් ඇති, අරටුවක් ඇති, ගස් ගල් මෙන් නොසෙලුනහ. අපි ඔවුන්ට දන නමමි. මන්ද සදාචාර සම්පන්න ලෝකයකට අත්තිවාරම් දමන්නේ ඔවුන්ගේ ලේ කදුළු මතින් වන බැවිනි. සැලොලයෝට් යුගයක නිවී නිවී පත්තු වන තාරකාවන් නැග බැස යයි. රැල්ලට ගසා යයි. ඒ සිය පැවැත්ම උදෙසා පමණි. මානුෂිය හැගීම් ඉතිරි කරන්නට නම් ලෝකයටම ආලෝකයක් වෙන්න පුළුවන් කාන්තාව සැමදා බලවත් වන්නේය. ඇය අභිමානනීය කාන්තාවකි. කවුරු ඔවුන්ට සම්මාන නොදුන්නත් ජන සම්මානය නිතැනින්ම හිමිව අතීතයට නමක් රදවන්නිය.   

Friday, 7 March 2014

ජිනාදරියේ........

         පාට තවරා එක එක වෙස් ගත්තද, නුඹත් , අපේම කාලයේ ගැහැනියක් . ලෝකය සරුව පිත්තල වුවත් සත්‍යවාදීනියක් සේ පෙනී සිටින්නට ඇයි නුඹ අදහස් කලේ , කියලා නම් අපට හිතා ගන්න බැ. ජීවිතය ...... යථාර්තය ...... මොනවට පැහැදිලි කලත් ඇත්ත පිළිනොගන්නා ලෝකයට , නුඹේ ඇත්තෙන් වැඩක් නැතුවාසේය. නුඹට ගරහන ලෝකය නුඹේ පසුපසම කවදා හෝ එතැයි ..... දැනට අප සිතන්නම්. අප්‍රසන්න වූ ජිවත විවරණයක යෙදෙන නුඹ ගැන සිතුවොත් ඒ සියල්ල වර්තමාන සමාජයට අනුව සාමාන්‍ය යයි, කිව හැක. එහෙත් එය අභව්‍ය ගනයේ සිදුවීමක් ලෙස දෘෂ්ඨිවාදීන් තීරණය කරන්නේ ලංකා සමාජයේ සිදුවූ පලවෙනි සිදුවීම ..... ජිනාදරිගේ සිදුවීම යයි යන සිතිවිල්ලකට අනුවය. තත්‍ය ලෝකය තුල වූ සාමාන්‍ය ක්‍රියා, අසම්භාව්‍යක් කරන්නට කිසිවෙකුටත් නොහැක. මන්ද ජිනාදරිලා තවත් හිදින බව මතක් කලයුතු මනාය. ඔවුන් සියළු දෙනාම  තමන්ගේ කතාව ලිව්වේ කදුළු වලිනි. වෙනස එයයි. 
            කුඩා කල සිටම ලිංගික අපයෝජනයට ලක්වීම, අඩු සැලකිල්ල, දරිද්‍රතාවය යන මේ සියළු කරුණු එක්තැන් වූ විට, ළමා ලෝකය බිද වැටීමකට ලක්වීම නතර කල නොහැක. එදා කියා ගන්නට බැරිවූ ඒ කතාව ලෝකයට කෑගසා කිව්වේ , අනෙක් දරුවන්ටත් අද මේදේම , සිදු වෙතයි ඇයට සිතෙන්නට ඇති වූ නිසා වන්නට පුළුවන. ජිනාදරිගේ ලෝකය සුන්දර වුයේ නැත. නොකියවූ පොතක් වැනි වූ ඇගේ මුහුණේ වූ ඒ ....භයානක හැගීම් ඇය, එකිනෙක විවරණය කරන්නීය. ඉකිගසන ඒ සිතුවිලි කොතරම් භයංකාර වුවාද යන්න හැගෙන්නේ , ඇගේ ජිවිත කතාවට බයවූ නිවටයන් ඇයව විවේචනය කරන නිසාවෙනි. සුන්දරයි කියා සිතු සියල්ල බිද වැටෙන ඇගේ ජීවිතය තවමත් බිද වැටෙමින් තිබෙනවායි ඔබට සිතෙන්නට පුළුවන. නැත...... ඇය ශක්තිමත්ව සිටින්නීය. ඇගේ දුවරුන් දෙදෙනා ඉදිරියේ, ඇය ගලක් මෙන් නිසොල්මන්ය. 
             පාට තැවරු ලෝකයේ ජිවත් වෙන්න ඇය අපට පුර්වාදර්ශ සපයන්නිය. ලෝකය රගමඩලක් බව ඇය වටහා ගෙන අවසානය. එබැවින් ලෝකය ඉදිරියේ නිරුවත් වෙන්න ඇය, බිය නොවුවාය. ලෝකයා ඇයට ගල් ගැසුවද, ඇය නිහඩය. තනි තටුවෙන් පියාඹන්න නොහැකි බව ඇය දනී. එහෙත්, ඇය හුදෙකලාය. ජිවිත මංපෙතේ හමුවූ අත් වැලත් ගිලිහි අවසානය. සියල්ල පන්හිදට ගොනුකර අකුරෙන් අකුර අමුණන්න විය. කදුළු වල බරට වඩා, ජිවන බර ඇයව හෙම්බත් කරයි. එහෙත් ඇය ප්‍රබලය, පරාජය කල නොහැක කිසිවෙකුටත්. ජිවිත පන්නරය ඇයව ඉදිරියට ගෙන යනවා. ඇය සිනාසේ ...... ඒ සිනාවේ..... ආත්මාර්ථකාමිත්වයක් නොමැත. ලෝකය උඩු යටිකුරු නොකර දෙපයින් සිට ගෙන ඇය ..... ලෝකයට කැ ගහල කියන්නේ හෙට...... නුඹටත් මේ ටික වෙන්න පුළුවන් පරිස්සම් වෙයන්.....  ඒ ඇගේ 'පුනුරුක්තියයි '

Sunday, 2 March 2014

විලිබිය

        දඩයම් යුගයේ අපට කිසිත් බියක්, සැකක් නැතිව ජීවත්වෙන්න පුළුවන් වුනේ, අපි අප ගැන නොදන්නා නිසයි. අපිට අපේ කියා දෙයක් තිබුනේ නැ. අයිතිකර ගැනීම්,ඇත්තෙම නැ. පොදු දේපල ක්‍රමය, භාණ්ඩ හුවමාරුව විතරයි, ජීවත්වීම පිණිස අවශ්‍ය වුනේ. කන්න දෙයක් හොයාගෙන ගහක්, ගලක් යට වැටිලා නිදා ගත්තම ඒක තමයි ජිවිතේ කියන්නේ. සරල උපයෝගිතාව, මේ අඛණ්ඩ පැවැත්මට බාධා කරන්න පටන් ගත්තේ කවර කලෙක ඉදන්ද කියල මං හොයනවා . මොකද යැපුම් කෘෂි කර්මයට  කැමති නිසා. බලය පතා මිනිසා ඉදිරි ගමනට අවතීර්ණ වුවාදැයි හිතෙන්නේ, එදත් හයිය ඇති එකා, ලොකුම මස් කුට්ටිය අල්ල ගත්ත නිසයි. අතින් වහගෙන හංගන්න දෙයක් නැතිව හිටිය මිනිසාට මොකද වුනේ කියල දැන්නම් හිතෙනවා. ලැජ්ජාව කියන වචනය පටන් ගන්න ඇත්තේ එතැනින් වෙන්න ඇති. 
          විලිබිය ටික ටික දැනෙන්න  ගත්තේ ආවරණයක ඕනෑකම තිබුන නිසා, නිදහසේ ජිවත් වෙච්ච මනුස්සයා. සමාජ සංක්‍රමනයත් එක්ක විපරිත වෙන්න වුනා . දඩයම් යුගය අවසන් කරලා, සරල සමාජ හරහා දේශපාලනික ගමනක් ඇවිදින් අපස්ස හැරිලා බලන්නේ, මේක සදාචාරාත්මක ගමනක්ද කියල වෙන්න ඇති. විලිබිය දැනෙන්නේ, කරපු කී, දේ මතක් වෙලා වෙන්න ඇති කොයි පැත්තෙන් වහන්න හැදුවත් දැන්නම් වහගන්න බැරි තරමට කඩතොළු වැඩිවෙලා බව දැනෙන කොට. එදා හිටිය දඩයම් යුගයටම නේද අපි අපහු ආවේ කියල හිතෙනවා. එදා නොතිබුන විලිබිය අද දැනෙන්නේ සමාජ නිරුවත ඕනෑවටත් වඩා පෙනෙන හින්දද.....මන්දා ? 
               බලය අල්ලා ගතහැකි දෙයක් නොව, රදවා තබා ගතයුතු ක්‍රියාවකි. රැදෙන්න නම්, යහපාලනයක් තිබිය යුතුය. අතහැර යන කිසිම දෙයක් නැවත නොඑන්නේ, දැක්මක් නොමැතිකම හන්දයි. විලිබිය දැනේ නම් නැවත නොඑනු ඇත. එහෙත්, නැවත එන්නේ ලැජ්ජාවක් හෝ හිරිකිතයක් නැතිවය. මෙය වර්තමාන ජිවන රටාවයි. අපට අපේ කියල දෙයක් නැත. මට කියල දෙයක් ඇත. වෙන්න ඔබ මනාප නොබලන්න ඉවත...... අදත් මා ඔබ සමගයි. මා ඔබේ ජීවයයි. වනචාරී යුගය අවසන් .... නව යුගයකට අරුනළු උදාවී ඇත. නැවත නැවතත් කැරකෙන්නේ මේ විෂම චක්‍රයමයි කියල දන්නේ කියෙන් කීදෙනාද....? පාට වෙනස් උනත් පෙතේ අදින්නේ එකම දාමෝ සෙට් එකම තමයි. කියල හිතන්න බැරිද..........?  

Friday, 28 February 2014

අද්‍යාපනය , හමුදා පුහුණුව හා face book

      මේ කාරනා තුනම මුල් කර ගත්තම, එක් වරම මතකයට නැගෙන්නේ වෙනුෂි ඉමන්දී, මේ ඇයගේ කතාව නොවේ. වෙනුෂි ගැන ඕන තරම් කතාකරා. සිදුවීම කණගාටුදායකයි. නැවත එවැන්නක් සිදු නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. මෙය පුද්ගලවාදී සිදුවීමක් මිස අද්‍යාපන ක්‍රමයේවත්, හමුදා පුහුනුවෙවත් වරදක් නොව. මනුස්සයා තුල සහජයෙන් තිබු එක් පැතිකඩක කලඑළි බැසීමක් ලෙස අදහස් කල හැක. මිනිස් මනසේ වූ මෙවන් නිලින ලක්ෂණ කවර හෝ අවස්ථාවක එළිදැක්වීම හා සොබාදහමට විරුද්ධ වීම හේතුවෙන් ඔහුගේ පැවැත්ම බිද වැටීමේ ලක්ෂණයක් ලෙස මෙවන් වූ කෘර භාවයක් විද්‍යමාන වන්නට ඇතැයි සිතිය හැක. මෙය පාසැල තුල හෝ තම ගෘහය තුල සිදුවිය හැකි කාරණාවක් විය හැක. හමුදා පුහුණුව තුල පවුරුෂය ගොඩ නැගීමක් මිස, විනය විරෝධී ආකල්ප ඉගැන්වීමක් සිදු නොවේ. මක් නිසාද යත් සිවිල් සේවයට වඩා , දැඩි විනය ආයතනයක් වීම හේතුවෙන් පුද්ගලයා තුල කෘර ලක්ෂණ බිහි වීමට ඉඩක් නැත. නිල ඇදුමක් අදින පුද්ගලයා බබළන්නේ මනස සමබර හේතුවෙන් මිස කෘරත්වය පෙන්නුම් කිරීමක් නිසා නොවේ. මේ න්‍යායට පටහැනි වන නිලයන් බිද වැටෙන්නේ, පැවැත්මට උචිත නොවන නිසාය. මෙය කා තුලත් දක්නට ඇති පොදු ලක්ෂණයකි. 
               අප ලබන අද්‍යාපනය කෙබදු ආකාරයේ එකක් වුවද, එය අපට ජිවිතයට මග පෙන්වන්නකි. අපගේ සහජ ලක්ෂණ මුල් කරගෙන, අපට ගැලපෙන  අද්‍යාපන ක්‍රමවේදය අපම තෝරා ගන්නේ එබැවිනි.දක්ෂතා සියළු දෙනාටම ඇත. වරද නම් අප එය හදුනාගෙන නොසිටීමයි. වෙනුෂා සැබවින්ම දක්ෂ ළමයෙකි. ඇය බබළන්නට වුවාය. එහෙත්, ඇය ජීවිතය හැර ගියේ, ජිවිත පන්නරය නොලැබීම හේතුවෙනි. මේ ඇය තුල තිබු ශක්තියයි. අප අපගේ කුඩා කල පාසල් අද්‍යාපනය ලබපු ආකාරය ගැන හිතුවොත්, අපට එදත් ඔවැනි ගුරුවරුන් හිටි බව මතකය. අපේ දක්ෂතා හමුවේ කල කෙනෙහෙලි කම්  තාමත් මතකය. ඒත් ඔවුන් හමුදා පුහුණුව ලත් අය නොවේ. එහෙත් අප ඉදිරියට යාමට තරම් පන්නරය ලැබුහ. අද වනවිට, ඒ ගුරුවරු මග තොටදී හමුවන විට, මට මතක් වන්නේ ඒ සිදුවීම්ය. ඔවුන්ටත් අප දකින විට ඒවා මතක් වේ...... ඔවුන් සිතු ආකාරයට, අප කාලකන්නි නොවුහ. දෙපයින් හිටගත් චරිත බවට ඔප්පු කර අවසානය. එදා අපට එල්ලෙන්න නම් සිතුනේම නැත. එවැනි සියදිවි හානිකර ගැනීමේ ක්‍රමයක් දන්නෙත් නැත, මැරෙන්නටවත් සිතුවිල්ලක් අහල පහලකවත් තිබුනේ නම් නැත. 
              කාලය වෙනස් වී ඇති ආකාරය අනුව් , ළමයින් මේ වන විට සියදිවි හානිකර ගැනීමේ ක්‍රම ගැන දැනුවත්ව ඇත. වරද කොතනද......? තාක්ෂණයේ දියුණුවද මේ .....? ලෝකය ඉදිරියට යන්න දියුණු ක්‍රම සොයාගෙන ඇත්තේ රටක සංවර්ධනයටය. මේවා අහේතුක කාරනා වලට යෙදවීමට වගකිව යුත්තේ අපිමය. ඒ අනුව face book මිනි මරන්නේ නැත. මැරෙන්නේ අප විහින්මය. වෙනුශාගෙන් පටන් ගත්තම රැල්ලක් වගේ තව තුන්දෙනේක්ම  එල්ලෙන්න ගත්තේ face book හින්ද නොවේ. යමක් සිදුවෙන කොට, එයම සිදු කර ගන්නට තමන්ට තිබෙන  මානසික ආදර්ශය නිසාය මට මතකයි, මේ ආකාරයට පසුගිය වසරේ  පාසල් ළමුන් මියයාමේ සිදුවීමක් තිබුණා, sports meet හින්ද, එහෙම උනා කියල ක්‍රීඩාව ළමුන්ට තහනම් කරේ නැ. ඒ වගේම පහුගිය කාලයේ තිබුණා, ළමුන්ට දෙන දිවා අහාර විෂවී රෝහල් ගත කිරීමේ සිද්ධියක්  මෙයත් පාසල් කීපයකින් වාර්තා ගතවුණා.මෙන්න මේ සිදුවිමත් එවැනි ආකාරයේ සංසිද්ධියක් යයි මට හැගෙන්නේ ඒ නිසාය. 
            එසේ නම් අද්‍යාපනය, හමුදා පුහුණුව හා face book අතර ඇති සහ සම්බන්ධතාවය කුමක්ද...?

Thursday, 27 February 2014

සොයමි මම ජිවිතේ .....

    මා ඔබට සාපේක්ෂයි කියල මං හිතුවට ඒක එහෙම වෙන්නේ නැ කියල, මට දැන් තේරෙනවා..... මං කොයි තරම් හිරවිමකද ඉන්නේ කියල හිතෙන කොට සාපේක්ෂ වීම කෙසේ වෙතත් ..... මේ මමද කියන යථාර්තයටත් බිය වෙන්න වෙනවා කියල, මට නම් හිතෙනවා. මං ලෝකේ දැක්කා  කියල කොහොම කියන්නද? අනුන්ගේ සයිස් එකට හදපු මිරිවැඩි සගලක් පලදිනකොට, මට මේ පාරේ යන්න පුළුවන් උනාට අද....... හෙට වෙනකොට මංමුලා වෙනවා කියල, හීනියට පපුවට දැනෙනවා. කවුරු හරි අල්ලලා මාව මේ උගුලේ හිරකරලද මන්දා..... මේක මං යන්න ඕන පාර නෙමෙයි..... මට උරුම වෙච්ච පාර ..... අපේ අය මට උරුම කරපු, කරුමක්කාර පාර..... තව පොඩ්ඩෙන් මං අනන්තයට යනවා....... මගේ පොතේ ලියවිලා තිබුනේ නැ..... මේක තමයි, මා යායුතු මග කියල..... මතක පොතට විරාමයක් තියල , මං ආයෙත් ජිවිත පොත සංස්කරණය කරන්න පටන් ගත්තා......මට තවත් මේ මායාවේ හිර වෙන්න බැරි හින්ද.....
           මං දන්නෙත් නැති කලෙක ඉදල මගේ අතපය ගෙට ගහල කියල, දැන ගන්න කොට, මං පරක්කුද මන්ද...... ඒත්.....ගස් ගල් වන්දනා කරන්න මට තවත් බැ.....දෙවියෝ මං එක්ක තරහ වෙයි කියල මං දන්නව. පඩුරු පාක්කුඩ නොලැබෙන කොට, සුවද දුම් අල්ලන්නේ නැති වෙනකොට, ප්‍රශස්ති ගී, නොගැයෙන කොට, මං මිත්‍යදෘෂ්ඨිකයෙක් වෙනවා තමයි, මට දිව්‍යලොකෙත් යන්න බැරි වෙනවා තමයි..... මේ මිහිපිට අපායක් කියල, දෙවියන්ට තේරෙන්නේ නැත්නම්, මේ ගැත්තා කුමක් කරන්නද...? යක්ෂ ප්‍රේත, කුම්භාණ්ඩයින් රජ කරන මේ ලෝකේ, දෙවියෙක් ඉදිද කියලත් දැන් නම් සැකයි..... ඒ තරමට , මේ අපේ පුජා භුමිය කිලි කුණු වලින් පිරිලා, පෙරදා තිබු ශ්‍රීලංකා ද්වීපයෙ හැඩය වෙනස් වෙලා, සුනාමියට අහුවෙලා වගේ කියල හිතෙනවා. 
         මාව හිර උනාට, මගේ හිත හිර කරන්න බැනේ..... මං මගේ පොත ලියනව්..... නව ලෝකයකට හෙට හිරු පායන කම්, මං ලියනවා. මට ආලෝකය දකින්න ඕනෙ...... හෙට වෙද්දී ....... මං ලෝකය දකීවි..... මං දන්නව ඔබ මට හිනා වෙයි කියල .......දැන් ඉන්නේ ලෝකෙක නෙමෙයිද කියලත් අසාවි......ඔව්...... ඔබටත් ..... මටත් ලෝකය එරෙහිව නැගී සිටින දවස වැඩි ඇතක නොවේ.......එදාට ලෝක යුද්ධය පටන් ගනීවි.......සියල්ල නැති වී ..... ආයෙත් ලෝකය අලුතින් බිහිවේවි....... ඊවා, ආදම් ආයෙත් ඉපදී .... මනුෂ්‍ය පරපුර අලුතින් නිර්මාණය වේවි. මං ආසයි ඒකට ... මට මැරිලා උපදින්න ඕනෙ. ජිවින්ගේ අඛණ්ඩ පැවැත්ම කියන්නේ මේකට , උපරිමයට ගිහින් දසමයට එන්න වෙන්නේ ඔරොත්තු නොදෙන තරමට බර දරා ගන්න බැරි උනාමයි..... කියලත් මං පොතේ ලිව්වා. 
        මට දැන් සැහැල්ලුවක් දැනෙනවා. මං ටික ටික .... නිදහස් වෙනවා කියල දැනෙනවා. පොත ලියල ඉවර වෙන්න ලගයි, ඒත් හෙට වෙද්දී, මේක බලන්නවත් කවුරුවත් ඉතිරි වෙයිද කියල නම් සැකයි.ලෝක විනාශයට අහු වෙද්දී මේ පොතත් මං එක්කම විනාශ වෙලා යාවි......

Friday, 14 February 2014

අනියම් සබදතා හා එහි කෙලවර

          මේ දිනවල ලෝකයේ කථා බහට ලක්වූ අලුත්ම මාතෘකාව වන්නේ අනියම් සබදතායි. මෙයට හේතුව ලෝක ප්‍රකට නායකයන් කීප දෙනෙකුගේ විවාහය දෙදරා යන්නේ යයි, මාද්‍ය වර්තාකරණ නිසාවෙනි. නැවතත් පැපරාසීන් අනුන්ගේ කුණු අවුස්සමින්, පවුල් දෙකඩ කිරීමේ සමාජ සත්කාරයේ යෙදී සිටි. ලෝකයට අළුත් පුවත් මැව්වට, මේ මද්‍යවෙදින් සිදුකර ගන්නා පාපය අතිමහත්ය. සැම පවුලක් අතරම ගැටුම් තිබෙන්නට පුළුවන. එය ස්වභාවික සිද්දියකි.පවුල් අඩදබර, විසදා ගත යුත්තේ පවුල තුළදීමය. තුන්වන පාර්ශවයක් එයට මැදිහත් වීමෙන් පලක් වන්නේ නැත. ඔවුන් මැදිහත් වන්නේ උදවු කිරීමට නොව, ප්‍රශ්න තව තවත් අවුල් කිරීමටය. මේවා ලෝකයට අවුස්සා පෙන්වීමෙන් සිදුවූ හානිය පිළිබදවද විමසා බලමු.
                   ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ විවාහයේ ගැටළුද  මේ ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීමෙන්,දැන්  සිදුවන්නට යන්නේ දරු දෙදෙනෙකුගේ මවක්‌ වූ මිෂේල්ගේ මානසික අවපීඩන තත්වය තුල දික්කසාදයට මග පැදිමකි. මේ වන විට ඔවුන් වෙන්ව වාසය කරයි.ඔබාමාගේ ළග හිතවතියක වූ ගායිකා බියෙන්සේ සමග අනියම් සබදතාවයක් ඇති බව මද්‍යවෙදියකු පුන පුනා ප්‍රකාශ කරයි. ඔවුන්ගේ චායරුපද ප්‍රසිද්ධ කර ඇත. මෙය පවසා ඇති පැපරාසියා ප්‍රංශ ජනාධිපතිටද මෙවැනි ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ඔහුගේ පවුලද මේ වන විට දෙකඩ වී ඇත. ජනපති බ්රිද අසනීපව රෝහල්ගත වීමෙන් නොවැලකි , මන්දිරයද හැරදමා ගොස් ඔවුන්ගේ විවාහ ජිවිතයද අවසන් කර ඇත. ප්‍රංශ ජනපති ප්‍රන්ශුවා හොලන්ඩේ , නිලියක්  වන ජුලි ගයේට් සමග විවාහ වන්නට යන්නේ යයි , මෙම ප්‍රංශ ජාතික පැපරාසියා මේ වන විට වාර්තා කර ඇත. 
                මේ ආකාරයෙන් ඇමරිකානු හිටපු ජනපති , බිල් ක්ලින්ටන්ටද මෙවැනි තත්වයක් පැපරාසීන් විසින් උදා කර, බ්‍රිතාන්‍ය ජාතික මෝස්‌තර නිරුපන ශිල්පී එලිසබත් ගර්ලි සම්බන්ධ කර අනියම් සබදතාවයක් ඇති බව වාර්තා කල පුද්ගලයාම, දැන් පවසන්නේ එවැනි සම්බන්ධතාවයක් නොතිබූ බව පිළිගන්නා බවය. මෙවැනි සිද්ධීන් දෙස බැලීමේදී පෙනී යන්නේ ප්‍රබල මාද්‍ය වාර්තාකරණය නිසා,පවුල් සංස්ථාවේ ගැටළු වැඩිවී ඇති බවය.ජිවිත වල අඩුපාඩු මිනිසුන් ප්‍රසිද්ධ කරන්නේ නැත. එයින් දෙපාර්ශවයම අපහසුතාවයට පත්වීමත්, චරිත වල මඩගැවීමත් පමණි අවසානයට සිදු වන්නේ. අනියම් සබදතා යනු වැරදි හැසිරීමක් යයි කොතනකවත් දක්වා නැත. එයටම සුවිශේෂී වූ හේතු පුද්ගල සන්තානය තුල පැවතීම හේතුවෙන්, ඒවා ප්‍රශ්න නොකළ යුතුය. මෙය ..... අනියම් සබදතා සාධාරණිය කිරීමක් නොව, ස්වභාව ධර්මය වෙනස් කල නොහැකි නිසා සිදු වන්නකි. ජිවිත උපේක්ෂාවක් ඇති බිරියන් මේ තත්වය තේරුම් ගනියි. එහෙත්, සියළු බිරින්දෑවරුන් එසේ නොවේ, එම නිසා, විවාහ වෙන්වීම්, සියදිවි නසාගැනීම්, වැනි අතිරේක හේතු සාධක වල පිහිට පැතීමෙන් ජිවිත අවුල් කරගන්නේ අනෙකුත්  පාර්ශවයන්ද නොසලකාය. එනිසා, දෙස් විදෙස්, නියම් අනියම්, වර්තාකරුවනි, තමාගේ සමාජ කාර්ය පිළිබද මදක් නැවතී, සිතන්න. අමු අමුවේ ඕපාදුප කාරයකු නොවන්න.

Thursday, 6 February 2014

හෙරොයින් භාවිතය හා මර්ධනය

        හෙරොයින් භාවිතය හා මර්ධනය අතර ඇති සහ සම්බන්ධතාව සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්වෙමින් පවතින බව අප සමීක්ෂණ වලින් තහවුරු විය. මක් නිසාද යත්, අපට උවමනාව ඇත්තේ, හෙරොයින් සදහා ඇබ්බැහිවූවන් එයින් ගලවා ගැනීමයි.එය සරල ක්‍රියාවලියකි. එක් ක්‍රමයක් නම් හෙරොයින් සම්පුර්ණයෙන්ම නැති කිරීමයි. අනෙක, භාවිතා කරන්නන් ඉන් ගලවා ගැනීමයි.මේ දෙකටම අප පුනුරුත්ථාපනය සදහා යොදා ගත්තද  මේ සදහා සම්භාධක පනවන නිලින සාධකයන්ද පවතින බව මේ කරුණු අද්‍යනයෙන්  හැගී යයි. 

             හෙරොයින් ප්‍රදේශය තුල පැතිර යාම වැලක්වීමට පොලිසිය, නාවික හමුදාව ක්‍රියා කරයි. මෙය නීතියෙන් ඔබ්බට ගිය ක්‍රියාවලියක් ලෙස වින්දිතයින් සමග සාකච්චාවේදී හැගී යයි. එකම උවමනාව , හෙරොයින් ගෙන ඒම වැලැක්වීම උවද, මෙමගින් වින්දිතයන්ට අසාධාරණය වූ අවස්ථාද ඇත්තේ, හෙරොයින් වින්දිතයින් , සමහර අවස්ථා වලදී, ළග තබා ගැනීමෙන් තොරවද අත්අඩංගුවට ගැනීමයි. මෙහිදී නීතියට අනුව එය නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් උවද, ඔවුන්ගේ අරමුණ හෙරොයින් පාලනය කිරීමයි. වින්දිතයින් නිරන්තරයෙන් හදුනාගත හැකි බැවින්, බොහෝවිට, එවැනි අත්අඩංගුවට ගැනීම්, හෙරොයින් බහුල ප්‍රදේශ තුල ඇති වේ. 
                වින්දිතයින් නිරතුරුව මෙවැනි අත්අඩංගුවට පත්වීමෙන් ඔවුන්ට මෙය සාමාන්‍ය ක්‍රියාවලියක් බවට පත්වන්නේ පියවි සිහියක් නොමැති බැවිනි. ඇබ්බැහිවූවන් කෑම බිමකින් තොරවම, දින චරියාවක් ගෙවන නිසා, ශරීර සවුක්‍ය පිරිහේ. සමහර අවස්ථා වලදී බුද්ධිය මතුවීමෙන්, හෙරොයින් පානයෙන් වැලකි සිටීමටද උත්සාහ ගත්තත්, ශරීරය අඩපන වීමක් ඇති වීමෙන්, නැවතත් ඇග හෙරොයින්ම ඉල්ලයි. මෙය අඛණ්ඩව සිදුවේ. ඔවුන්ගේ තත්වය මෙසේයි. මෙය රටේ දරුවන්ගේ ඛේදාන්තයකි. මවුපියන් අන්ත අසරණභාවයට පත්වේ. සමහර අවස්ථාවල මත් උවදුරින් ගැලවීමට , මවුපියන් දරුවන් එතෙර යවයි. පුනුරුත්තාපන කදවුරු වලට යවයි. ඒ මුදල් ඇති දරුවන්ය. එහෙත් මුදල් නොමැති අය රජයේ කදවුරු වල හෝ රෝහල් වල කවුරුන් හෝ මැදිහත් වීමෙන් ප්‍රතිකාර ලබයි. සමහරු සිර ගෙවල් වල දිවි ගෙවති. 

             සමහර වින්දිතයින් අධිකරණය මැදිහත් වීමෙන් පුනුරුත්තාපනයට යැවුවද, නැවත ආ පසු පෙර ලෙසම මතට වහල්වේ. මේ අතර රජයේ රෝහල් වලට මත්ද්‍රවය භාවිතය නිසා , ඇබ්බැහිකම නමැති , රෝගයට ප්‍රතිකාර කිරීමට වින්දිතයින් යොමු කෙරුවද සමහර වයිද්‍යවරු , මේ වින්දිතයින්ට සුබවාදී ලෙස ප්‍රතිකාර නොකරයි. වින්දිතයින්ට දොස් කියන්නේ, පිළිකුලෙනි. අප සමීක්ෂණ වලට අනුව , මේ ලංකාවේ ප්‍රධාන රෝහලක , ඒක මනෝවයිදය වරයෙකුගේ ක්‍රියා කලාපයකි. මෙවැනි පසුබිමක දරුවන් මතින් ගලවා ගැනීමේ සත්කාරයක නියැලී සිටින අප , ඔහුගේ ක්‍රියා කලාපය හෙලා දකින්නේ, මත් උවදුර මැඩලීමේ නිලින සාධක අතර හමුවූ බාධකයක් ලෙසය. 
                අපට අවශ්‍ය දැයේ දුවරුන් ගලවා ගැනීමයි. රටක ජාතික ප්‍රශ්නයකට විසදුම් සෙවීමටයි. මේ සත්කාරයට , වගකීමක් ඇති සියළුදෙනාම සාභාගී වන්නේ නම් වටි. 

Tuesday, 4 February 2014

නිවී නිවී දැල්වෙන තරු .......

             අහස අදුරුය..... හැමදාටම නොවේ..... තරු කඩාවැටී ඇත.....සද  නිහඩය...... ගහකොළ නිසලය.... වෙනදා වගේ , මගේ සිතුවිලි අවදිවෙලා....... දුකක් නැත. උපේක්ෂාව පමණක් තවමත් ඉතිරිව ඇත. යමක් සිදුවිය. නිහඩවම. සිතුසේ .... බලාන සිටියෙමු අප. නිහඩ විප්ලවයක අවසානයේ, තරු ගොන්නක් කඩා වැටුණි. පහන් තරුවක් වන්න නොහැකිව, මට හිතෙන විදියට ...... ග්‍රහ තරු ගැටුණි. වෙනදා වගේ ස්වභාවික සංසිද්ධියක් අවසානයේ..... ගැඹුරු නිහැඩියාව රජ කළේය. අපට දුක හිතුනේ නම් නැත. අවශේෂ තාරකාවෝ නම්...... අහස් කුස බැබලෙති. මන්දාකිනියකට ඔරොත්තු නොදෙන තරම් , බැබළුණු විට, කඩා වැටීම් හා ගැටීම  ආරම්භ වේ. එහෙත් ග්‍රහ තරු යුද්ධය නම් අවසන් නොමැති බව කරුණාවෙන් සලකන්න......
                සියල්ල සතුටෙන් සාමදානයෙන් විසදෙන්නේ යයි..... අදත් බලාපොරොත්තු වෙමි..... තවමත් ...... නොවිසුදුනු ප්‍රශ්නය ආරම්භයේම අප සිටින නිසාවෙනි...... අපේ ක්‍රමය තුල ගැරහීම් නොමැත..... ඇත්තේ පෙන්නාදීම් පමණි..... විකල්ප ක්‍රම සොයා ගැනීමට ප්ලේටෝව සොයමි. මොකද....., මේ පාරට අපිව දැම්මේ ඔහු නිසා, මැකියාවෙලි ට නම් කැමති නැහැ..... ඔහුගේ දෙපැත්ත කැපෙන ආයුධයෙ දැන් කැපෙන්නේ අපේ පැත්ත විතරක්ම නිසා....... සිංහයෙක් වෙන්න පුළුවන් ඒත්...... බැටළුවෙක් වගේ රගපාන්න පුලුවන්ද...? අනාගතයේ දකින්න පුළුවන් සුභසාධන රාජ්‍යයේ ..... ආර්ථික ප්‍රතිපත්ති.....දිව්‍ය ලෝකෙන්වත් ගෙනාවොත් අපි දිනුම්.......
                 මේ කිසිදේකට අපි අමනාප නැත. ස්වයං වර අපට ඇත. ඒවා දෙවියෝ දීපුවා වගේ වටිනවා. එසේ නම් වරද ඇත්තේ කොතනද...? අපගේ අධිරාජ්‍යවාදී යැපුම් සංකල්පය තුලය. මැවිම්වාදය ...... ගරු කොට සලකන සමාජයක ......  දෙවියන්ට සුවද කපුරු දල්වන යුගයක....ප්‍රසස්ති ගීම පමණක් ඇසෙන විරාමයක , අප යායුතු මග නොදැන .... මග මරුවැල් පැගෙද්දී .......වල් වදිනවා නේද අපි....? හැමදාම සිද්ධ වුනේ නම් මේකයි , කියලයි  මට නම් හිතෙන්නේ ..... නිදහස් නිවහල් ලෝකය අපට උරුම කරද්දී..... එදා හිටපු දෙවියෝ ..... මේක මෙහෙමයි වෙන්නේ කියල නම් දන්නේ නැතිව ඇති...... පේනව නම් අපි ආයෙත් ඉන්නේ එතනමයි කියල........ 

              

Saturday, 25 January 2014

රැල්ලෙන් රැල්ලට පාවෙන රැල්ලේ ....

            ලෝකය නිදහස්ය... නිවහල්ය.... මේ සුපින්වත් බිමේ, පය තබන්න කල පින් මදිද කියාත් සිතේ. ස්වභාවික යුක්තිය අහසින් බිමට විත්, පව්කාරයන්ට දඩුවම් කරන්නට පටන්ගෙන ඇත්දෝයි සිතෙන තරමට කරුණු කාරනා සිදුවෙන සැටියක් පෙනේ.යුක්තියේ  සමාජ රාමුව අභිබවා යා නොහැකි බවත්, බව තරණය කරන්නටම සිදුවෙන බවත් ඉදුරා පැවසිය හැක. නිදහස් නිවහල් මේ සාමකාමී මන්දාකිණියේ , සළෙලු වරම් ලබාදුන් දෙවියෙක්වත්, ගැත්තෙක්වත් නැති බව යුක්තියේ මාතාව අපට නැවතත් පසක් කළේය. සිදුවීම් බොහෝම සෙමින් සිදුවන විට, ඇයි මේ ඉක්මනක් ...... සියළු කරුණු අවබෝධ වීමෙන්ද නැතහොත් උන්මන්තක අවපීඩන පසුපස එලවන නිසාද .....අවසානය සොයා පා නැගුවේ , මුරුග පුරවරයට .
               ඔබට මෙසේද, තවකෙකුට එසේද සිදුවන අහඹු ප්‍රාතිහාර්ය ඔස්සේ දෙපා නගන විට තරු පිරිවරාගත් රග මඩලක නටන නලගනන් ...... විහිදුනු දෙපා සොලවමින් , අල්ලලන අළුත් කස්තිරම්, වැයෙන බෙර පදයට, ඔසවමින් සිය දෑත ...... පිළින දෙමින් සාමයේ රජ පරවී දහනක කිරුළු පළදින බවට, සපත වෙමින් දහසක් පොරොන්දු සමග අප .... ඔබ සමගයි ...... කියා. වෙනසක් සොයන හුදී ජනයාට ..... දිව කප්පරක් සිරි සැප දෙමුයි ....මතක බන කියමින්, රගන්නෝය, සිත් තුටින්. 
             අළුත් ලෝකයක් හදන්න ..... සතුටින් සාමයෙන් දිවි ගෙවන්න අප සිතන විටම, උදා වෙතයි, බලාපොරොත්තු වන ලෝකය ඇලඩින්ගේ පුදුම පහන මෙන්, මැවිම්වාදය .....දෙවියන්ගෙන් ලැබෙන තුටු පඩුරු ..... වලට කවුද ආස නැත්තේ...? රැල්ලට හසුවෙලා   ..... පාවෙලා යන .... ගහගෙන යනකොට තණකොළ පදුරු වල එල්ලෙන්න .....තාමත් අපට පුළුවන්. බලය හා ලෝභය මෝඩ ලෙස පාවිච්චි නොකරන තෙක්  ලෝකය තවමත් නිදහස් , නිවහල් තමයි..... ඒත් අපේ නිදහස ..... බාධාවක් නැතිව පාවෙලා යන්න පුලුවන්ද...? සියළු විප්ලවයන් හමුවේ..... හෙට බිහිවන අළුත් ලෝකය දෙස බලන් ඉමු අපි .... සංක්රාන්තියක් උදා වෙනකන් . 

ඔබ යන්න ගියා ඉගිලී .... ( 2 කොටස )

       දවසින් දවස ගෙවුනා ..... අපි අපේ ලොවේ දුවපැන ඇවිද්දා. ආදරය කොතරම් සොදුරුද කියල හිතන තරමටම අපිට කිසිත් බාධාවක් තිබුනේ නැ. සුදු මගේ පන වගේ මට දැනුනේ. දවසක් එයා , දේශපාලන රැස්වීමකට අකුරැස්සේ ගියා. මහින්ද මහත්තයාගේ රැස්වීමක් එදා තිබුනේ නෝනා .... , මම  හෙට උදෙන්ම අකුරැස්සේ රැස්වීමට යනවා. මං ඒක ඉවර වෙච්ච ගමන්ම ඔයාව බලන්න එනවා කියල ... මට කියල , හාදු වැස්සක් දීල එදා හවස මගෙන් සමුගත්තේ , සදාකාලික වෙන්විමකටද කියල ඇයි ..... මට එදා හිතුනේ නැත්තේ..... දන්නවනම් මං ඔයාට එදා යන්න දෙනවද.
            ඔයා යන්න ගියා..... යන්නම ගියා .....ඊට පස්සෙන්ද ... මං බලන් හිටිය, ඔයා ඒවි කියල. දවල් උනා. එකපාරටම බයික් එකක් ගේ ළග නතර කරා. මං හිතුවේ සුදු ආව කියල. දුවල ගියේ ඒ මුණ දකින්න. ඒත් සුදුගේ යාලුවෙක් ආවේ .... අපේ අම්ම එක්ක කතාවක, අම්ම මගේ මුණ බැලුව. ඒ ඇස් වල කදුළු. මං බයවුණා. අම්ම කිව්වා , පුතේ සුදු මහත්තය තුවාලවෙලා මාතර ඉස්පිරිතාලෙට ගෙනෙහින් කියල. මගේ ඇස් , නිලංකාර උනා.ඇදන්  හිටි ඇදුමෙන්ම , මං දිව්වේ මගේ සුදු බලන්න ඉස්පිරිතාලෙට. අකුරැස්සේ රැස්වීමට බෝම්බ ගහල හුගක් අයට තුවාලවෙලා. ඉස්පිරිතාලේ ඇදන් අස්සේ මං දිව්වේ පිස්සුවෙන් වගේ..... අනේ මගේ සුදු එතනත් නැ.....සමහරු මැරිලලු.

             මගේ සුදු මැරිලා නැ..... මං දැක්ක ..... එයා ඔපරේෂන් කරලා, දැඩි සත්කාර ඒකකයෙ , විදුරු පෙට්ටියක් ඇතුලේ ඉන්නවා.අනේ .... මට එයා ලගට යන්න බැ. ඔලුව සුදුපටි වලින් ඔතලා, කකුලුත් ඔතලා. මට ලගට යන්න දුන්නෙ නැ. මං කැ ගහල ඇඩුව. මගේ අසරණයා මෙහෙම ඉන්නවා බලන්න මට බැ. දවස , ගානේ ගෙවිල සතියක්ම ගෙවුන. ඒත් එයාට සිහියක් නැ. තාමත් විදුරු පෙට්ටියේ. කෑමක්, බිමක් නැතිව මාත් ඔහේ හිටියා. මගේ සුදු ඇස් අරිනකම් බලන් හිටිය. ආදරේ උනුවෙලා.... ලේ කදුළු වෙලා .... ගලා යනවා..... මටත් නොදනිම. මං මේ තරම් ආදරේ කරපු, මගේ සුදු වේදනාවෙන් ඉන්නවා දකිනකොට, මගේ හිත මං කොහොමද හදා ගන්නේ...... 
         (මතු සම්බන්ධයි )
          එක් සත්‍ය කතාවකි 

Sunday, 5 January 2014

ඔබ යන්න ගියා ඉගිලී........

      ඔබ මා හමුව ගෙවීගිය කාලය සිහිවන විට .... අනේ.... මට මගේ ආදරය අපහු මා ගාවට ආවදෝයි සිතෙනවා. මට තාමත් ඔබව දැනෙනනවා. හීනෙන් වගේ මං ලගින් ඇවිද යන බවක් දැනෙනවා. ඒ අතීතය සුන්දරයි.... මට මගේ වර්තමානයට වඩා, දරුවා අඩනකොට , හිත දුරක ගියත්, මගේ හිත තාමත් ඔබ එතැයි ... මගබලා සිටිනවා.අපි දෙන්නා අත් අල්ලාගෙන පියමන් කරපු හැටි.... ඇස් වලට කදුළු එනකන් හිනාවුණු හැටි....... නෝනා .... කියාගෙන මගේ පස්සෙන් වැටි මට ආදරය දීපු හැටි.... ඒ හැමදේම මට තාම මතකයි.....
              ඔබට පුළුවන් නම් මගේ කතාව අසාගෙන ඉන්න ..... මේ වගේ දුකක් කිසිම කෙනෙකුට අත් නොවේවායි ..... මං ප්‍රාර්ථනා කරනවා. ඉස්කෝලේ යන කාලේ ඉදන් අපි දෙන්නා ආදරෙන් බැදුනා, සුදු ..... මට එයාගේ පනටත් වඩා ආදරේ කලා. අපි දෙන්නට දෙන්නා දවසක්වත් නොදක ඉන්න බැරි තරමට අපි.... අපට ආදරය කලා. අපේ ගෙදරින් සුදුට කැමති උනේ ඔහු ගුණ යහපත් වගේම, මට හුගක් ආදරය කල නිසා. අපි දෙන්නට පුදුම තරම් නිදහසක් තිබුනේ ඒකයි ....... ඒත්.... දවසක් අපි අපේ කේන්දර බැලුව, බදින්න ඉන්න නිසා නිකමට වගේ බැලුව.....දෙවියනේ අහස කඩා වැටුන වගේ...... අහන්න ලැබුනේ,  සුදුට ආයුෂ අඩු බව. පොරොන්දම් බලපු මනුස්සයා කිව්වේ නම්, ඉක්මනට බබෙක් හදන්න, එතකොට ඔය අපලය ඇරිල යයි කියල. 
        
            අනේ මගේ සුදු මේ කතාව පිළිගත්තේ නෑ. ඔහු කේන්දරේ එච්චර ගණන් ගත්තෙ නෑ. මං කිව්වා අපි ඉක්මනට බබෙක් හදමු කියල. ඒත් අපිට තව වයස තියෙන නිසා ඔහු ඉක්මන් තීරණයක් ගත්තේ නෑ. ඔහොම සතුටින් කාලය ගතවුනා .... මට ඒ කතාවත් අමතක වෙලා ගියා...... 

(එක් සත්‍ය කතාවක් )

මතු සම්බන්ධයි 


Wednesday, 25 December 2013

ඇය ගණිකාවක්ද .......?

              ගණිකාව  .... යන වචනය මා දන්නා විදියට සර්ව නාමයක් ලෙස හැදින්විය හැක.මක් නිසාද යත් පිරිමි ගණිකාවෝ ගැනද අද කතා කරන බැවිනි. එහෙත් වචනයේ අර්ථයෙන්ම මෙය හදුන්වන්නේ කාන්තාවන් ගැන පමණක් වන  අර්ථයෙන් එන වචනයක් ලෙසය. මන්ද...... සැමදා විවේචනයට ලක් වන්නේ කාන්තා ගණිකාවෝ පමණක්ම බැවිනි. ගණිකාව ගැන කතා කරද්දී එක්වරම මනසට එන්නේ කාන්තා රූපයකි. ඒ කියන්නේ අපේ චින්තනයේ රැදී තියෙන්නේ, ගණිකාව කාන්තාවකි යන මතයයි. ඒ වගේම, පිළිකුල් සහගත සිතිවිල්ලකි. කවුරු හරි කිව්වොත් අර යන්නේ ගණිකාවක් කියල, අපි බලන්නේ ඇස් ලොකු කරගෙන. ඒ තරමට වෙනස් හැගීමක් ,නොරුස්සනා ගතියක් එක්වරම මොලයට එන්නේ වචනයේ වරදින්ද මන්දා , 
          සමහර අය කියනවා මේක සමාජ සේවයක් කියල, මොකද දුෂණ, අතවර,සමහර  මානසික රෝග සදහා යම් පාලනයක් මෙමගින් සිදුවනව කියල. තවත් අය කියනවා, මෙමගින් භයානක රෝග හැදෙනවා කියල. මේ දෙකම ඇත්ත. ඒත් ගණිකාව කියන්නේ කවුද කියල අපි කොහොමද හදුන ගන්නේ , ඒ සදහා නිර්වචන තියනවද.....? අපි ගණිකාවෝ කියල හිතාගෙන ඉන්න අය  පාරෙත් ඉන්නවා , ගෙදරත් ඉන්නවා, ඒ කියන්නේ එක් පිරිමියෙකුට වඩා ආශ්‍රය කරන අය, ඒ අයගෙන් සල්ලි ගන්න අය, තමයි, මේ විදියට හදුනාගෙන තියෙන්නේ. ලංකාව තුල ගණිකාව හදුන්වන අවිධිමත් ක්‍රමය තමයි,මේක. මේ තර්කය  හැමෝටම මේ විදියට සාධාරණය වනවාද කියන එක දැන්නම් ගැටළුවක්, මේ විදියට බැලුවම ලංකාවෙන් සියයට අනුවක්ම, මේ ඝනයට වැටෙන්නේ ඉබේම. තමන්ගේ අම්මා, සහෝදරිය, දියණිය, මිණිපිරිය මේ සියළු චරිත මේ තර්කනයට ඇතුලත් වෙලා දන්නෙම නැතුව. මේ තුල තිබුනාවූ මානුෂික හැගීම් ඉවත් වෙලා, ගැහැණිය රොබෝවරුන්ගේ හා පිරිමින්ගේ අතකොලු බවට පත්වීමේ වැඩි ප්‍රවනතාවයක්, මේ රාමුව තුල ගැබ්වෙලා තියෙනවා කියල නම් හිතෙනවා. 
                බටහිර කාන්තාව හා පෙරදිග කාන්තාව වෙනස් වන්නේ, මේ විදියට තියෙන්නාවූ පුරුෂාර්ථ නිසාවෙනි. මිනිසුන් තුල ස්වභාවයෙන්ම තියෙන්නාවූ, ලිංගික කැමැත්ත සදහා පනවන ලද මෙවැනි සීමාකම් නිසා, කාන්තාව, ලංකා සමාජයේ  ගණිකාවක් කර ඇත. යම් සුවිශේෂී වූ හේතුවක් මත කාන්තාව බැබළේ නම්, ඇය ගණිකාවක් වන්නේමය. බටහිර කාන්තාවට මේ ගැටලුව නැත. පවුද්ගලික කාරනා වෙනුවට, ඇයගෙන් රටට ගතහැකි ප්‍රයෝජනය නිසැකවම, තර්කයකින් තොරව ලබා ගැනීමට දියුණු සමාජ පියවර ගෙන ඇත. ලෝක ප්‍රසිද්ධ කාන්තාවෝ ගැන හැදෑරීමේදී, ඔවුන්ගේ චරිතපදනයන් තුල වූ අඩුපාඩු, සැලකිල්ලට ගත් ආකාරයක් මේවායින් දෘශ්‍ය නොවේ. ඒවා විවේචනයටද බදුන් නොවේ. මක් නිසාද යත්, තමන්ටම වෙන්වූ ජිවන රටාවක් කාටත් උරුමවීම හා ඒවායින් අන් අයගේ නිදහසද සිමා නොවීම නිසාවෙනි. සදාචාරය යනු මෙයයි, කැ ගසා හොයන නැතිවෙනවා යයි කියන සදාචාරය ආරක්ෂා කරන්නේ ගණිකාවන් නිර්මාණය කිරීමට නොවේ. ලේබල්වාදී සමාජය මේවා තේරුම් ගත යුතුය. කාටද මෙලෙස ඇගිල්ල දිගු කරන්නේ...? තමන් දෙසටම වක්‍රව, තම පවුල තුලටම බව, සියල්ලෝම මතක තියා ගත යුතුය.  

Sunday, 22 December 2013

බලය හා කාන්තාව ....ලංකාව තුල භූමිකාව

                     පුරුෂෝත්තමවාදී රටක කාන්තාව පසුගාමී චරිතයක් විය යුතුද නැද්ද, යන්න තීරණය කරන්නේ කවුරුන්ද යන්න සෙවිය හැකිද? මෙය සිය පවුල තුල සිදුවනවාද? නැතිනම් සමාජය ඇය, මෙහෙයවන ගාමක බලවේගය බවට පත්වෙනවද? යන්න ඔබට දැන් කියන්න පුලුවන්ද? බොහෝ උදාහරණ මේ වනවිට ප්‍රස්තුත වී හමාරය. කාන්තාව කරලියට පැමිණියේ අද ඊයේ නොවේ. ආසියාතික රටක් වූ ලංකාව තුල බලය සදහා කාන්තා ප්‍රගමනය සිදුවුයේ ලෝකයේ පලවෙනි අගමැතිනිය ශ්‍රී ලංකාවෙන්ම බිහිවෙමිනි. ඒ අප දන්නා පරිදි ශිෂ්ඨ සම්පන්න දේශපාලනය තුලිනි.සමාජ අවශ්‍යතාවය මත එය සිදුවිය. එහෙත් අතීතයේ ලංකාවේ රැජිනන් රට කරපු බවටද  ජනප්‍රවාදයේ පවතී. එය උරුමය පිළිබද කතාවකි.එහෙත් ලංකා සමාජයේ මේ වන විට උරුමය හා කරුමය පෙරදැරි කරගෙන පෙරළිකාර චරිත කීපයක් කලඑළි බැසීම හා සමාජ සංශෝධනයන් සිදු කිරීමට සුදානම් වීම, ඒක අතකින් රටක විප්ලවීය අවස්ථාවක ආරම්භය ලෙසද දැකිය හැක. සිතල යුද්ධයක, සටනක් දියත් කරමින් පෙරට එන ශ්‍රී ලාංකීය නවීන කාන්තාවෝ රට කරවීම සදහා. දැන් පිටියට බැස සිටිති. අප මෙහි වරදක් නොදුටුවෙමි.
               ඔවුන්ගේ ආගමනය පිළිබද අපට ගැටළුවක් නැත. ඉන්දියාව වැනි ආසන්න රට වලද මේ හා සමාන ප්‍රබල කාන්තාවෝ බිහිවිය. ජයලලිතා හා පුලාන්දෙවී මේ සටන් වල පෙරටුගාමීන් වුයේ, ස්ත්‍රිත්වයද අමතක කරමිනි. පෙරළිකාර සමාජයේ සිදුවන දේශපාලන පෙරලීම් කෙබදු උවත්, නායකයින් මේවට මුහුණ දිය යුතුය. දේශපාලන ස්ථාවර නිර්නායකයන් ලෝකයේ නැත. ඇත්තේ වෙනස්වීම් පමණි.ක්‍රීඩාව, චිත්‍රපටි, වෙළදාම මේ මොන ක්ෂේත්‍රයේ වුවත්, වැදගත් වන්නේ, චරිත හැසිරෙන ආකාරයයි. පොර පිටියක් නොව, සදාචාරාත්මක ගමනක වෙනසක් දකින්නට සිවිල් වැසියන් කැමතිය. ගැහැනුකම අපහාසාත්මක කරන කෙනාගේ පිරිමිකම් ගැනද සිතිය යුතුය. බියවියුතු නොමැතිනම් කාන්තා බලයද ඉවසිය යුතුය. ස්ව පරමාර්ථ ගැන නොසිතා සියල්ලෝම රට ගැන සිතිය යුතුය. දේශපාලනය වෘත්තියක් නොව සමාජ සේවාවක් බව හැමෝම සිතිය යුතුය. 
               කාන්තාවට සම අයිතීන් නොලැබුනද නිසි තැන ලැබුන නම් ඇති, තරුවක් වනවාට වඩා, පුර්වාදර්ශි චරිතයක් බවට පත්වීම, පුන්යකර්මයකි. තව තවත් කාන්තාවෝ ඉදිරියට ඒම වැඩදායකය. තරගයක් ඔවුන් අතර නැත. ජනතාව බුද්ධිමත් නම් නිසි තීරණය ගනු ඇත. අවශ්‍යතාවය ප්‍රබල වෙද්දී, කවුරුන් ඉදිරියට ආවත්, නායකයින් අප පිළිගත යුතුය. මක් නිසාද යත් කැමැත්ත දුන්නෙත් අපිම නිසා, එසේ නම්, කාන්තා ආගමනය කොතෙක් දුරට බලපානවද යන්න අප ඉදිරියේදී බලමු. තිරෙන් පිටුපස මේ සියල්ලන්ටම වඩා  ප්‍රබල කාන්තාවෝද සිටින බව අමතක නොකරන්න. ඔවුන්ද නිහඩවම රට වෙනුවෙන් යම් මෙහෙවරක් ඉටු කරයි. බලය ඔවුන් තුලද ඇත. දේශපාලනය යනු රටක් ඉදිරියට ගෙනයන එක් බලවේගයක් පමණි.

Saturday, 14 December 2013

කුණු නිසා නගරාධිපතිට ගෙදර යන්න වෙයි.

                 කුණු නිසා ගෙදර යන්න වුන නගරාධිපති කෙනෙක් ගැන කොලොම්බියාවේ බොගෝට අගනුවරින් වාර්තා වේ. සිද්ධිය මෙසේය.බොගෝට අග නගරයේ එකතුවන කුණු නිසි අයුරින් කළමනාකරණය නොකිරීම හේතුවෙන් ජනතා චෝදනා ලැබූ නගරාධිපති ගුස්ටවෝ පෙට්‍රෝ හට මෙලෙස සිය තනතුර අහිමි විය. එම හේතුවෙන් ඔහුට ඉදිරි වසර 15ක කාලයක් දේශපාලනය කිරීමද තහනම් විය. ලබන වසරේ කොලොම්බියාවේ පැවැත්වෙන ජනාධිපතිවරනයටද ඔහු සාභාගී වීමට තිබියදී, මෙලෙස කටයුතු සිදුවිය.
                කොලොම්බියාවේ තත්වය මෙසේය.ජනතා විරෝධයට එරට පාලකයන් හිස නමයි. තමන්ට කරන්න බැරි නම් ඒ බව තේරුම් ගනියි. එය අප අගය කල යුතු ක්‍රියාවකි.තනතුරක වගකීම් දරන්නට බැරිනම් , හැකි කෙනෙකුට එම තනතුර ලබාදීම රටට කරන සෙතකි. තුන්වන ලෝකයේ රටක් වන කොලොම්බියාව සිය ඉදිරි ගමන මෙලෙස හැඩ ගන්වා ගැනීම, සෙසු රටවල් වලටද ආදර්ශයකි. බල ලෝභය නොතකා, රටක් ලෙස ජනතා මතයට ගරු කිරීම ප්‍රශංසනීයය.