Saturday, 22 December 2012



                                                   තනි තටුවෙන් පියාඹන්න ..............

                           ස්ත්රීත්වය ඇයට ශාපයක් ලෙස සිතුනි . වයස අවුරුදු දහයදී , නිවසේ පැවති අගහිගකම් හා අඩු සැලකිලි මතජානකි නිවසින් පැන  ගියාය . හෝටලයක මෙහෙකාර  කමේ කලක්  . පිරිමින් හා උරෙන් උර ගැටී රැකියාව කලා . ජානකි උනුන් අතර සුවිශේෂය . වෙනස ගැටළුවක්  වූ කල , ඔවුන් ඇය මේසයක් මත නග්ගා , ලිංගිකත්වය එලියට ගන්නා ලදී . සමාජය ඉදිරියේ ඇය ප්රථම වතාවට නිරුවත් විය . ස්ත්රිත්වයට  ශාප කරමින් ඇය වයස දහහතරේදී ගැබ් ගත්තාය . බල වයස් කාරියන් වූ බැවින් ඔවුන් ළමා නිවාසයක හැදුනි . වයස දහාටෙදී  , දරුවාගෙන් වෙන්ව , නැවත සමාජගත විය

                                  ලිංග පරික්ෂා සියල්ල අබිබවමින් ඇය ,යුධ හමුදා සේවයට සෙබළකු ලෙස බැදුණි . ඇය කදිම කොලු ගැටයකු ලෙස පෙනුණු බැවින් ,  ඉහල නිලදාරියකුට ලිංගික අල්ලස් දී හමුදාවට එක් වුවද , වසර දෙක , තුන යන විට ඇය අනෙක් සෙබළුන්ටද ඕනෑ  විය . ඇයට  විරුද්ධ ලිංගික ආකර්ශනයක් නොවිය . රස්සාව තිත්ත විය . හමුදාව හැර ගියේය . නව යොවුන් තරුණයකු ලෙස ස්ත්රීත්වය යටපත් කරමින් , වරින් වර විවිධ  රැකියා වල නිරත වෙමින් , ඇය  මේ , විට , ගැරේජ් වැඩ , රියදුරු කම ආදී සියල්ල උගෙනමින් , පිරිමියකු ලෙස පරිපුර්ණ වන්නට විය . කොල්ලන් අතර ඇය පොරක් විය , බජාර් බැස්සේය . කාටත් හිත හොද විය

                                       ඇය ආදරය කළේය ආදරය උගත්තේය , ස්වභාව ධර්මයට එරෙහි වන්නට ඇයට නොපිළිවන . එහෙත් ඇය ප්රේම කලේ , තවත් ස්ත්රින්ටමය . වෙනස එයයි . විවාහ වීම දරුවන් හැදීම , ඇයට අහම්බයක්ම විය . සිතුවිලි සාමාන් විය . සමාජ හානි ,වෙනත් විෂම චර්යා ඇයට නොවිය . බෙහෙවින් අහිංසකව  තමන්ගේ පාඩුවේ ජිවත් වන්නට පමණක් ඇයට ඕන විය . නමුත් , සමාජ වට පිටාව තුල ඇය කෙසේ පවතිම්ද ? යහළුවන් සමග සිටිද්දී , ඇය  අත්අඩංගුවට  පත් වුයේ , නීති විරෝධී ආයුධ ලග තබා ගැනීමේ වරදටය . නැවත ස්ත්රීත්වය හරස් වෙමින් පොලිසියදී ඔවුන් එකම කුඩුවකට  දැමීම හේතුවෙන්  , තවත් වරක් ඇය නිරුවත් වුයේ , තව දුරටත් පිරිමියකු ලෙස පවතින්නට .නොහැකියවෙනි .

                                                  කාලයකටම ඇය බන්දනගාරගත විය . එය ඇයට  විශ්ව විද්යාලයක්ම විය . බොහෝ දේ උගෙන ගත්තේය . පෙර , වෙනත් වැරදි නොවූ ඇය , කලහකාරී වන්නටත් , මත්  කුඩු බොන්නටත් පටන් ගැනුනි . එහිද ඇයට පෙම්වතියක් විය . ඇය කුඩු මුදලාලි කෙනෙකු විය .ජානකි නිදහස්ව ගියද , යන්නේ බොරැල්ලේ සිටින සිය කුඩු පෙම්වතිය ලගටය . පුෂ්ටිමත්ව සිටි ඇය කෙසග විය . මේ වන විටවරින් වර බොරැල්ලේ    මන් සංදී වල ජනකිව නෙත ගැටේ . ඇය උඩුගම් බලා  ගොස් ඇත

                                            අශෝක හදගම තනි තටුවෙන් පියාබන්න බැරි බව අපට .කිවේය සමාජ තුල  ස්ත්රිත්වයට පවතින්නට බැරි ඇයිද යන්න ඔහු කිවේය . සමාජ අසාධාරනකම් මොනවාද පෙන්නුවේය . තවත් ජනාකිලා සිටින්න පුළුවන .   පුද්ගලයා මනින එකම මිම්ම ලිංගිකත්වය නොවන බව ඇයි  ? වටහා නොගන්නේ ..... එබැවින් වරද ජනකිලාගේද ? සමාජයේද ?

සටහන 
ශෂිකලා දුලෂිනි  ජි . පුංචිහේවා 


Friday, 21 December 2012

         ලෝක විනාශය .........

 ග්රහ තරු කැළඹෙයි .....
මාරුතේ හඩලයි ........
 සුදු මුදු ගුවනත අදුරු වලාවන් ........
 නළ මුදු සුළගේ කටුක වියලි බව .....

 දරනු කෙලෙස මිහිමත ඉරි තලමින් ......
 ගිනි දැල් පිබිමින් දොරේ ගලා යයි .......
 දෙරණත කලබා විසුළු වෙසින් .......
 ගම් බිම් නිහඩයි සියලු සතා මෙන් ....

වංක ගිරියක අතරමංව .......
 ඇස් වැසි දුහුලින් තුලනය නොවී ....
කිනිසි අත දරා යොමුව බිම නෙතු ....
වරද සොයමින් වල්මත්ව නෙතු .....
 සොයනුයේ ලෝක විනාශයමද .....?

 පබැදුම

 ශසිකලා දුලෂිනි ජී . පුංචිහේවා

Wednesday, 13 June 2012

අයාලේ ගිය නුඹ


             අයාලේ ගිය නුඹ ..............

අයාලේ ගිය නුඹේ වත සිව්මන්සලක නතරව

වැඩිම ලන්සුවකට වෙන්දේසියක තප්පුලන

කවරකුගේ මන දොළ සපුරන්න රුසිරුව පෙළ ගැසී ....

උවම් දිගහැර , නෙතු සිසිල පිහාදමා  වාරු හැර

ශෝබමනාව පේවී සුගන්ධයෙන් මන්මත්ව හිදින කල

මන්සලේ දිවෙන විදුලි ධාරා රුධිර සරණයට වඩා වේගෙන්

නුඹත් පසුකර නුඹෙන් ඇතට දුව ගියත් උකුසු ඇස්

නුඹව සොයමින් , එකතු කර බා ගන්නට මාන බලන සරි

විගහට දිවවිත් , දොරැර , ඇතුලට ගුලි ගැසී පියඹා යයි

නන්නාදුනන සොදුරු පුරවරයක දැහැන් ගත වන්නට

සොදුරු සිහිනයේ අවසාන හෝරාව පසු කරලන්නට නොහැකිව

වල්මත්ව , විපිලිසරව නීතියේ යදමින් නුඹ වට වෙද්දී

දිනෙක පාදඩ නිතිය නුඹව වට කරන් අයාලේ ගිය වරදට

හුදකලාව උකටලීව , වරදක් නොවූ වරදට විද සිර දඩුවම්

හෙම්බත්ව , කුටුම්භයක සුසුම්ලන නුඹේ හද හැමදාම

හැම විදියකම , දෝංකාරය නොදෙයිද ශාපලත් පුරවරයේ .....

                    පබැදුම

            - ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා -



Tuesday, 3 January 2012

සමුගත් පෙම්වත .....

දුරු කතර ගෙවා .... මාරු කතර සොයන් ....

සංසාර පුරුද්දට

මේ ආත්මයෙත් අප හමු වන්න ඇති ...

දෑසින් දෑසට ලංව බලන් අපි ...

පැතුවා පැතුමක් දැගිලි බදිනට ....

දැල්වෙන නියෝන් එලි අතරින් ....

තාරුකා ඇස් දිහා බලාන

අපි අපේම වන්නට පැතුවා .....

නොපුරුදු පුරවරයේ ..... සිතල සුළගට

අරලිය මල් සුවදක් හැමුවා .....

කන කොක් හද තලමින්

ඉගිලෙන බමන සලෙලුන්

නුබ මගෙන් ඇතට ගෙනේ ගියා .....

මදැස් ඉදිරිපිට අවසන් සුසුමත් සිතල සුළගට මුසු උවා ...

කියන පෙම්වත නුබ මට අහිමි කල .....

ඉසිබුලන බමන රැල ....

ශාපලත් දේශයක ඔටුනු පලදියිද හෙට ....

නුබ අහිමි කල යුක්තිය මට

මතු සසේරදිවත් පිහිටක් වෙයිද .....?

ශෂිකලා දුලශිනි ජි පුංචිහේවා

Friday, 9 December 2011


දැහැන ..................

සරා සද මෝදු වී තෙමා වැටි කදුරැල්ල

තරු නෙතට ඉගි කරන් විසිර ගිය හසරැල්ල

කොද කැකුළු පුදින සිසි කැලුම් නල රැල්ල

දර ගනු කෙලෙස තුටු හදවතට සිහිලැල්ල



වනපස මලින් පිදුම් ලැබූ නිරමිසයන්

පරසතු මදාරා අකැප වූ පාරමිතාවන්

වඩන්නට බවුන් නොදැනෙන්න මල් පවන්

මිරිගු දිය නොපැගි පා ඔසන සදරුවන්



හිරු නැගී මල් පිපි සියොත් කල හැඩවී

නෙතු බැදී මන බිදී හද ඇතුරු සරාගී

මල් මන්ද මාරුතේ කැලඹ ගිය නුරාගී

දැහැන් ගත සමාධිය සිත් ඉමෙන් හමාවී



ශෂිකලා දුලශිනි ජි පුංචිහේවා


Sunday, 4 December 2011

මිලින වන මල්



විවාහ යොජනාවකින් ඔවුහු විවාහ විය. විවාහයෙන් පසුව ඔවුන් ඔවුන්ටම කියා සාදා ගත් නිවසේ පදිංචි විය. ඔහු උපාධිධාරි ගුරුවරයෙකි. ඔහුගේ පෙරත්තය මත ඇය රුකියාවක් කලද රුකියාවෙන් ඉවත් විය. ටික කලකින් ඔවුන්ට පිරිමි දරුවකු ලැබින.

ජීවිතය සමිපුර්ණ වුවා යයි ඇය සිතන්නට විය. එහෙත් සිදුවුයේ වෙනත් දෙයකි. ඔහුගේ හැසිරීම එන්න එන්නම වෙනස් වන්නට විය. ගෙදර වියදම සදහා දෙන මුදල් ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු කරන්නට විය. දෙන මුදල දරුවාට සහ කෑම වියදමටත් මදි වන්නට විය. වැඩිපුර මුදල් ඉල්ලු විට බැනුමි අහන්නට ඇයට සිදු උනි. එහෙත් ඇය ඉවසුවාය. ඔවුන් අතර අඩ දබර ඇති වන්නට විය. ඔහුත් ඇයත් නිවස තුලම තනි තනිව ජීවත් වන්නට පුරුදු වුහ. ඔවුන් අතර කථා බහ නොවුනි.

ඔහු තවත් වෙනස් වන්නට විය. හැසිරීමි රටාව අමුතු විය. වරෙක දරුණු විය. කෝප විය. එහෙත් දරුවාට ආදරය විය. අවුල් වු පවුල් ජීවිතයෙන් මිදෙන්න ඇයට උවමනා විය. ආදරයක් නැති සලකන්නෙත් නැති මනුස්සයෙක් සමග කෙලෙස ජීවත් වන්නට දැයි ඇය සිතන්නට විය. ඇය ඔහුගෙන් වෙන්වී දරුවාත් රුගෙන ඇය ඇයගේ නිවසට යන ලදි.

දෙමාපියන් හටද ඇය හා දරුවා නඩත්තු කිරීමට අපහසු විය. මෙ වන විට දරුවා පාසලේ තුන වසරෙ ඉගෙනුම ලබයි. දරුවා හා ඇය නඩත්තු වීමට අධිකරණයේ පිහිට පතමින් ඇය නඩත්තු මුදල් ඉල්ලන ලදි. ඔහුට නඩත්තු ගෙවීමට සිදු විය. එහෙත් ඒ තරහට ඔහු විසින් දික්කසාදය ඉල්ලමින් නඩුවක් ගොනු කරණ ලදි.

නඩු දෙකක් මැද දරුවා වඩාත් අසරන වන්නට විය. පාසල් ගුරුවරුන්ගෙන් පැමිනිලි මව වෙත එන්නට විය. දරුවා පාසැල් වැඩ නොකර බලා ගත් අත බලා ඉන්නට විය. අමිමා තාත්තාගේ ආදරය නොලැබුන විට දරුවාගේ පෞරුෂයට මෙවා බලපාන්නට විය. ඔහු පාසල තුලදීත් වඩා හුදකලා විය. ගුරුවරු මවටත් පියාටත් පාසලට පැමිනෙන ලෙස දන්වන ලදි. එහෙත් පියා පැමිනියේ නැත. ඇය තවත් ප‍්‍රශ්න මැද අතරමන් වන්නට විය.

මෙ වන විටත් ඔහුගේ හැසිරීම අමුතු වුයෙන් ඔහු උගන්වන පාසලේ ගුරුවරුන්ගේ මතය වුයේ ඔහුගේ මානසික තත්වයද කලක් තිස්සේ වෙනස් වමින් පවතින බවයි. එහෙත් ප‍්‍රථිකාර ගැනීමටද ඒ බව පිළිගැනීමටද ඔහු අකමැති විය. ඇයට මෙ සියල්ල කලක් තිස්සේ දැනෙන්නට විය. එහෙත් කල හැක්කක් නොවුනි.

ඔහු බාහිරව සාමාන්‍යය පුද්ගලයෙකි. එහෙත් මානසික රෝගියෙකි. තම පවුල වෙනුවෙන් යුතුකමි ඉටු නොකරන්නෙකි. අන් මත නොඉවසන්නෙකි. තම දරුවාගේ අනාගතය අදුරු වන තෙක් බලා සිටින ඔහු උගන්වන පාසලේ දරුවන් වෙනුවෙන් යමක් කරාවිදැයි සැක සහිතය. කවදා හෝ වරදක් වන්නට ඉඩකඩ නිර්මාණය වී ඇත.

රටක අනාගතය බාර ගැනීමට සිටින දරුවන් මෙලෙස අසරනභාවයට ලක් වන්නේ දෙමාපියන්ගේ වරදිනි. බිදුණු පවුල් තුලින් සාර්ථක දරුවන් බිහි වන්නේ නැත. එවැනි දරුවන් සමාජයට තවත් බරකි. දෙමාපියන් තීරන ගත යුත්තේ තම දරුවන් ගැන සිතා බලාය. නඩු දෙකක් පැවරීම තුලින් දරුවන්ගේ ප‍්‍රශ්න විසදෙන්නේ නැත. නීතිය සියල්ල නොවිසදවයි ඒ බව සියල්ලෝම මතක තබා ගත යුතුය.

සටහන
ශශිකලා ඩී ජී පුංචිහේවා





Saturday, 3 December 2011

කුණාටුව .......

l=kdgqj

Wvq iq<. uqiqj .sh iqkre;a me;=us fmdos

yo ojd fk;= mqmqrd .,d .sh l¥¿ ns|

cSjs;h hoskakla lr ux uq,dj

ysre i¥o fkdue;s l, ¥l¥reh yeu js,i



yud .sh iev myr cSjs;h W¥r f.k

ysusj ;snq jika;fh jsisr .sh iqiqus je,a

udre;h oreKq uq;a fYaY jq jika;fha

fln¥ f,i je,fmao .Õk;u l<Uuska



uf,a ulrkao mdj .sh fnd,a iq<fÕa

jsh,s njනොම  oekqks lgql jq osjs oshfUs

brs‘;e,S nsojegS j,a je¥Kq yo forfKa

ljr osk refoajso <f;;a jq osh ns|la



YYsl,d vS cS mqxpsfyajd

Wednesday, 30 November 2011

දිරිය තරුවක්:- තාරුණ්‍යයට උරුම ආවෙගශිලිත්වයට ගැති නොවු අපුර්ව සුපශාස්ත‍්‍රවෙදියා






        ශ‍්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජීවිත කථා සමිබන්ධයෙන් විචාරයට ගැනීමෙදි අපට හමුවු සාර්ථක චරිත විමර්ශනයට ලක් කිරීම වැදගත් යයි මට හැගේ. ජීවිතය ජය ගැනීමට දරන අහිංසක උත්සාහය ශ‍්‍රී ලාංකීය ජන සමාජයට ආදර්ශ සපයන්නේ යයි මට හැගේ. ඵවන් චරිත කීපයක් හදුන්වාදීමෙ පලමු අදියර ලෙස දුමින්ද අබෙසිරිවර්ධන නැමැති සුපශාස්ත‍්‍රවෙදියා සාර්ථකත්වය කරා ලගා වු ආකාරය පිළිබද සමාජ විද්‍යාත්මක විමර්ශනයක යෙදීම ඵලදායි වේ .

        පියා හමුදා නිලධාරියකූ හා මව ඉංග‍්‍රීසි ගූරිවරියක වු දුමින්ද ගාල්ල ප‍්‍රදේශයේ උපත ලැබුවෙකි. ගාල්ල රිචිමන්ඩි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඹහු උසස් පෙළ වාණිජ විද්‍යා අංශයෙන් සමත්ව සිටියේය. ඹහුට ඹහුගේම ශක්තියෙන් නැගී සිටිමට ඹිනෑ විය. සිය අනාගතය ඹහුට ඹිනෑ ආකාරයට සකස් කර ගැනීමට සිතූවෙ පවතින සමාජ ක‍්‍රමයේ ඹහුට හිමි තැන කූමක්ද කියා ඹහුවත් නොදන්නා නිසාය. සමාජ සමිප‍්‍රධායට පටහැනි වු ඹහු රජයේ රුකියාවල් සෙවීමට උත්සාහ නොගත්තේය. රුකියා විරහිත පොලීමට ඵකතූ වීමට නොසිතූවෙිය. ඵතැන් පටන් ඹහු ඹහුගේ ගමන යාමට සිතා ගන්නා ලදි. සමාජයට බරක් නොවීම අභිලාශය විය. තාරුන්‍යයට උරුම වු ආවෙගශීලිත්වයට ගැති වනවා වෙනුවට ඹහුටම අනන්‍යය වු ඹහුගේ දර්ශනයක් තිබීම පැසසිය යුත්තකි.

     දුමින්ද මුලින්ම සොයා ගත් රුකියාව වුයේ අගනුවර සංචාරක හෝටලයක භාජන සෝදන්නෙකූ ලෙසය. සුපශාස්ත‍්‍රවෙිදියාගේ ගමනේ පලමු පියවර ඵලෙස පටන් ගැණුනි. වසර දෙකක පමණ කාලයක් ගත වු පසු හෝටලයක කෑම බීම ඉවීම පිළිබද මුලික දැනුමක් ලබා ගෙන තිබුණ. ඹහුගේ උත්සාහය හා ආදර්ශය පුදුම සහගතය. ඵ් වන විට ඹහු හෝටල් පාසල පිළිබදව නොදැන සිටියේය. ඉංග‍්‍රීසි නොදත්තේය. නමුත් කෑම හදන්න ටිකක් දැනගෙන සිටින ලදී. ඵ් ලද දැනුමෙන් කොලඹ ප‍්‍රදේශයේම සංචාරක හෝටල් කීපයකම සුපශස්ත‍්‍රවෙිදියකූ ලෙස වැඩ කරමින් තම දැනුම වැඩි කරගන්නා ලදි. මධ්‍යම පාංතික පවුල් පසුබිමක් ඇති ඹහු සමාජයට හා තරුණ පිරිසට දෙන ලද ආදර්ශය පුදුම සහගතය. දඩබිබර තාරුණ්‍යයට ඉබාගාතේ යාමට මහු ඉඩක් නොතබන ලදි. අරමුණ ප‍්‍රබල බව ඹහු අපට පසක් කරලන ලදි.

        ඉංග්‍රීසි  නොදන්නාකම සුපශස්ත‍්‍රවෙදය ගැන තාක්ෂනික දැනුමක් නොමැතිකම යන හේතූ මත ඹහුට ඹහුගේ ගමන යාමට අපහසු බව වැටහුන. ඉනික්බිති දුමින්ද කෙසේ හෝ ශ‍්‍රීලංකා හොටල් පාසලට ඇතූලත් විය. ඉංග‍්‍රීසිද ඉගෙන ගත්තේය. ඹහුට මේ  දක්වා ඵ්මට බොහෝ අපහසුකමි තිබුණි. බාධාවන් තිබුණි. ඵ් සියල්ල මැඩගෙන මහු ඉදිරියටම ගියේය. ධනාත්මක චින්තකවාදියකූ වු ඹහු මට සියල්ල කල හැකියි යන මතයේ පිහිටියේය. ඵවකට පැවැතියා වු කාලය සුප ශාස්ත‍්‍රවෙදියකූට රටෙ පිළිගැනීමක් නොතිබුනි. කෑම පිසිම ගැහැනුන්ගේ වැඩක් ලෙස පිළිගෙන තිබුන. සුපශාස්ත‍්‍රවෙදය යනු කලාවක් බව කවිරුවත් නොදත්තේය. ඵ් මහගූ කලා සමිප‍්‍රදායට ඹහු නව අරුතක් ඵක් කලේ ශ‍්‍රීලාංකීය සුපශස්ත‍්‍රවෙදින්ගේ ගමන් මග වෙනස් කරවමින. කලාකරුවකූ ලෙස මෙතෙක් පිලිගැනීම වුයේ නළුවෙක් වීම, පොතක් ලිවිම, චිත‍්‍රයක් ඇදීම ආදී නිර්මාන කිරීම පමණක් නොවන බවත් ඊට වෙනස් වු සමිප‍්‍රදායන් ලෝකයේ කලා මාධ්‍යන් අතර තිබෙන බවත් ඹහු අපට කීවෙිය. කලාකරුවකූ වීම සමාජයේ ගමන් මාර්ගය වෙනස් කරන ගාමක බලවෙගයක් බවත් ඹහු අපට පෙන්වා දුනි .

       කොලඹ ප‍්‍රදේශයේ හෝටල් කීපයක වැඩ කර අත්දැකීමි ලබා මහු කීප වරක් විදේශ ගතවිය. මේ  වන විට ඹහුට යමක් කල හැකි විය. ඵහෙයින් තනිව නැගී සිටීමට කැමති විය. වරෙක ලංකාවට පැමිනි ඹහු ඔහුගේම කියා ව්‍යපාරයක් බිරිද සමග පටන් ගත්තේය. ඵහෙත් ඉන් වැඩි ලාබයක් හා තම දැනුමින් ප‍්‍රයෝජනයක් නැතැයි මහුට සිතූනි. වරක් ඹහු ඇගළුමි කමිහලක ආහාරපාන සමිබන්ධයෙන් විධායකයකූ ලෙස කටයුතූ කිරීමට සිදුවුයේ ඵවකට රටෙ පැවැති තත්වය මත ප‍්‍රධාන පෙලේ හෝටල් වැසෙන්නට පටන් ගත් නිසාය. ඔහුට ඔහුගේම කියා ස්ථාවරයක් අවශ්‍ය විය. නැවතත් ලංකාවෙ ප‍්‍රධාන පෙලේ හෝටල් කීපයකම විධායක සුපවෙිදියා ලෙස ලෙස වැඩ කිරීමට ඹහුට හැකිවිය. මෙ වන විටද ඹහු ශ‍්‍රීලංකාවෙි ප‍්‍රධාන පෙළේ හෝටලයක විධායක සුපශාස්ත‍්‍රවෙිදියා ලෙස කටයුතූ කරයි. පියවරෙන් පියවර ඹහු ඹහුගේ ගමන් මග සාදා ගත් ආකාරය ආදර්ශමත්ය. ඹහු තූල තිබු ඉවසිලිවන්තබාවය නොපසුබස්නා උත්සාහය අප පැසසිය යුත්තකි. සමාජයට අවශ්‍යය කරනුයේ ඵවන් සමබර වු පුද්ගලයන් බව රටක දියුණුව අපේක්ෂා කරන අපගේ මතයයි.
       දුමින්ද ජීවිතය ජය ගත්තේය ඹහු අපට පාඩමක් කියා දුන්නේය. සිතූවොත් කල හැකි දෙයක් නොමැති බවත් තමන්ට යමක් කරන්න අවශ්‍ය නමි ඵය කිරීමට ක‍්‍රමයක් තමාම සොයා ගත යුතූ බව පෙන්වා දුන්නේය. ඔහු උපන් රට වෙනුවෙන් යමක් කිරීමට බලා සිට.ී ඹහුගේ දැනුම ශ‍්‍රීලාංකික ජනතාව වෙත ලබා දීමට අපේක්ෂාවෙන් සිටිනුයේ ඉදිරි වාසි නොබලාය. ඹහු ශ‍්‍රීලංකාවට ආදරය කරයි ශ‍්‍රීලංකාව ලෝකයේ සංචාරක ව්‍යාපාරයේ ඉහලම සත් කාරක රට බවට පත් කිරීමට ඹහුගේ කලාව උපයෝගී කර ගන්නට කැමැත්තෙන් සිටි .  ඔහු අභියෝග ඉදිරියේ නැගීසිටී අද්විතීය කලාකරුවකූ බව මගේ හැගීමයි. රටක බිහිවන මහා කලාකරුවන් බිහි්වුයේ මෙලෙසින් යයි හැගෙනුයේ ඉතිහාස සටහන් සලකා බලාය. මුදල් පසුපස හඹා යන ලෝකයක ජීවත් වන අපට මුදලට සියල්ල කල නොහැකි බව හා අත්දැකීමි ජීවිතය පෝෂනය කරන බව ඹහුගේ අදහසයි. සමාජය වෙනස් විය යුතූය. සමාජයක දියුනුව මැනිය යුත්තේ සංඛ්‍යාත්මකව නොව ගූනාත්මකව බව අප සිතිය යුතූය.

      අප රටට යමක් කිරීමට අවශ්‍යය ඵහෙත් සියළු දේ අප වෙත ගලා ඵන්නේ නැත. ඵය අප සොයා යා යුතූය. ඵ් සදහා දේශපාලනයක් අවශ්‍යය නැත. කැපවීම හා බුද්ධිය ඊට ඉඩ සලසා දෙන බව ඹහු අපට මතක් කර දෙයි. අපට ඹහුගෙන් ගත යුතූ පාඩමි රාශියක් ඇත. ඹහු කවරෙක්ද කියා අප ලෝකයට කිව යුතූය. ආර්ථික වාසි බලාපොරොත්තූ වන මෙවන් සමාජයක දුමින්දලා මින් ඉදිරියටත් බිහි විය යුතූය. මහු අපගේ සමිපතක් බව කිව යුතූය. මේ  වන විට ඔහු යමි ස්ථාවරයක හිදී. ජීවිතයේ අභියෝග නොමැති බවත් අභියෝග වලට අභියෝග කල යුතූ බවත් ඹහු අපට කියා සිටී. දුමින්ද අබෙසිරිවර්ධන ශ‍්‍රී ලාංකිකයෙකි.
බෞද්ධාගමිකාරයෙකි. ආගමෙන් තොර පුද්ගලයකූ සමිපුර්ණ නොවන බවද මහුගේ මතයයි. බටහිර ආභාශය ලබන වටපිටාවක් තූල සිටියද ඹහු පෙරදිග සිරිත් විරිත් ගරු කරන්නෙක. ඹහු ශ‍්‍රී ලංකා සංස්කෘතියේ ප‍්‍රතිබිමිබයක් යයි වරෙක සිතෙ. සමාජ වටපිටාව ඹහුව වෙනස් නොකෙරු බවට දුමින්ද කදිම සාධකයක් විය.
     සාර්ථක පුද්ගලයකූ බිහි වීමට කරුනු කීපයක් ඵකතූ විය යුතූය. සමාජය ඔහුව නිර්මාණය නොකරයි. ඹහු සමාජය නිර්මාණය කරයි. විය යුත්තේ ඵයයි. සමාජය වෙනස් කරන ගාමක බලවෙිගය බවට පත්විය යුත්තේ පුද්ගල සාධකයය. මනෝ මුලික සමාජයක් වෙනුවට බිහිවිය යුත්තේ ප‍්‍රායෝගික වු සමාජ වටපිටාවක.ි සමානාත්වතාවය නිදහස මුල් බැසගත් සමාජයක් බිහි විමට මෙවන් වු සමබර පුද්ගල ඵකතූවක් අවශ්‍යය බව හැගීමයි. කලාකරුවන් සමාජය වෙනස් කරයි. ඵබැවින් අප ඹවුන්ට ආචාර කල යුතූය.

සටහන ශෂිකලා පුංචිහේවා විසිනි.







වීදී කොන Uploaded by admin asia, feature, Shashikala Punchihewa, social, Weeklyb 9:42 PM ශ්රී ලංකාව තුල යාචකයින් සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් පර්යේෂණයක් සිදුකර ඇත . එය ශ්රිලංකාවේ යාචකයෝ නමින් ප්රකාශයට පත් කර ඇති අතර , මේ වන විට විෂය විද්යාල වල විෂය නිර්දේශයට පවා ඇතුලත් කරමින් , සමාජ ගැටළුවක් විග්රහ කරමින් නිර්දේශ පවා මෙමගින් ඉදිරිපත් කර ඇත . නමුත් ඒ සියල්ල මේ වන විට උපන්යසයකට පමණක් සිමා වෙමින් , නිගමන හා නිර්දේශ පොතකට පමණක් සිමා වන ලදී . අදහස; ශෂිකලා දුලාශිනි ජි . පුංචිහේවා ශ්රීලංකා සමාජයේ එක් උප සංස්කෘතියක් ලෙස යාචක සමාජය හැදින්විය හැක . මොවුන් සමාජයට දැඩි බලපෑම් එල්ල කල හැකි පිරිසක් බවට අද වන විට පත්ව ඇත . අතීතයේ පටන් අද දක්වාම යාචකයින් බිහිවීම වැළක්විය නොහැකි විය . ලෝකයේ පවා සෑම රටකම යාචකයින් සිටීම සුලබ දසුනකි . ධනවාදී මෙන්ම තුන්වන ලෝකයේ රටවල පවා මෙමෙ උවදුර දැකිය හැක . මොවුන් සමාජයක අත්යවශ්ය කොට්ටාශයක් නොවේ .එහෙත් සමාජයෙන් ඉවත් කල හැකි කොටසකුත් නොවේ . හේතුව ඔවුන්ටත් මේ දීපය තුල ජිවත් වීමේ අයිතිය ඇති නිසාය , ඔවුන්ද මනුෂ්යින් වන නිසාය . ශ්රී ලංකාව තුල යාචකයින් සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් පර්යේෂණයක් සිදුකර ඇත . එය ශ්රිලංකාවේ යාචකයෝ නමින් ප්රකාශයට පත් කර ඇති අතර , මේ වන විට විෂය විද්යාල වල විෂය නිර්දේශයට පවා ඇතුලත් කරමින් , සමාජ ගැටළුවක් විග්රහ කරමින් නිර්දේශ පවා මෙමගින් ඉදිරිපත් කර ඇත . නමුත් ඒ සියල්ල මේ වන විට උපන්යසයකට පමණක් සිමා වෙමින් , නිගමන හා නිර්දේශ පොතකට පමණක් සිමා වන ලදී . යාචකයින්ගේ ගැටලුව සදහා කිසිදු ක්රියා මාර්ගයක් ගෙන නොමැත . යාචකයින් ජිවත් වනුයේ කඩපිල් වල හා අගුපිල් වලය මොවුන්ට බොහෝ විට නිවෙස් නොමැත . සිගමනින් අහිංසකව ජිවත් වේ එය සම්ප්රධායය් . නමුත් මේ වනවිට එම තත්වය වෙනස් වී , මැර කමින් , මංකොල්ල කමින් , හා වෙනත් නීති විරෝධී ක්රියා සිදු කරමින් ජිවත් වන කොටසක් බවට යාචකයින් පත්ව ඇත . මොවුන් වරෙක පාතාලයේ ක්රියා කාරකම්ද , ත්රස්ත ක්රියා සදහා ඉත්තන් වීමද , පහුගිය වකවානුවේ දැකිය හැකි විය . මෙහිදී යාචකයින් තුලින් වීදී ගණිකාවන් බිහි වීමද , වීදී දරුවන් බිහි වීමද දක්නට ලැබුණි . මොවුන් සියලුම දෙනා සංක්රමිකයන්ය . ළදරුවාගේ සිට මහල්ලා දක්වාද ආබාධිතයින් හා මන්ද බුද්ධිකයින් දක්වාද ඔවුන් සදහා ආර්ථික වටිනාකමක් විය . යාචකයින් සමාජයට කරදරයක් වූ විට උන් හිටි තැන් නැති අය, වරෙක පොලිසිය අධිකරණය මගින් රිදියගම නිවර්තන නිවාසයටත් , ගංගොඩවිල නිවර්තන නිවාසයටත් , මානසික රෝගීන් අංගොඩ මානසික රෝහලටත් , ළමුන් පරිවාසය හරහා ළමා නිවාස වලටත් යොමු කරනු ලැබිය . එක් යුගයකදී , කොළඹ සිටි සියලුම යාචකයින් බලහත්කාරයෙන්ම රිදියගම නිවර්තන නිවාසයට ගල් කරන ලදී . එහෙත් , පිරිසක් එම නිවාසයෙන් පල ගිය අතර නැවත යාචකයින් කොළොඹ පෙදෙසේ විය . මේ අතර පදික වෙලදුන්ද වෙනත් ගමන් ගිය වයසක උදවියද සාමාන්ය ජනතාවද එම ගාල් කිරීමට ලක්විය . යාචකයින් සදහා එම විසදුමද උචිත නොවන බව අදාල පාලන අධිකාරීන් වටහා ගන්නට ඇත . යාචක පැවැත්ම හා ඔවුන් සම්බන්ධයෙන් වූ වැදගත් සිද්දීන් ඉහත පරිදි විය . එහෙත් මෑතක සිදුවෙමින් පවතින සිද්දීන් දෙස බැලීමේදී , යාචක ඉතිහාසයට නොව අනාගතයට කණකොකා හඩන බව ඔවුන් මේ වන විට දැන ගෙන ඇත . ලංකාවේ අනෙක් පෙදෙස් වල නොව දැනට කොළොඹ ප්රදේශයේ තැන් තැන් වල 20 ක් පමණ යාචකයින් මද්යම රාත්රියේ නිදාගෙන සිටියේදී , හිසට පහර දී මැර දැමීමය් . යාචක ලෝකය තුල භිෂණය මේ වන විට අරක් ගෙන ඇත . මොවුන් මරා දමා ඇත්තේ එකම ආකාරයකටය . එහෙත් සිගන්නෙක් උවද , මනුෂ්ය ජීවිතයකි . ඔහුටත් අන් යට මෙන් ජිවත් වීමේ අය්තිය ඇත . මරා දැමීම යුක්ති සහගත නොවේ . මෙය සංවිධානත්මක සංසිද්ධියක් යාචක පැවැත්ම හා ඔවුන් සම්බන්ධයෙන් වූ වැදගත් සිද්දීන් ඉහත පරිදි විය යාචකයින් මර්ධනය කිරීම සදහා යාචක සංහාරයක් අවශ්ය වුයේ මන්දය් තවමත් ගැටලුවකි . ඔවුන් වෙනුවෙන් මීට වඩා සාධාරණ සැලසුම් සකස් කල යුතුය . එහෙත් මෙම මරණයන් සිදු කරන්නේ කව්රුන් විසින්දය් සෙවිය යුතුය . ජිවිතයට ඇති අය්තිය ආරක්ෂා කරදීම සමාජයට ඇති යුතුකමකි . යාචකයින් සමාජයට අනවශ්ය පිරිසක් බව සැබෑය . එහෙත් ඔවුන් වෙනුවෙන් මීට වඩා මානුෂිය විය යුතු බව මතක් කර දීමට කැමැත්තෙමි .