Friday 28 June 2013

දික්කසාදය 

      මං කසාද බැන්දේ පෙරුම් පුරලා , මගේ විවාහය කල් ගියා , ඒ ඇයිද කියන්න මං දන්නේ නැ . අම්මල මට මනමාලයෝ හෙව්වා , කේන්දර බැලුව . එක එක්. කෙනා ගෙන්නුවත් එක්ක මාව බලන්න , එත් ඒවා හරිගියේ නැ . මගේ කරුමේ හින්දද දන්නෙත් නැ. මට රස්සාවක් තිබුන රජයේ එකක් මං ඉස්පිරිතාලේ වැඩකලේ . ඉතින් කවුද මට අකමැති වෙන්නේ , මං හිතුවේ එහෙම , කසාද බැන්දේ නැ කිව්වම , ඒක නිකන් මට අඩුවක් වගේ , මාත් ආසයි මුද්දක් දාන්න .

        ඔහොම ඉන්න කොට අම්මල මට තව යෝජනාවක් ගෙනාව , එයාට රස්සාවක් නම් නැ , ඒත් වතු තියනවා කිව්වා . අදායම් තියන නිසා , මාත් ඒකට කැමති උනා . අපේ කේන්දරත් ගැලපුනා බොහොම හොදට . මිනිහත් හොදයි , ටිකක් අහිංසක පාටයි . ඉතින් අපේ කසාදෙ මාසයක් ඇතුලත රෙජිස්ටර් කරා . මගේ හිතට ලොකු සතුටක් දැනුන . දැන් ඉතින් මංගල්ලෙට ලේස්ති වෙන්නත් ඕනනේ , මන් මගේ , මගුල් ඇදුම හදා ගත්ත . තව තව බඩුත් ගත්තා .හෙට අනිද්දා එයත් එක්ක යන නිසා , හීන ගොඩක් දැක්කා .

        ඔය අතරේ , අපේ අම්මට ආරංචි වෙලා , මගේ මිනිහට වයස වැඩියි කියල , කවුදෝ කියලා , අම්ම යුද්දේ පටන් ගත්ත , හොයල බැලුව , ඒක ඇත්තක්ද කියල , කතාව නම් ඇත්ත , මේ මිනිහ අඩු වයසක් දාල කේන්දරේ හදල , මට වඩා අවුරුදු නවයකට වැඩිමල්ලු . දැන් මට හතලිස් දෙකයි  , ඉතින් අම්ම කියනවා හොර කේන්දර හදල බැන්ද හින්ද කේන්දර ගැලපෙන්නේ නැතිලු , ඕක , අතහැරලා දාපන් පුතේ කියල අම්ම මට කියනවා  . මගේ මංගල සිහිනය දෙපාමුල කඩන් වැටුන . ඔලුව ගිනි අරන් මන් කල්පනා කරා , මොකද කරන්නේ කියල . මගේ හිතට අවේ දික්කසාද වෙයන් කියන උත්තරය , 

            මන් දික්කසාද නඩුව දැම්ම , මුලාකරලා කසාද බැන්ද කියල , අනේ , ඒ මිනිහ අහිංසකව බලන් හිටිය , මං දික්කසාදය ඉල්ලුව , වන්දි ඕන නැ . දවසින් දවස නඩුව කතාකරා , තීන්දුව දෙන්න අන්තිම දවසත් ආවා . අනේ , අර මනුස්සයාගේ ඇස් දෙකේ කදුළු පිරිලා . මට දික්කසාදය ලැබුන . මගේ හිත කිරි ගැහිලා ගියා . මාව ගැස්සිලා ගියා . මගේ කසාදෙ කොලේකට සිමා වෙලා උසාවියෙන්ම අවසන් වෙලා ගියා . මං කල්පනා කරා මට මොකද උනේ කියල , කේන්දර ගැලපෙන්නේ නැ කිව්වම , මට ඒ මිනිහව එපා උනා , ගෙදර කට්ටිය මට එක එක දේවල් කිව්වා . එත් මේ මිනිහගේ කිසිම වැරද්දක් මන් දැක්කේ නැ , මාව රැවට්ටුව තමයි , බොරු වයසක් දාල , ඒත් ඒක කරලා තියෙන්නෙත් මාව ඕන හින්දලු . මන් දැන් මොකද කරන්නේ , දැන් අපි දික්කසාද වෙලා . 

      සමහර විට මං ආයේ කසාද බදින එකක් නැතිවෙයි . දැන් මගේ වයසත් පහුවේගෙන එනවා . බැන්දත් අර වගේ මනුස්සයෙක් නම් මට ආයේ හමුවෙන එකක් නැ . කසාදයේ සතුටට  වඩා , මට දික්කසාදය දැඩි වේදනාවක් උනා . ඒත් අපි එක දවසක්වත් ලංවෙලා , ඉදල නැ , මට දැන්නම් , ඒ මනුස්සයා ගැන මොකද්දෝ ආදරයක් දැනෙන්න පටන් ගන්නවා .

Monday 17 June 2013


රණශුර කුමාරිය (Warrior Princess )


            ක්‍රිස් යනු ඇමෙරිකානු රණශුර නේවි  සීල් භටයෙකි . නේවි සීල් යන වචනය ලොව ප්‍රසිද්ධියට පත්වුයේ , දරුණුතම ත්‍රස්තවාදියෙකු වූ බිල් ලාඩන් තුරන් කිරීමට සම්මාදම් වූ ඇමෙරිකානු නාවික හමුදා ඛණ්ඩයක් වූ නිසාය . මුහුදේ ,ගුවනේ ,ගොඩබිමේ එකසේ දස්කම්පාන , සුවිශාල පිළිගැනීමක් මෙම හමුදා භටයින්ට ලැබී ඇත . 
ඔවුන්ගේ දස්කම් ගැන මෙලෙස කතා වුවද , විසි වසරක් මෙම අනු ඛණ්ඩයේ සේවය කොට විශ්‍රාම ගිය යකාටවත් බයනැති පිරිමියකු , ලිංග විපර්යාසයකට බදුන්වී ඇති බව හෙළිදරවු වීමෙන් නේවි සීල් ඇතුළු භටපිරිස් පමණක් නොව , පෙන්ටගනය ඇතුළු ඇමෙරිකානු බලධාරීන් පුදුමයට පත්ව සිටි . 

             ඔහු දැක්වූ දස්කම් සදහා ලෝකඩ තරුවක් (Bronze Star), දම්පැහ හදවතක් (Purple Heart) ඇතුළු සම්මාන දිනාගත් අභීත රණවිරුවාගේ සිරුර තුල ගැහැනියක සැගවී සිටියාදැයි , කෙලෙස සිතන්නද, ක්‍රිස් බෙක් නමින් සිටි නේවි සීල් භටයා , දැන් ක්‍රිස්ටීන් බෙක් බව කියා සිටින්නීය . එදා ඇගලු පිරිමි ඇදුම් වෙනුවට කාන්තා ඇදුම් ඇද වරලස දිගට වවා , දෙකම්පුල් රෝස පැහැයෙන් ප්‍රමුදිතව සිටින්නීය . ක්‍රිස් නේවි සීල් මෙහෙයුම් සදහා දායක වෙද්දීත් , ලිංග විපර්යාසයට බදුන් වෙමින් සිටි බව ප්‍රකාශ කලේ , රණශුර කුමාරිය නමින් ලියවූ තම  චරිත කතාව ප්‍රකාශයට පත් කිරීමෙනි . නේවි සීල් භාටයකුව සිට ලිංග විපර්යාස වෙද්දී , විදි අභ්‍යන්තර ගැටුම් හා මුහුණ දුන් වේදනාවන් , සවිස්තරව රණශුර කුමාරිය කෘතිය සම කතුවරිය වන ඇන් ස්පෙක්හර්ඩ් හට කියා ඇත .

           ක්‍රිස් පවසන්නේ ළමා කාලයේ සිටම ගැහැණු ලක්ෂණ ඔහුට තිබු බවය . ඒත් එදා පසුබිම තුල එය ලොවට හෙළිකරන්නට නොහැක . එය රහසක් ලෙස තබාගෙන යුද්ධ අභ්‍යාස වල කරට කර යෙදී ඇත . ලිංගික අවශ්‍යතා ගැන සිතන්නටද කාර්යබහුල වූ නිසා වෙලාවක් නොවිය . ඔහු දැන් විශ්‍රාම ලබා , මේවන විට සම්පුර්ණයෙන්ම කාන්තාවක් වීමට හෝමෝන ප්‍රතිකාර වලට ලක්ව සිටින්නීය , ඉදිරියේදී ශල්‍යකර්මයකටද මුහුණ දීමට ඇත . ඇය අද සතුටින් දවස ගෙවයි .

Tuesday 11 June 2013

මනෝමය ප්‍රේමය 






      ආදරය අපට මානසික අවශ්‍යතාවයකි . එහෙත් , ඒ මුලික අවශ්‍යතාවය ඉටු කරගන්න ගොස් ජිවිතයෙන් වන්දි ගෙවූ සහ ජිවිතයම විදවන්නන් අද සමාජයේ බහුලව දකින්නට හැකිවී ඇත . හේතුව කුමක්ද යන්න තවම හරිහැටි සොයා ගෙනද නැත . සිතෙහි ඇතිවන බලවත් තෘෂ්ණාව , අයිතිකර ගැනීමට ඇතිවන අධික ආශාව මෙම සිද්ධිය සදහා හුදෙක්ම බලපා ඇතැයි සිතිය හැක . සැකය හා අවිශ්වාශය නිසා සියදිවි හානිකර ගැනීමද , අනෙක් තැනැත්තාගේ ජීවිතය විනාශ කිරීමද මේ සංසිද්ධිය හරහා සිදුව ඇත . 

       අප සිතන්නේ මේ තත්වය ලාංකීය සමාජයට පමණක් උරුමව ඇත කියායි , ඒත් එය එසේ නොව , ලෝකයටම පොදු ධර්මතාවක් වී සාමාන්‍යකරණය වී ඇත . අප කෙනෙකුට ප්‍රේම කරයිද , ඇය හෝ ඔහු , කෙලෙසද අපේ සිතගියාවන්ට , ගැලපෙන සේ හසුරුවන්නේ ? ඔහුට හෝ ඇයට වෙනම, වෙනමම ජිවිතයක් ඇත . අවශ්‍යතා පොදු ස්වභාවයක් නොගනී , පාරිසරික සාධක වෙනමම බලපායි , ඉතින් කෙලෙසද අප ජිවන රටාවට වෙනයම් චරිතයක් අනුගත වෙන්නේ , ආදරයේ කැපකිරීම් කැමැත්තෙන් කල යුතුය . යම්තාක් දුරට , එමගින් අදාල තැනැත්තා අනුගත කලහැක . එහෙත් , එය සදාකාලික කැපකිරීමක් නොවනු ඇත . ආත්මය පුපුරා යන්නේ එවිටයි . මෙයට උගත්කම හෝ වයස බලපාන්නේ නැත . මනස මුලිකව ක්‍රියා කරයි .

          අපේ , මගේ කියා කිසිම දෙයක් නැත . අයිතිකර ගැනීමට වඩා රදවා ගැනීමටයි අප උත්සහ කල යුත්තේ . ලෝකය වෙනස් වන සුළු වගේම සියලු දේ කලකින් වෙනස් වේ . සත්‍ය හා ප්‍රයෝගිකත්වය අවබෝධ කරගත යුතුයි . ජිවිත විනාශ කර ගන්නවට වඩා , කල යුතු බොහෝ දේ ඇත . දරාගත නොහැකි සිතුවිලි සමුදායක අවසානය මරණය නොවේ . දරාගත නොහැකි ආශාවන් අප කාටත් ඇත . අප සමාජයට මතක හිටින යමක් කල යුත්තේ , භයානක සිද්ධියකට මැදිහත්ව නොව ,සුන්දරවූ නිර්මාණයකට දායක වීමෙනි  . ස්වභාව ධර්මයා යහපත් සියලුදේට ආශීර්වාද කරයි . විශ්ව ශක්තින් අප සමග ඇති නිසා , නිමාවක් නැති සිතුවිලි ධාරා ලෝකයේ පැවැත්ම පිණිසම යොදා ගත යුතුය . මට තනියම ගොඩ නැගිය හැක යන සංකල්පයේ පිහිටන්න පුළුවන් නම් , අප මිට වඩා ඉස්සරහින් හිදිවී .   

Sunday 9 June 2013







ජෝන් එෆ් , කෙනඩි මියගියමුත් මතකයේ බැදුණු අතීතය 

                 තරුණ ඇමරිකන් ජනාධිපතිවරයකු වූ ජෝන් කෙනඩි මියගොස් වසර 50ක් ගත වුවද ,ඇමරිකානුවන් ඔහුව සිහිකරන්නේ දැඩි කම්පාවෙන් යුක්තවයි . ප්‍රසිද්ධ පෙළපාලියකදී ඔහුව ඝාතනය විය . එදත් දේශපාලනය අද වගේම වෙන්න ඇතැයි සිතමි . ඒත් වෙඩි වැදී සිටියදී ප්‍රතිකාර ගත් පාර්ක්ලන්ඩ් රෝහල හා ඔහු සිටි හදිසි අනතුරු කාමරය නම් කාලයක් යනතුරු යම් ගවුරවනිය වටිනාකමකින් යුක්ත ස්ථානයක් බවට පත්විය . ඒ ඔහු ජනතාව පිළිගත් නායකයකු වූ නිසාවෙනි . 

        එහෙත් පාර්ක්ලන්ඩ් රෝහලේ හදිසි අනතුරු කාමරයට පසුගිය දිනවල සිදුවුයේ කුමක්දැයි ලොවට හෙළි කරන්නට සිදුවුණා . මේ වනවිට ඒ කාමරය කුඩා කැබලි වලට කඩා , පෙට්ටි වල අසුරා පොලව යට ගබඩාවක තැන්පත් කර ඇති බව දැනගන්නට ලැබුන .
පාර්ක්ලන්ඩ් රෝහලේ එම කාමරය 1972දී කඩා ඉවත් කරද , සමරු පලකයක් එදා හිදී නිලධාරීන් සාදවා තිබෙනවා . මෙම කාමරය කඩන අවස්ථාවේ රෝහලේ එක් සේවකයෙක් මෙය දැක චායාරුප ගතකොට ඇත . 

         මෙම තීරණය ගැනීමට පෙර අදාල බලධාරීන් රජය සමග බොහෝ සාකච්චා කලද , ඔවුන්ට උවමනාවී ඇත්තේ , නොසුදුසු දේවල් ඉවත් කිරීමයි . මේවා මුදලට විකිනීමට වලක්විමටත් , කෙනඩි පවුලේ අයගේ සිත් රිදවීම් වැලක්වීමටත් ඔවුන්ට අවශ්‍යවී තිබෙනවා . රජය රෝහලට උපදෙස් දී ඇත්තේ , මාද්‍යට පවසන ලෙස ,කෙනඩි පුස්තකාලයට ඒවා ලබාදුන් බව . 

       15 වසරක් , මේවා ෆොර්ට් වර්ත් ප්‍රදේශයේ ගබඩා කර තිබු අතර , දැනට මෙම කොටස් , වසර 19 කට පසු , කැන්සාස් ප්‍රාන්තයේ බිම් මහලක තැන්පත් කර තිබෙනවා . එහෙත් එහි තිබු ගිලන් ඇද , එක්ස් කිරණ උපකරණය අතුරුදන්ව ඇත . ලෝක නායකයකුගේ වටිනකමක අවසානය හා මතක සැමරුම් , මතු පපුරට අවශ්‍ය නොවන බව මෙමගින් ඇමෙරිකානුවන් ලෝකයට නොදැනුවත්වම පවසා ඇත .

Sunday 2 June 2013

වැසිකිලි නලයේ හිරවුණු චීන බබා 




           මෙම චීන බබා ගැන වාර්තා වෙන්නේ චීනයේ , ෆුජියාන් පළාතේ , ජින්හුවා නගරයේ මහල් නිවාසයක , වැසිකිලි නලයක් තුල සිරව සිට නැවත ජීවිතය ලැබූ වාසනාවන්ත දරුවෙක් ලෙසය , සිද්ධිය සෝචනීය වුවද ජීවත්වීමේ අයිතිය සොබාදහමට උදුරාගත නොහැකි විය . 

             මැයි මස 28 දින මහල් නිවසේ බිත්තියක් තුලින් බිලිදකු හඩන සද්දයක් ඇසෙන බව අසල්වැසි කාන්තාවකට ඇසි , තුෂ්නිම්භූත වී පොලිසියට දැනුම් දුන්නාය . පොලිසිය එතනට පැමිණියේ වයිද්යවරයෙකු , ගිනි නිවන භටයන් හා සහන සේවක පිරිසක්ද සමගිනි . සහන සේවකයෝ බිලිදාගේ හඩ ඇසෙන ඔස්සේ ගොස් බිලිදා සිරවී සිටි තැන සොයා ගත්හ . ඉක්මනින්ම බිත්තිය සිදුරු කර , ඉතා පරිස්සමින් නලය කපා , බිලිදා රෝහල වෙත ගෙන ගියහ . 

            බිලිදා සමග නලය රෝහල වෙත ගෙන ගොස් නලය කපා , බිලිදා එලියට ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට හැකිවිය . බිලිදා සිරවී සිටියේ අගල් 4ක් පළල පි වී සි නලයකය . දින දෙකක් වයසැති , රාත්තල් 5ක් බර ඇති බිලිදා ජින්හුවා මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබයි . බිලිදා නම්කර ඇත්තේ බේබි 59 ලෙසය .

       බිලිදාගේ හිස්කබලට තුවාල සිදුවී ඇති අතර ඇග පුරාම සිරීම් තුවාල ඇත . මේ වන විට දරුවාගේ සවුක්ය තත්වය යහපත්ය . බිලිදාගේ මව ,22 හැවිරිදි අවිවාහක තරුණියක් බවත් , හදා ගැනීමට නොහැකි නිසා වැසිකිලි වලට දැමු බවත් පොලිස් ප‍ර ප්‍රශ්න කිරීම් වලදී හෙළිවිය . මේ වන විට ඇය රෝහල් කාමරයේ බිලිදා ලග සිටින බව වාර්තා වේ .

Saturday 1 June 2013

ෆේස්බුක් යාලුවෝ දරුවෙක් පැහැර ගනිති .




අන්තර් ජලයේ වඩාත් ප්‍රචලිත සමාජ ජාලයකි ෆේස්බුක් වෙබ් අඩවිය . මෙහි වඩාත් ගැවසෙන්නේ තරුණ උදවියයි . එත් පාසල් යන දරුවන්ද මේ සමාජ ජාලයේ කරක්ගැසිම යෝග්‍ය නොවන බව මෙම සිද්ධිය ආදර්ශයට ගනිමින් , දෙමාපියන් වගබලාගත යුතුය . 

මෙය පකිස්ථානයේ ගිය සතියේ වූ සිද්ධියකි .පකිස්ථානයේ කරච්චි නගරයේ ජේෂ්ඨ රේගු නිලධාරියෙකුගේ 13 හැවිරිදි දරුවා , ඔහුගේ ෆේස්බුක් යාළුවන් විසින් පැහැර ගෙන ගිය අතර ඔහුගේ පියාගෙන් ඩොලර් ලක්ෂ පහක කප්පම් මුදලක් ඉල්ලා ඇත . පියාගේ ධනවත්භාවය දැනගත් ඔවුන් , මෙම මුදල දරුවා ලබාදීමට තක්සේරු කර ඇත . 

ෆේස්බුක් අඩවියේ හුවමාරු වන චායාරුප  , පවුද්ගලික තොරතුරු මත නොදන්නා අය පවා හදුනා ගත්තද එයින් වන අහිතකර තත්වය මෙබදු සිද්ධි දක්වාද වර්ධනය වී ඇත . 

මේ යාළුවන් කරලා තියෙන්නේ ජංගම දුරකථනය මගින් කතාකර සිය යාළුවාව සජීවීව හදුනා ගැනීමට අවශ්‍ය බව හගවා ගෙන්වා ගෙන , ඔහු පැහැර ගැනීමයි . නමුත් පොලිසිය පවසන අන්දමට පකිස්ථානයේ මෙවැනි අපරාධ සාමාන්‍යයෙන් කරන්නේ පකිස්තානු සටන්කාමීන් බවයි . අන්තර්ජාලය හරහා සිදුවූ මෙවැනි සිද්ධියක් වාර්තා වුන පලවෙනි අවස්ථාව බව පවසයි . 

දරුවාගේ ජංගම දුරකථනය කප්පම් ඉල්ලීම සදහා කතා කිරීමට ඔවුන් යොදාගත් නිසා ඒ , හරහා කප්පම්කරුවන් කොටු කර ගැනීමට පහසු වූ බව පොලිසිය පවසයි . එම දෙමාපියන්ට තම දරුවා වාසනාවට නිරුපද්‍රිතව ලැබුණා , එහෙත් , සියලුම දෙමාපියන් ෆේස්බුක් සමජජාලය හරහා වන මෙවැනි සිද්ධීන් ගැන , තම දරුවන් දැනුවත් කල යුතුය .