අයාලේ ගිය නුඹ ..............
අයාලේ ගිය නුඹේ වත සිව්මන්සලක නතරව
වැඩිම ලන්සුවකට වෙන්දේසියක තප්පුලන
කවරකුගේ මන දොළ සපුරන්න රුසිරුව පෙළ ගැසී ....
උවම් දිගහැර , නෙතු සිසිල පිහාදමා වාරු හැර
ශෝබමනාව පේවී සුගන්ධයෙන් මන්මත්ව හිදින කල
මන්සලේ දිවෙන විදුලි ධාරා රුධිර සරණයට වඩා වේගෙන්
නුඹත් පසුකර නුඹෙන් ඇතට දුව ගියත් උකුසු ඇස්
නුඹව සොයමින් , එකතු කර බා ගන්නට මාන බලන සරි
විගහට දිවවිත් , දොරැර , ඇතුලට ගුලි ගැසී පියඹා යයි
නන්නාදුනන සොදුරු පුරවරයක දැහැන් ගත වන්නට
ඒ සොදුරු සිහිනයේ අවසාන හෝරාව පසු කරලන්නට නොහැකිව
වල්මත්ව , විපිලිසරව නීතියේ යදමින් නුඹ වට වෙද්දී
දිනෙක ආ පාදඩ නිතිය නුඹව වට කරන් අයාලේ ගිය වරදට
හුදකලාව උකටලීව , වරදක් නොවූ වරදට විද සිර දඩුවම්
හෙම්බත්ව , කුටුම්භයක සුසුම්ලන නුඹේ හද හැමදාම
හැම විදියකම , දෝංකාරය නොදෙයිද ශාපලත් පුරවරයේ .....
පබැදුම
- ශෂිකලා දුලශිනි ජි . පුංචිහේවා -