Saturday 24 September 2011


අපරාධය හා දඩුවම


අප ජිවත් වනුයේ තවමත් තිරිසන් යුගයක නොවන බව වටහා ගත යුතුය . මරණ දඩුවම අද වන විට අඩපන තත්වයක ඇත්තේ , අපරාධකරු මරණයට පත් කිරීමෙන් , සමාජයේ අපරාධ අඩු වූ ආකාරයක් දැක ගත නොහැක . තව දුරටත් මරණ දඩුවම ක්රියාත්මක කිරීම , යුක්ති සහගත නොවන්නේ , මිනිසා මරණයට පත්කලට පසුව වරදට නිසි දඩුවම හා සමාජ සාධාරණත්වය ඔහු වෙනුවෙන් ඉටු නොවන නිසාය .
 සටහන:- ශෂිකලා දුලාශිනි ජි . පුංචිහේවා

වනචාරී යුගයේ සිට මිනිස්සු අපරාධ කරති . එවකට පැවැති යුගයේ වරදට දඩුවම මරනයය් . නමුත් නීති හා සිමා එදා තිබුනේ නැත . මිනිස්සුන්ට කැමති දඩුවමක් දීමට හැකියාව පැවතුනි . නොයෙක් සමාජ අතර වැරදි සිදුඋනි .එදා ඔවුන්ට ඒවා අපරාධ යය් සැලකීමට උවමනාවක් හා දනුවත් බාවයක් නොතිබිණි . මේ අනුව ගැටීම හා සමාජ පෙරලි කීපයක් ඔස්සේ නවීන සමාජය දක්වා පැවැති පර්යාය වෙනස් උනි .සමාජ වෙනස්කම් මානුෂිය මුහුණුවරක් ගත අතර , ඒවාට ගැලපෙන නීති පද්ධතියක් සකස් කරන ලදී .නිත්යානුකුල සමාජයක මිනිසාට පැවතීමට ස්ථාවරභාවයක් තිබුණි . වරදට දඩුවම පැවැති හෙයින් , අපරාධ තරමක් දුරට පාලනය විය . නමුත් නිරන්තරයෙන් සමාජ ගැටුම් ඇති විය . නුතන සමාජය සමහර සමාජ වලට දරා ගත නොහැකි විය .

සමාජ විෂමතාවය හේතුවෙන් පුද්ගල ගැටුම් උත්සන්න විය . නොයෙක් වර්ගයේ අපරාධ බිහි විය . මේ සියල්ලටම හේතු ලෙස පවතින සමාජ ක්රමය ඉවහල් වුව යය් සිතිය හැක . එබැවින් අපරාධයක් සදහා පුද්ගලයා මෙහෙයවුයේ සමාජය යය් පිළිගන්නට සිදුවේ . අපරාධයක් සදහා පුද්ගලයා මෙහෙයවන ක්රම කීපයකි .

1 උපන් අපරාධකරු , එනම් මිනිසා ස්වභාවයෙන්ම අපරාධ නැමියා ඇත්තෙක්ය යන හේතු සාධකය ,

2 ජීව විද්යාත්මක අපරාධකරු , එනම් මිනිසා අපරාධ කිරීමට පෙලෙබෙන හේතු මත ඔහුගේ ශරීර අවයව පිහිට
ඇතිය යන මතය .

3 සමාජීය හේතු මත බිහි වූ අපරාධකරු එනම් , සමාජය අපරාධකරුව නිර්මාණය කරය් යන මතය .

ඉහත සදහන් හේතු අශ්රිතව අපරාධකරු බිහිවූවා යය් මේ අනුව සිතිය හැක . නමුත් බහුතර පිළිගැනීම වුයේ , සමාජය අපරාධකරු නිර්මාණය කරය් යන නවීන මතයය් . එබැවින් සමාජය නිර්මාණය කරන අපරාධකරු දඩුවම් ලබන්නේ සමාජය විසිනි . මනෝ මුලික සමාජයේ දඩුවම නිත්යානුකුල විය . එය ආණ්ඩු ක්රම ව්යවස්ථාවට අනුකුල වුවකි .

මේ වන විට ශ්රීලංකා ආණ්ඩුවේ දඩුවම් ක්රම කීපයක් අපරාධ සදහා ක්රියාත්මක විය .

1 බන්ධනාගාර ගත කිරීම ,

2 දඩ ගෙවීම ,

3 ශාරීරික දඩුවම් නැත

4 මරණ දඩුවම , මෙයද දැනට ක්රියාත්මක නොවේ .

අපරාධකරුවකු දඩුවම සදහා නිසි ක්රියාදාමයෙන් අනතුරුව , බන්ධනාගාර ගත වුවාට වරදක් නැත . එය කාලෝචිතය . දඩ ගෙවීමද වරදට අනුව සමජකාලිනය. ශාරීරික දඩුවම් අද වන විට සමාජයට උචිත නොවේ .

අප ජිවත වනුයේ තවමත් තිරිසන් යුගයක නොවන බව වටහා ගත යුතුය . මරණ දඩුව අද වන විට අඩපන තත්වයක ඇත්තේ , අපරාධකරු මරණයට පත් කිරීමෙන් , සමාජයේ අපරාධ අඩු වූ ආකාරයක් දැක ගත නොහැක . තව දුරටත් මරණ දඩුවම ක්රියාත්මක කිරීම , යුක්ති සහගත නොවන්නේ , මිනිසා මරණයට පත්කලට පසුව වරදට නිසි දඩුවම හා සමාජ සාධාරණත්වය ඔහු වෙනුවෙන් ඉටු නොවන නිසාය .

නීති ප්රතිසන්ශෝධනය විය යුතුය . සමාජයට ගැලපෙන දඩුවම් හා අප අනුගත විය යුතුය . පුනුරුත්ථාපන ක්රියාවලියක අවශ්යතාවය දඩුවම් සදහා ආදේශ කල යුතුය .

ලෝකයේ කිසිදු රටක මරණ දඩුවම ක්රියාත්මක කිරීමෙන් , අපරාධ අඩු වුයේ නැත . වෙනසක් දැකීමට හැකි වන්නේ සමාජ ප්රතිසංස්කරණයන් තුලින් පමණක් බව අප වටහා ගතයුතුය . අපරාධකරුවන් පුනුරුත්ථාපනය කල යුතේ එබැවිනි . ඒ සදහා අවශ්ය විකල්ප යෝජනා සම්මත කර ගන්නවා වෙනුවට දඩුවම් ප්රතිපත්ති තව දුරටත් වර්ධනය කිරීම සුබසාධක රජයක ප්රතිපත්තියක් නොවන බව අප වටහා ගත යුතුය .

 නීති වෙනස් විය යුත්තේ පුද්ගලයා සමාජ ගත කරන්නට මිස , සමාජයෙන් තුරන් කරන්නට නොවේ . අපරාධකරු ආරක්ෂා කලයුතුද නොවේ , එසේ නම් කලයුත්තේ කුමක්දය් සිතීමට විචාරශීලි විය යුතුය .එබැවින් අපරාධය හා දඩුවම අපරාධ විද්යානුකුල පියවරක් කර යා යුතු බව වටහා දීමට සිදුවේ . .






Tell a Friend
Posted by election on 10:20 AM. Filed under , . You can follow any 

Sunday 18 September 2011


දෙවියන් හා භූතයන් චුදිතයන් කල හැකිද ?

ගැහැනියක් පිරිමියෙක් හා එකට ජීවත්වීම මානුෂිය අය්තියකි. එහෙත් එම අය්තිය කාලීනව තහවරු වනුයේ විවාහයක් ලෙස ලියාපදිංචි වීමෙනි. එම නිත්යානුකුල අය්තිය ලබා ගත යුත්තේ තම ආත්මාර්ථය සදහා නොව තවෙකෙකුට මනුශියව සාපේක්ෂ වීමෙනි. එක පාර්ශවයක් පිඩාවට පත් කරමින් ස්වර්තයට කටයුතු කිරීම මානුෂිය අයතීන් උල්ලංගනය කිරීමක් බව තව දුරටත් නොසිතන්නේ මන්ද?


ශෂිකලා දුලශිනි ජි පුංචිහේවා

නිලානි වයස අවරුදු 32 ක් පමණ වන ගොළු තරුණියකි. පියා රජයේ වැදගත් රැකියාවක් කරන දැනට විශ්රාමිකව සිටින්නෙකි. මධ්යම පන්තික පවුල් පසුබිමක් සහිත ඇය කුඩා කල සිට අන්ද ගොළු බිහිරි පාසලක සාර්ථකව අධ්යාපනය ලබා රැකියාවක්ද කල තැනැත්තියකි.

  තරුණ වියට එළඹී ඇය හට මව්පියෝ විවාහයක් කර දුන්හ. ඔහුද ගොළු තරුණයෙක් වූ අතර ඇය මෙන් අධ්යාපනය ලැබුවෙකි. එහෙත් එම විවාහය ගැටළු සහිත විය. ස්වාමි පුරුෂයා බිරිදට නොසලකන්නටත් මග හරින්නටත් උත්සහ ගත නිසා අසාර්ථක වූ විවාහය තුල ඇය විසින් නඩත්තු ඉල්ලා නඩුවක් ගොනු කරන ලදී. එහිදී නඩත්තු මුදල් ගෙවන ලෙසට ඔහුට නියම උනි.

නඩත්තු නොගෙවා අධිකරණ නියෝගය මග හරින්නට සිතු ඔහුට ඒ සදහා සුදුසු අවස්ථාවක් ලැබුණි.

අබධිතයන්ගේ ඔලිම්පික් ක්රීඩා එනම් පරා ඔලිම්පික් සදහා තරග කිරීමට විදේශයකට යාමට අවස්ථාව සැලසුනි. එම තරග සදහා සභාගි වූ ඔහු තම කණ්ඩායම මගහැර එම රටෙහිම නතර වීමට හොර රහසේම සැලසුම් කරන ලදී. ඔහු නැවත මව්බිමට අවේ නැත. බිරිදට නඩත්තු ගෙවීමේ නඩුවෙන් ඔහුට නිදහස ලැබුණි.

ගොළු තරුණිය නැවත අසරණ විය. ස්වාමියා හැරයාම නඩත්තු මුදල් නොගෙවීම ආදී මානසික ගැටළු රාශියකට ඇය ගොදුරු විය. මව්පියෝ ඇයව සනසා නැවත සිය ගෙදර ල ඔවුන්ගේ ගමට රැගෙන යන ලදී. කලක් එලෙස ගත විය. මව්පියන් නැවත ඇය විවාහ කර දෙන්නට සිතුහ. ගමේම තරුණයකු ඇයව විවාහ කර ගන්නට කැමැත්ත පළකර සිටියේය. ඔහු 24 හැවිරිදි හමුදා සේවය අතහැර ගිය අයෙකි. ඇයගෙ සියලු තතු දැන ඇයව විවාහ කර ගෙන ඇයගෙම නිවසේම පදිංචිව සිට ඔහු පව්ද්ගලික වැඩ බිමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස රැකියාව කරන ලදී. ඔහුගේ රැකියාව වුයේ රාත්රී කාලයේ වැඩ බිම ආරක්ෂා කිරීමය්. උදය වරුවේ ගෙදර පැමිණ ල කා බි නිදාගෙන නැවත සවස් කාලයේ රැකියාවට යන ලදී.

එම විවහයෙන්ද ඇයට වුයේ කබලෙන් ලිපට වැටීමකි. ටික කලකින් ඔහුද ඇයට වෙනස්කම් කරමින් විවහාහයේ වගකීම් හා යුතුකම් පහර හරින්නට විය. ඒ අතර තුර ඇයගෙ දරු ගැබද ගබ්සා විය. ඇය වෙන තරුණියක හා ඇසුරකත වැටි ඇති බව ඇයගෙ දෙමව්පියන් චෝදනා කරය්. අසාර්ථක වූ විවාහය සදහා ඇයගෙ දෙමව්පියන් නැවත වරක් අධිකරණයේ පිහිට පතන්නට විය.

එම විවාහය ගැන තරුණයාගේ මතය වුයේ බිරිදගේ ගෙදරින් තමාට මොනවා හරි දී හිත අල්ල ගත් බවත් කාලයක් ගතවන විට අහම්බෙන් උරු මස් කැවුණු විට හොද සිහිය විත් විවාහය එපා වූ බවය්. තමාට වැඩ වයසැති රුපශ්රියද අඩු පළමු ස්වාමියද අතර ගිය ගොළු කාන්තාවක හා විවාහ වීම කිසි දිනක තම අපේක්ෂා නොකළ බවය්

පසු වදන

ගැහැනියක් පිරිමියෙක් හා එකට ජීවත්වීම මානුෂිය අය්තියකි. එහෙත් එම අය්තිය කාලීනව තහවරු වනුයේ විවාහයක් ලෙස ලියාපදිංචි වීමෙනි. එම නිත්යානුකුල අය්තිය ලබා ගත යුත්තේ තම ආත්මාර්ථය සදහා නොව තවෙකෙකුට මනුශියව සාපේක්ෂ වීමෙනි. එක පාර්ශවයක් පිඩාවට පත් කරමින් ස්වර්තයට කටයුතු කිරීම මානුෂිය අයතීන් උල්ලංගනය කිරීමක් බව තව දුරටත් නොසිතන්නේ මන්ද?

විවාහයක් සදහා ද්විපාර්ශවිය ගැලපීම බහිරව සපුරාලීම අත්යවශ්ය වන්නේ විවාහයක් බිද වැටීම අවම කරන්නට මිස මානුෂිය හැගීම් පාලනය කරන්නට නොවේ. දෙමව්පියන් තම විශේෂ තත්වයේ වූ මෙවැනි දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. තම වගකීමෙන් නිදහස්වීම සදහා කවරෙකුගේ හෝ භාරකාරත්වයට තම දරුවා පත් කිරීම මගින් වඩාත් අසරණ වන්නේ තම දරුවම බව සිහි තබා ගත යුතුය.
අදෘශ්යමාන බලවේග විවාහයක් සදහා යොමු කිරීම හා බිද වැටීම අතර සහ සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ කෙළෙසින්ද සිතාගත නොහැක.

21 වන සියවසේ ජිවත් වන්නන් ලෙස තම තීරණ ගැනීමේ වගකීම තමාට මිස වෙනත් බලවේග මත පැටවීම හාස්යජනකය. තම ආත්මාර්ථකාමී අරමුණු ඉටු නොවුණු කල සියලු දේ සදහා දෙවියන් හා භූතයින් චුදිතයන් කිරීමෙන් විවාහයකදී අද වන විට . දීලා අල්ල ගැනීමේ කලාව . බවට පත්ව ඇත්තේ තම හර්ද සාක්ෂියෙන් ගැලවිමටද සිත ගත නොහැක.

නීතියේ ආධිපත්ය තහවුරු කිරීම සදහා අදෘශ්යමාන බලවේග හෝ වෙනත් සංවේදීතාවයන් අදාල වන්නේ නැත . අවශ්ය වන්නේ යමක් සිදුවීම පිළිබද මුල මැද අග සම්බන්ධතාවය පමණි. ශ්රීලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව නිතිය සියල්ල විසදනු ඇත. එහෙත් ඇයගේ අසරනබාවය සමාජ ප්රශ්නයක් ලෙස තව දුරටත් ඉතිරිවිය. මේ වන විටත් ඇය දැඩි මානසික අර්බුදයකට ලක්ව ඇති සැටියක් පෙන්නුම් කරන්නේ කිසිවක් පලකල නොහැකි මුවින් බලාගත් අත බල සිටීම පුරුද්දක් කරගෙන සිටින නිසාය.

Tell a Friend